Prasad Siriwardana
Prasad Siriwardana
February 1, 2025 at 07:57 AM
*මාදිවෙල මන්ත්‍රී නිල නිවාසත් තක්සේරු කර අදට ගැළපෙන කුලියක් රජයට ගන්න – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන!* මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවස තක්සේරු කළ ආකාරයට මාදිවෙල තිබෙන මන්ත්‍රී නිල නිවාසත් නිවැරැදි ලෙස තක්සේරු කොට එම නිවාසවල කුලිය කොපමණදැයි සොයා බලා ඒවාටත් දැනට ගැළපෙන කුළියක් අය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මෙසේද කීය. මන්ත්‍රී නිල නිවාස වෙනුවෙන් රජය වියදම් කරන ප්‍රමාණය ඉතා සුළු මුදලක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවස තක්සේරු කළ ආකාරයට මාදිවෙල තිබෙන මන්ත්‍රී නිල නිවාසත් නිවැරදි තක්සේරු කොට, මන්ත්‍රී නිවාස වල කුලිය කොපමණදැයි සොයා බලා ඒ සඳහා ගැලපෙන කුලියක් අයකරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මාදිවෙල මන්ත්‍රී නිවාස ආසන්නයේ තිබෙන නිවාසවල සාමාන්‍ය කුලිය එක් ලක්ෂ විසි පන්දහසක් පමණ වනවා. මෙවැනි මුදලක් මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිටින මන්ත්‍රීවරුන්ගෙන් අය කළ යුතුයි. ජාතික ජන බලවේගය මහජනතාව කෙරෙහි ඇති කරපු බලාපොරොත්තුව එයයි. මහජනතාව තුළ මෙවැනි බලාපොරොත්තු ඇති කරලා බලයට පැමිණි ජාතික ජන බලවේගයට හැකියාව තිබෙනවා මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී නිල නිවාසවල තක්සේරුව හරි ආකාරව ගණනය කොට නියමිත කුලිය අය කිරීමේ වගකීම රජයට තිබෙනවා. [අකිත පෙරේරා | දිවයින පුවත්පත] ප්‍රසාද් ගැන අප්ඩෙට් එකේ ඉන්න එකතුවෙන්න 💚💛👇🇱🇰 https://whatsapp.com/channel/0029VasYFbz0AgWJdbJkx70w පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන 🇱🇰 | #progressforall #prasadsiriwardana #sjbsrilanka #sjbmirigama #sjbgampaha #samagijanabalawegaya #samagijanasandanaya
❤️ 👍 8

Comments