Prasad Siriwardana
Prasad Siriwardana
February 26, 2025 at 06:15 AM
විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් මාව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මීරිගම ආසන සංවිධායක ලෙස නැවත පත් කිරීම මට ලැබුණු මහත් ගෞරවයක් ලෙස මම සලකනවා. මේ වගේ වගකීමක් මට ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මේක මගේ දේශපාලන ගමනේ ලොකු පියවරක් විතරක් නෙවෙයි, මගේ ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්. මේ වගකීම භාරගත්ත මම, ජනතාව වෙනුවෙන් අවංකව කැපවීමෙන් වැඩ කරන්න මම 100% කැපවෙනවා කියලා මේ මොහොතේ මම පොරොන්දු වෙනවා. මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීලා, ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා, ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවීමයි. මම මේ ආසනයේ ජනතාවගේ හඬ වෙන්න, ඒ අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී වැඩ කරන්න මම සූදානම්. සමගි ජන බලවේගය තව තවත් ශක්තිමත් කරන්න මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් උපරිමය මම කරනවා කියලත් මම මේ වෙලාවේ ප්‍රතිඥා දෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල ජනතාව අතරට ගෙනියන්න, ඒ අයගේ සහයෝගය ලබාගන්න මම කටයුතු කරනවා. මීරිගම ආසනයේ සංවිධායක ලෙස මගේ නායකත්වය යටතේ මේ ආසනය තුළ අපේ පක්ෂයේ සාමාජිකයින් අතර සහයෝගීතාවය, කැපවීම හා එකමුතුකම ගොඩනැගීම සඳහා මම කටයුතු කරනවා. ජනතාවගේ විශ්වාසය දිනාගන්න, ඔවුන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කරන්න අපි එකට වැඩ කරන්න අවශ්‍යයි. මේ ලැබුණු අවස්ථාව ගැන මම නැවත වතාවක් මගේ ගෞරවය පළ කරන අතරම, ඉදිරි දේශපාලන ගමනේදී ජනතාව වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න මම සූදානම් බව නැවත වතාවක් ප්‍රකාශ කර සිටිනවා. மிரிகமத் தொகுதிக்கான சமகி ஜன பலவேகயாவின் அமைப்பாளராக கௌரவ எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச அவர்களால் நியமிக்கப்பட்டதில் பெருமையும் மகிழ்ச்சியும் அடைகிறேன். மக்களுக்கு அர்ப்பணிப்புடன் பணியாற்றவும் எங்கள் இயக்கத்தை வலுப்படுத்தவும் நான் உறுதிபூண்டுள்ளேன். Honored to be appointed as the Samagi Jana Balawegaya Organizer for the Mirigama electorate in the Gampaha District by Hon. Opposition Leader Sajith Premadasa. I remain committed to strengthening our movement and serving the people with dedication. Prasad Siriwardana | Member of Parliament 🇱🇰 #progressforall #prasadsiriwardana #sjbsrilanka #sjbmirigama #sjbgampaha #samagijanabalawegaya #samagijanasandanaya Whatsapp Channel: 💚💛👇🇱🇰 https://whatsapp.com/channel/0029VasYFbz0AgWJdbJkx70w
❤️ 👍 🙏 40

Comments