Prasad Siriwardana
Prasad Siriwardana
February 28, 2025 at 05:02 AM
*ජනාධිපති ගැන වෛරය නිර්මාණය කර කවදාවත් රටකට ඉස්සරහට යන්න බැහැ‼️* "ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පිළිබඳ කතා කළොත් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මේ රටේ මහත් ආන්දෝලනාත්මක වැය ශීර්ෂයක්. මේ රටේ බහුතරයක් ජනතාව හිතාගෙන ඉන්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කියල කියන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික වියදම්වලට ගන්නා මුදල් ප්‍රමාණය කියලා. එය වැරැදි කතාවක්. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අඩු වීම මැජික් එකක් නෙමෙයි. එතුමාගේ ආයතන ප්‍රමාණය අඩුවන විට වියදම් ප්‍රමාණය අඩුවනවා. ජනාධිපතිවරයකුට යම් පෞද්ගලික වියදම් ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒකට අපි විරුද්ධ නැහැ. ජනාධිපතිවරයකුට අනිවාර්යයෙන්ම පහසුකම් තිබිය යුතුයි. ශාරීරික මානසික පහසුකම තියෙන්න ඕනේ. ජනාධිපතිවරයාගේ එක විනාඩියක් අපේ එක විනාඩියකට සමාන වන්නේ නැහැ. ජනාධිපතිවරයා ගනු ලබන තීරණයක් රටේ සමස්ත ක්‍රියාවලියම සම්පූර්ණයෙන් තීරණය කරන ක්‍රියාවලියක් බවට පත් කරන්නට පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරයාගේ සුවපහසුව මානසික හා ශාරීරික සුවපහසුව අත්‍යවශ්‍යයි. ජනාධිපති තනතුර දරන පුද්ගලයා කෙරෙහි වෛරය නිර්මාණය කර කවදාවත් රටකට ඉස්සරයට යන්න බැහැ. ඒ නිසා වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම හෙලිකොප්ටර් භාවිත කළ යුතුයි. ජනාධිපතිවරයා කාලය ඉතිරිකර ගත යුතුයි. ජනාධිපතිවරයාගේ පෞද්ගලික වියදම් පිළිබඳව විපක්ෂයක් ලෙස අපි විවේචනාත්මකව වෛරී අදහස් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නැහැ. ඒ වෙනුවට මෛත්‍රි සහගතව ජනාධිපතිවරයාගෙන් ලබාගත හැකි ඉහළම කාර්යක්ෂම සේවය ලබා ගන්නට හැකි ආකාරයක සහයෝගයක් ලබාදිය යුතුයි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුළේ මාසයකට දෙකෝටි විසිපන් ලක්ෂයක් වියදම් වුණත් එක පුරවැසියෙක්ගෙන් යන්නේ රුපියලයි. ඒ නිසා ජනාධිපතිවරයා පිළිබඳවත් අපි ඕනෑවටත් වඩා සැලකිලිමත් වනවා. හේතුව ඒ තනතුර ඇතුළේ ඉන්න පුද්ගලයා ගනු ලබන තීරණ රටේ අනාගතය කවර දිශාවකට යනවාද කියන දේ තීරණය වනවා. ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය. අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය. ඒකත් වැඩිවෙලා. ආණ්ඩුවේ වචනවලින් කියනවා නම් අග්‍රාමාත්‍යතුමිය ජනාධිපතිවරයා තරම් අරපිරිමැස්මෙන් කටයුතු කරන් නැහැ. අපි එහෙම කියන් නැහැ. අපි කියන්නේ ඔබේ වචනවලින්. නමුත් අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන ඇමැතිවරිය විදිහට දේශපාලනයට පැමිණෙන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරනවා කියලායි. නමුත් අය-වැය වාර්තාවේ අධ්‍යාපනයට වෙන් කරල තිබෙන්නේ 1%ක වගේ ප්‍රමාණයක්. අන්න එතැනයි ප්‍රශ්නය." උපුටා ගැනීම: අද (28) මව්බිම පුවත්පත. අප්ඩෙට් එකේ ඉන්න එකතුවෙන්න 💚💛👇🇱🇰 https://whatsapp.com/channel/0029VasYFbz0AgWJdbJkx70w පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන 🇱🇰 | #progressforall #prasadsiriwardana #sjbsrilanka #sjbmirigama #sjbgampaha #samagijanabalawegaya #samagijanasandanaya
❤️ 👍 🥳 17

Comments