
Prasad Siriwardana
March 1, 2025 at 05:05 AM
*විවෘත හා නිදහස් මාධ්‍ය සංස්කෘතියකට කැප වෙනවා‼️*
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇති අතර ඊට අදාළ පත්වීමේ ලිපිය පෙරේදා (27 දා) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඒ මහතා වෙත ලබාදී තිබේ.
ඒ විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතිනි. මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද සහභාගි වී තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා පසුගිය මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා විද්‍යාවේදී උපාධියක් ලබා තිබේ. වෘත්තියෙන් උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයකු වන එතුමා මේ වනවිට සමගි ජන බලවේගයේ මීරිගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරමින් සිටියි.
ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘශ්‍යතාවය හා ජනතා බලය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ මතය නිවැරදිව ඉදිරිපත් කිරීමටත් ජනතාවගේ ගැටලුවලට නිසි පිළිතුරු ලබාදීමටත්, විවෘත හා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීමටත් කැප වී කටයුතු කරන බව ඒ මහතා පත්වීම ලබාගැනීමෙන් පසු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම: අද (01) දිවයින පුවත්පත.
අප්ඩෙට් එකේ ඉන්න එකතුවෙන්න 💚💛👇🇱🇰
https://whatsapp.com/channel/0029VasYFbz0AgWJdbJkx70w
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන 🇱🇰 | #progressforall #prasadsiriwardana #sjbsrilanka #sjbmirigama #sjbgampaha #samagijanabalawegaya #samagijanasandanaya
❤️
👍
8