Info Sri Lanka
Info Sri Lanka
February 3, 2025 at 06:19 AM
*මාලිමාවට එරෙහි ප්‍රතිගාමීන් පරදමු: වාසුගෙන් මාලිමාව සුරැකීමේ වමේ පොදු පවුරක්‼️* ජනතාව විසින් ගොඩනගාගන්නා ලද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව රැක ගැනීම සඳහා වාමාංශික පොදු පවුරක් සැකසිය යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර සඳහන් කරයි. ඔහු අවධාරණය කරන්නේ වත්මන් ආණ්ඩුව බිඳ දැමීම සඳහා විවිධ ප්‍රතිගාමී කණ්ඩායම් ගොඩනැගෙමින් සිටින බවත් ඊට එරෙහිව, ආසියාවේ බිහිවූ ශක්තිමත්ම ජනතාව ආණ්ඩුව වන වත්මන් ආණ්ඩුව රැක ගත යුතු බවය. ජනාධිපතිවරණයට පෙර තමන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් සතුටුවන බව දන්වමින් තමන් වෙත එවකට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් ලිඛිතව දන්වා ඇති බවත් ඔහු සඳහන් කරයි. ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරනගෙන යන ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටෙන් බලා සිටින බවද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සඳහන් කරයි. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments