Info Sri Lanka
Info Sri Lanka
February 6, 2025 at 05:11 AM
*වසන්ත දිනුම්! - නාමල්ට වැඩ වරදී: කොළඹ මහාධිකරණයෙන් සිතාසි‼️* ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළව විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා පෙබරවාරි 18 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් ඔහුට සිතාසි නිකුත් කර ඇත. නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රගර් තරගාවලියක් සදහා රුපියල් මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකිරීම සම්බන්ධයෙනි. නීතිපති විසින් මෙම නඩුව පවරා ඇත්තේ, දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ විසින් 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනවලින් අනතුරුවය. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments