
Info Sri Lanka
February 6, 2025 at 07:22 PM
*පාස්පෝට් වංචාව ගැන ආණ්ඩුවේ කටේ පිට්ටු: ආණ්ඩුවට දෙහි කපා ශිරාල් CIDයට!*
https://youtu.be/sscag8MBVAM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ නීතිඥ ශිරාල් ලක්තිලක ඊයේ (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. 2015 සිට 2020 දක්වා කාලය තුළ ජනාධිපති මාධ්‍ය අංශය සඳහා මිලදී ගත් භාණ්ඩ අස්ථානගත වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව කැඳවා තිබේ.
නීතිඥ ලක්තිලක මාධ්‍ය වෙත පවසා ඇත්තේ, භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ රාජ්‍ය නිලධාරීන් වන අතර, ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ තමා වෙත එම වගකීම් පැවරී නොතිබූ බවයි. කෙසේ වෙතත්, පුරවැසියෙකු ලෙස මෙවැනි විමර්ශන කටයුත්තකට කැඳවීමක් කළහොත්, නීතිය හා පාලනයට සහය දීමේ අරමුණින් එම කැඳවීම්වලට සහභාගී වීම තම වගකීමක් ලෙස සලකන බව ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, මෑත කාලයේ සිදුවූ දැවැන්ත වංචා සහ මූල්‍ය අක්‍රමිකතා ක්‍රියාවලීන් පිළිබඳව ආණ්ඩුව උනන්දුවක් නොදක්වන බවයි. මෑතකදී වාර්තා වූ වීසා වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් බලධාරීන් තවමත් නිහඬතාවයක පසුවන බවත්, එවන් දැවැන්ත වංචා සහගත සිදුවීම් නොසලකා හැර, ජනාධිපතිවරුන් තිදෙනෙකුට පෙර සිදුවූ සිදුවීමක් පිළිබඳව පරීක්ෂණ සඳහා කාලය හා මූල්‍ය සම්පත් වැය කිරීම ජනතාවට ප්‍රශ්නකාරී බවත් ඔහු පෙන්වා දී තිබේ.
පුවත් දැන ගන්න එකතු වෙන්න >>>>
WhatsApp: https://bit.ly/4cJ0Ivk
#lka #news #srilanka #infosrilankanews #infosrilankalk