
Info Sri Lanka
February 6, 2025 at 07:28 PM
*අළුත් කලාවක්: වෙනස් මානයක කලා අත්දැකීමක් බලන්න ශ්‍රීපාලියේ PARADOX 2025 එකට එන්න.*
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලී මණ්ඩපයේ සිව්වන වසර දෘශ්‍ය කලාව හා සැලසුම්කරණ විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන PARADOX 2025 නම් වූ කලා ප්‍රදර්ශණය, ශ්‍රීපාලි මණ්ඩපයේ නව කලාගාරයේදී පෙබරවාරි 13 වන දින සිට 15 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම කලා ප්‍රදර්ශනය පෙබරවාරි 13 වන දින සවස 4 ට ආරම්භ වන අතර, 14 සහ 15 යන දින දෙකේදී උදේ 9 සිට සවස 6 දක්වා පැවැත්වේ. දෘශ්‍ය කලාව හා සැලසුම්කරණය හදාරන විද්‍යාර්ථීන් 24 දෙනෙකුගේ සමකාලීන කලා නිර්මාණ එකතුවකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ මණ්ඩපාධිපති නීතීඥ ප්‍රතීභා මහනාමහේවා මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.
විවිධ මාධ්‍යයන් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද සමකාලීන කලා නිර්මාණ රැසක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ. PARADOX 2025 තුළින් ප්‍රතිවිරෝධී සංකල්ප, සංකීර්ණ හැඟීම් සහ විකල්ප දෘෂ්ටිකෝණ පිළිබඳව විවේචනාත්මකව සිතීමට ප්‍රේක්ෂකයින් දිරිමත් කෙරේ. එහිදී ඔවුන්ට නිර්මාණ පිළිබඳව තමන්ගේම අදහස් ගොඩනගා ගැනීමටත්, නිර්මාණකරුවන් සමඟ සංවාදයේ යෙදීමටත් අවස්ථාව සැලසේ.
මෙම කලා ප්‍රදර්ශනය නැරඹීමට සියලුම කලා ලෝලීන්ට මෙන්ම කලාව පිළිබඳව උනන්දුවක් ඇති සැමට ආරාධනා කෙරේ. එය නව පරපුරේ තරුණ කලාකරුවන්ගේ නිර්මාණ දැක බලා ගැනීමටත්, ඔවුන්ගේ දක්ෂතා අගය කිරීමටත්, ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමටත් හොඳ අවස්ථාවක් වනු ඇත.
මෙම ප්‍රදර්ශනය තුළින් ලැබෙන ප්‍රතිචාර සහ යෝජනා, ඉදිරියේදී ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ දියුණුවට දායක වනු ඇතැයි විශ්වාස කෙරේ.
පුවත් දැන ගන්න එකතු වෙන්න >>>>
WhatsApp: https://bit.ly/4cJ0Ivk
#lka #news #srilanka #infosrilankanews #infosrilankalk