Info Sri Lanka
Info Sri Lanka
February 8, 2025 at 06:55 PM
*අනුර (දෙමළ), සීතාට (මඩ) ගහලා! - ජනාධිපති මාධ්‍ය අංශය රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා? ‼️* ජනාධිපති අනුර දිසානායක මහතාගේ නිල සමාජ ජාල ගිණුමක (දෙමළ) නොගැලපෙන සටහනක් පළ වී ඇති බවට සමාජ ජාල වාර්තා පවසයි. හිටපු ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය අරගල සමයේ සිදු කළ හානි වෙනුවෙන් වන්දි ලබා ගත් බවට සඳහන් කර අපහාසාත්මක ලෙස එම සටහන, පළ කර ඉතා කෙටි වේලාවකින් ඉවත් කර ඇත. ජනාධිපතිවරයාගේ සමාජ ජාල ගිණුම් කළමනාකරණය කරන ක්‍රියාකාරීන් විසින් අත්වැරදීමකින් මෙම සටහන පළ කරන්නට ඇති බව වාර්තා වල සඳහන් වේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෙම ක්‍රියාව ඔහු ප්‍රකාශ කළ සදාචාර දේශපාලනයට පටහැනි බව බොහෝ දෙනාගේ මතය වන අතරම තම දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගැසීම සහ ඔවුන් අපකීර්තියට පත් කිරීම සඳහා ඔහු සිය බලය සහ ජනාධිපති මාධ්‍ය අංශය සතු රාජ්‍ය සම්පත් භාවිතා කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්න කර තිබේ. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments