Info Sri Lanka
Info Sri Lanka
February 8, 2025 at 07:26 PM
*නීතිපති ගැන සමාජ මාධ්‍ය බොරුත් කියනවා! - නීතිපති ඉවත් කිරීමේ තීන්දුවක් නෑ, අධිකරණ ඇමති නීතිපති රකින්න පෙරට‼️* අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ රජය විසින් නීතිපතිවරයා ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නොමැති බවයි. තමා තනිව හෝ කැබිනට් මණ්ඩලය එක්ව හෝ එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත්, නීතිපතිවරයාට මේ වන විට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කල්පනා කොට ඔහුගේ කැමැත්ත අනුව මහජන ප්‍රකාශයක් නිකුත් කළ හොත් එම චෝදනාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව රටේ පුරවැසියන් දැන ගනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. “නීතිපති ඉවත් කරන්න කැබිනට් තීන්දුවක් ආණ්ඩුව මේ දක්වා අරන් නෑ. මම තීන්දු කරලත් නෑ. මම තනියෙන් තීන්දු කරන්නෙත් නැහැනේ. අපි බලමු නීතිපති අප්‍රසාදයට පත් වෙන්න හේතු මොනවද කියලා. හේතුව තමයි දැන් ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍යවල තොරතුරු වැටෙනවා. මුලින්ම කියන්න ඕනෑ අපි භාෂණ නිදහසට ගරු කරනවා. නමුත් ඒ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ කතාව තමයි එළියට දාන්නේ. නමුත් එක තව පැත්තක් තියෙනවා.” යනුවෙන් පිහිටි තත්ත්වය පැහැදිලි කළ අමාත්‍යවරයා, නීතිපතිවරයාගේ පැත්ත එළියට නොපැමිණීමට හේතුව වසර 200ක පමණ කාලයක් පුරා පවතින නීතිපති සම්ප්‍රදාය බව පෙන්වා දී තිබේ. එනම් නීතිපතිවරයා මහජන ප්‍රකාශ නිකුත් නොකිරීම හා දේශපාලනයෙන් ඈත්වීම යන කරුණු දෙක මෙන්ම පාර්ලිමේන්තුවට පමණක් පිළිතුරු සැපයීම යන සම්ප්‍රදාය මෙයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පවසයි. නීතිපතිවරයාට විරුද්ධව විවිධ කතා පැතිර යන මොහොතක, ඒ සම්බන්ධයෙන් ඔහු මහජන ප්‍රකාශයක් කළා නම් රටේ පුරවැසියන්ට දෙපැත්තම සලකා බලා නිගමනයකට එළඹීමට හැකි වනු ඇතැයි අධිකරණ අමාත්‍යවරයා අදහස් දක්වයි. සමාජ මාධ්‍ය තුළ පළ වන සියලු තොරතුරු සත්‍ය නොවන බව පිළිගන්නා අමාත්‍යවරයා, නීතිපතිවරයා තම කැමැත්ත අනුව මහජන ප්‍රකාශ නිකුත් කළ හොත්, ඒ තුළින් පුරවැසියන්ට කතාවේ දෙපැත්තම දැන ගැනීමට හැකි වනු ඇති බවට අවධාරණය කරයි. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments