Info Sri Lanka
Info Sri Lanka
February 9, 2025 at 10:36 AM
*ආණ්ඩුවේ මැදට වඳුරෝ පැනලා! - පොල් කෑ වඳුරන් ලංකාවට ම ලයිට් කපලා‼️* පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීම හේතුවෙන් රට පුරා විදුලිය බිඳ වැටී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය බිඳ වැටීමට මෙය හේතු වූ බව අමාත්‍යවරයා පැහැදි කළේය. කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍යාංශය විසින් මෙම සිදුවීම 'පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්' ලෙස පමණක් හඳුන්වයි. විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදු කර නොමැත. පද්ධතියේ සමතුලිතතාව බිඳ වැටීම විදුලි බිඳ වැටීමට හේතු වී ඇති බව බල ශක්තිය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පැවසීය. මේ අතර දිවයින පුරා අද (09) උදෑසන බිඳ වැටුණු විදුලි සැපයුම මේ වන විට ප්‍රදේශ කිහිපයක යථා තත්ත්වයට පත් කර තිබේ. ඒ අනුව කොළඹ, කළුතර, මතුගම, කොළොන්නාව, කැලණිය, පන්නිපිටිය, කටුනායක සහ තවත් ප්‍රදේශ කිහිපයකට විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ. පසුගිය සමයේ පොල් මිල ඉහළ යාමට හේතුව ලෙස ආණ්ඩුව ප්‍රකාශ කලේ වඳුරන් සහ රිලවුන් බවත් ඒ නිසා බොයිලර් නතර කරා නම් රිළා, වඳුරු මොණර ප්‍රශ්නය විසඳෙනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා මිට පෙර සඳහන් කළේය. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments