Info Sri Lanka
Info Sri Lanka
February 9, 2025 at 10:49 AM
*අනුර තුන්වෙනි ගමන යයි: ජනපති හෙට දිවයිනෙන් බැහැරව එක්සත් අරාබියට යයි‼️* ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව, හෙට (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව යනු ඇත. මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිත අතර, ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. ජනාධිපති අනුර දිසානායක මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා හමුවීමට ද නියමිතය. තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්තිය, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හෙට (10) ආරම්භ වී 13 වන දින දක්වා පැවැත්වේ. මේ ජනාධිපතිවරයාගේ තෙවෙනි විදෙස් සංචාරයයි. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments