Info Sri Lanka
Info Sri Lanka
February 9, 2025 at 12:07 PM
*අනුර බුදිද? : ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය තවම නැහැ.‼️* ලිට්‍රෝ සමාගම පවසන පරිදි, පෙබරවාරි මාසය සඳහා ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ අනුමැතිය මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ලැබී නොමැත. ගෑස් මිල සංශෝධනය සඳහා වන නිර්දේශ මෙම මස මුල් සතියේ මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ගණන් අනුව මාසිකව මෙරට ගෑස් මිල සංශෝධනය කෙරෙන අතර, සෑම මසකම 4 වන දින එම සංශෝධිත මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. මුදල් අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේයි. මේ අතර, පෙබරවාරි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ප්‍රකාශ කළේය. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments