Info Sri Lanka
Info Sri Lanka
February 14, 2025 at 06:40 AM
*පාර්ලිමේන්තු ගමනින් මරණයක්: මාලිමා මන්ත‍්‍රී ෆයිසාල්ගේ රථයේ හැපී අයෙක් මරුට‼️* කොස්වත්ත පොලිස් වසමේ B 419 ප්‍රධාන මාර්ගයේ හාල්දඬුවන ප්‍රදේශයේදී අද අලුයම මාදම්පේ සිට තෝප්පුව දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇත. යතුරුපැදිකරු බරපතල තුවාල ලබා දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. මියගිය පුද්ගලයා වයස අවුරුදු 65 ක් වූ පතහවත්ත, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථය පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා අද පාර්ලිමේන්තු සැසි වාරය සඳහා සහභාගී වීමට ගමන් කරමින් සිට ඇත. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම අනතුර සිදුව ඇත්තේ කාර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බවයි. මියගිය පුද්ගලයාගේ දේහය දංකොටුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වාහනය පදවා ඇත්තේ මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. කොස්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments