Info Sri Lanka
Info Sri Lanka
February 19, 2025 at 04:12 AM
*හිටපු ඇමති ටිරාන් මරා දැමිමේ කුමන්ත්‍රණයක්: තර්ජන නිසා මාලිමා ආණ්ඩුවෙන් යුක්තියේ ටිරාන්ට STF ආරක්ෂාව‼️* ජීවිත තර්ජන ඇති බවට හඳුනාගත් මහජන නියෝජිතයින් සහ වෙනත් පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් හෝ විශේෂ ආරක්ෂාවක් ලබා දීම සිදුකෙරේ. එහිදී, අදාළ පුද්ගලයාට ආරක්ෂාව සැලසිය යුතු ද? යන්න පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇති වෙමින් තිබෙන කාලපරිච්ඡේදයක පසුගිය දා තවත් හිටපු අමාත්‍යවරයෙකුට දී ඇති ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි. පසුගිය අඟහරුවාදා (පෙබ: 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට දී ඇති ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි. එහිදී, මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසුවේ, "ඔබතුමාලාටවත් නැති එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ටිරාන් අලස්ට දී ඇත්තේ, කුමන හේතුවක් මත ද?" යනුවෙනි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ජීවිත තර්ජන ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් සඳහා ආරක්ෂාව ලබා දෙන බව ය. ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 19 දෙනෙකු යොදවා තිබු අතර ඔහුට වෙඩි නොවදින නිල වාහනයක්ද ලබාදී තිබිණ. කෙසේවුවද වත්මන් ආණ්ඩුවට බලයට පත්වූ පසු ටිරාන් අලස් වෙත ලබාදී තිබු වෙඩි නොවදින නිල රථය යලි පවරා ගනු ලැබිය. "ටිරාන් අලස් ඇමති ධූරය දරන කාලයේ ඉඳලා ම ආරක්ෂාව දීලා තිබුණා. ඒ කාලේ පාතාල සාමාජිකයින්ගෙන් එහෙම තර්ජන තිබුණා. ඒ නිසා ඉහළින් ලැබුණු උපදෙස් මත තමයි ආරක්ෂාව දීලා තියෙන්නේ," ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරීවරයෙකු බීබීසී සිංහල සේවයට පවසා තිබේ. තමන්ට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී ඇතැයි 2023 මැයි 22 වන දා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. "දැන් මගේ ආරක්ෂාවට ඉන්නේ එස්.ටී.එෆ්. එකේ හය දෙනෙක් විතරයි. මේ ආණ්ඩුව ආවට පස්සේ ආරක්ෂකයින් ගණන 6කට අඩු කළා. මට විතරක් නෙවෙයි මගේ ගෙදර අනික් සාමාජිකයින්ටත් ආරක්ෂාව දෙන්න කියලා බුද්ධි අංශ වාර්තාවලින් අනතුරු අඟවලා තිබුණා," හිටපු අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල සේවයට පවසා ඇත. මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කර ඇත්තේ, ජීවිත තර්ජන සම්බන්ධයෙන් මාස හයකට වරක් සිදු කරන විශ්ලේෂණ හරහා ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයින් කවුරුන් ද යන්න සොයා බලන බව ය. "සමහර අය සම්බන්ධයෙන් ඇසෙස්මන්ට් කරන්න කියල තියෙනවා. ආරක්ෂාව සපයන්න අවශ්‍ය නැති අය ඉන්නවා නම් ඒකෙදි තීරණය කරනවා. මාස හයෙන් හයට ඒ විශ්ලේෂණ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. අනවශ්‍ය අයට දීලා තියෙන ආරක්ෂාව ඔක්කොම අයින් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා," අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි. "ආරක්ෂාව පිළිබඳව තීන්දු කරන්නේ ආරක්ෂක විශේෂඥයෝ. ඔවුන් තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණ කරනවා. යම් කෙනෙක් ඉල්ලීමක් කළොත් ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා අදාළ පියවර ගන්නවා. ඒ වාර්තා අනුව ආරක්ෂාව දිය යුතු ද?, කොපමණ ආරක්ෂාවක් දිය යුතු ද? දීලා තියෙන ආරක්ෂාව වැඩි ද? මදි ද? කියන කාරණා සලකා බලනවා," ඔහු වැඩිදුරටත් පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර ඇත්තේ, ටිරාන් අලස්ගේ ජීවිත තර්ජන සම්බන්ධයෙන් ද යළි සමාලෝචනයක් සිදු කරන බව ය. ටිරාන් අලස් හා ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත පාතාලයෙන් හා මත්කුඩු ජාවාරම්කරුවන් ගෙන් බරපතල ජිවිත අනතුරක් පවතින බව එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහට සහ හිටපු පොලිස්පතිවරයා වෙත රහස්‍ය වාර්තාවක් මගින් දැනුම්දී තිබුනේ රාජ්‍ය බුද්ධි සේවාවන් විසිනි. ඒ අනුව ඔහුගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබිණ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු සිය රාජකාරි කටයුතු ආරම්භ කලේ ම, එවකට ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය හා අරලියගහ මන්දිරය අත්පත් කර ගෙන සිටි තරුණ අරගල කරුවන් එම ස්ථාන වලින් පලවා හරිමිනි. 'අන්තරේ' විරෝධතා කඳුළු ගෑස් හා ජාල ප්‍රහාර මගින් විසුරුවා හරිමිනි. ගාලු මුවදොර 'අරගල භුමියේ' කඳවුරු බැඳගෙන සිටි අරගල කරුවන් ද එම ස්ථානයෙන් පලවා හැරීමට ඔහු කටයුතු කළේය. අනතුරුව ඔහු, රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට 2023 දෙසැම්බර් මස 17 වෙනිදා 'යුක්තිය' නමින් මෙහෙයුමක් ඇරඹිය. එම මෙහෙයුම තුලදී මත්කුඩු වලට ඇබ්බැහිව සිටි තරුණයින් විශාල පිරිසක් පුනරුත්තාපනයට ලක්කිරීමට කටයුතු කල අතර කුඩු ජාවාරමට හා පාතාලයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් රාශියක් නීතියේ රැහැනට අසුකර ගනු ලැබිය. පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් විදේශගතව සිටිමින් මෙරට තුළ එවැනි ක්‍රියාකාරකම් කරන බවට හෙළි වූ තොරතුරු මත, රටින් පලාගොස් සිටි පතල නායකයින් යයි චෝදනා ලද පුද්ගලයින් 46 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබාගැනීමට ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු පෞද්ගලිකව ම මැදිහත්ව තිබිණ. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරටට අත්‍යවශ්‍යව සිටින විදෙස්ගත සැකකරුවන් නැවත ගෙන්වා ගැනීමට රතු වරෙන්තු 46ක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශකව සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව 2024 පෙබරවාරි මාසයේදී බීබීසී සිංහල වෙත පවසා තිබිණ. ඉන්ටර්පෝල් එක හරහා රතු වරෙන්තු ලැබූ අත්‍යවශ්‍ය සැකකරුවන් 46 දෙනා මෙන්න 01- වික්‍රමරත්න නඳුන් චින්තක නොහොත් හරක් කටා Wickramarathna Nadun Chinthaka @ Harak kata 02- සෙල්ලප්පෙරුමගේ සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු Sellapperumage Salindu Malshika Gunarathna @ Kudu salindu 03- සමරරත්න සංජිව කුමාර නොහොත් ගනේමුල්ලේ සංජිව Samararathne Sanjeewa Kumara @ Ganemulla Sanjewa 04- දොඩන්ගොඩ ලියනගේ ශාන් අශොෂ් ජයසිංහ නොහොත් මතුගම ශාන් Dodangoda Liyanage Shan Arosh Jayasinghe @ Mathugama Shan 05- කපුරු බණ්ඩාරගේ දොන් නිපුන චමිත් උදයංග නොහොත් ඩුබායි නඳුන් Kapuru Bandarage Don Nipuna Chamith Udayanga @ Dubai Nipuna 06- පොන්නප්පෙරුම ආරච්චිගේ දොන් ධනුෂ් බුද්ධික නොහොත් ජිලා Ponnaperuma Arachchige Don Dhanush Buddika @ Jile 07- සෝබන හැන්දි ජයලත් සිල්වා නොහොත් කරන්දෙණියේ සුදා Sobana Handi Jayalath Silva @ Karandeniye Sudda 08- කොඩිතුවක්කු මුදලිගේ තමජ් කචින්ත Kodithuwakku Mudalige Tamaj Kachintha 09- ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සරණේ Gamage Saranga Pradeep @ Welle Saranga 10- කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නොහොත් ලලියා Kannangarage Lalith Kannangara @ Laliya 11- පොතුපිටිය කන්නන්ගර ප්‍රෂත් දිනුක නොහොත් ලහිරු Pothupitiya Kankanamge Prasheeth Dinuka @ Lahiru 12- ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් Jayasekara Vithanage Ruwan Chamara @ Midigama Ruwan 13- හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා Hapuarachchige Don Pium Hasthika @ Piuma 14- අදිකාරම මුදියන්සේලාගේ රමේෂ් නොහොත් මන්න රමේෂ් Adikarama Mudiyanselage Ramesh Priyajanaka @ Manna Ramesh 15- කොරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා Koralagamage Mandinu Pathmasiri Perera 16- පරණ හේවගේ නිලංකා සම්පත් සිල්වා Parana Hewage Nilanka Sampath Silva 17- කළුදුර දිනේශ ශ්‍රීයාමන්ත ද සිල්වා නොහොත් බායි Kaludura Dinesh Shayamantha de Silva @ Babi 18- රාජපක්ෂ පතිරණගේ ප්‍රභාත් මධුශංක නොහොත මිදිගම චුටි Rajapaksha Pathiranage Prabhath Madhusanka @ Midigama Chuty 19- අබේරත්න සිරිවර්ධන ශක්ති ලක්රුක Abeyrathna Siriwardana Shakthi Lakruka 20- වන්නකවත්ත වත්තේ වඩුගේ අසිත චන්දික ප්‍රනාන්දු Wannaka Watta Waduge Asitha Chandika Fernando 21- රන්දොඹගේ චරිත් සංගකැලුම් නොහොත් රන් මල්ලි Randombage Charith Sandakelum @ Ran Malli 22-අබේරත්න සිරිවර්ධන ශක්ති ලක්රුක Abeyrathna Siriwardana Shakthi Lakruka 23- ජාකොදිගේ තනුජා සම්පත් නොහොත් හඳයා Jakodige Thanuja Sampath @ Hadaya 24- විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිනේෂ් Vithanage Don Gethmal Binoi Dilshan 25- වෙවලගේ චම්පික ප්‍රසන්න කුමාර Wewalage Champika Prasanna Kumara 26- කන්කානම්ගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් චතු Kankanamlage Dimuthu Chaturanga Perera @ Chathu 27- නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස් Nanayakkara Agarage Nishantha Saman Kumara Dias 28- මහගමගේ දිනේශ ප්‍රියංකර නොහොත් ජයසේකර චුටි Mahagamage Dinesh Priyankara @ Jayasekara Chuty 29- රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා Ranmuni Mahesh Hemantha Silva 30- යමන් සපුගේ මනෝජ් මුතුකුමාර ප්‍රියදර්ශන නොහොත් MMK නොහොත් කයිවාරු මුතු Yaman Sapuge Manoj Muthukumara Priyadarshana @ MMK @ Kaiwaru muthu @ Danuka Amarasingha 31- ලියන ආරච්චිගේ චමින්ද චන්ද්‍රසිරි නොහොත් බෙලි රනා Liyana Arachchige Chaminda Chandrasiri @ BELI RANA 32- කඩුමුල්ලේ ආරච්චිගේ මංජුල ප්‍රසාද් හේමන්ත නොහොත් පට්ට මංජු Kadumulle Arachchige Manjula Prasad Hemantha @ Patta Manju 33- L .සංජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටි Laththuwahandi Sujeewa Ruwan Kumara De Silva @ Loku Pati 34- මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කන්ජිපානි ඉම්රාන් Mohomad Najeem Mohomad Imran @ Kanjipana Imran 35- ලියන ආරච්චිගේ විමල් ශාන්ත නොහොත් උනකුරුවේ ශාන්ත Liyana Arachchige Wimal Shantha @ Unakuruwe Shantha 36- ගල්කැටි දේවගේ සුරාජ් රණවක නොහොත් වලියේ සුරාජ් Galketi Dewage Suraj Ranawaka @ valiye Suraj 37- සේපාල රත්නවක අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල Sepala Rathnayaka Amila Sampath @ Rotuba Amila 38- නඩ කන්දෙගේ උපාලි නොහොත් රොටුඹ උපාලි Nada kandage Upali @ Rotuba UPali 39-කඩන්ගම දෙනියේ ගෙදර ප්‍රදීප් සඳරුවන් නොහොත් චන්දන Kadangama Deniye Gedara Pradeep Sadaruwan @ Chandana 40- පත්ත මෙස්ත්‍රීගේ ශාලින්ත මධුෂාන් නොහොත් කමාන්ඩෝ ශාලින්ත Paththa Mesthrige Shalintha Madushan@ Commando Shalintha 41- රැන්ඩෝෆ් ජූඩ් බාටිස් නොහොත් වනාතේ ජූඩ් Randolf Jude Bates @ Wanathe Jude 42- ඉනාවත්ත ආරච්චිගේ අමිල නුවන් නොහොත් ගොත අසන්ත Inawatta Arachchige Amila Nuwan @ Gotha Asanka 43- වික්‍රමසිංහ ආරච්චිගේ රංග ප්‍රසාද් ගුණසේකර නොහොත් චුට්ටන් Wickramasinghe Arachchige Ranga Prasad Gunasekara @ Chuttan 45- මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර Munipalage Ravidu Sandeepa Gunasekara 46- කළුතරගේ දුමින්ද උදිත කුමාර Kalutharage Duminda Ujitha Kumara එසේම, විදේශ ගතව සිට මෙරට තුළ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කළ අවස්ථා කිහිපයක් ද පසුගිය කාලයේ වාර්තා විය. ඔවුන් මෙසේය.. 1- වික්‍රමරත්න නඳුන් චින්තක නොහොත් හරක් කටා 2- සෙල්ලප්පෙරුමගේ සලිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සලිඳු 3- සමරරත්න සංජිව කුමාර නොහොත් ගනේමුල්ලේ සංජිව 4- ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් 5- හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා 6- අදිකාරම මුදියන්සේලාගේ රමේෂ් නොහොත් මන්න රමේෂ් 7- කළුදුර දිනේශ ශ්‍රීයාමන්ත ද සිල්වා නොහොත් බායි 8- විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිනේෂ් 9- කන්කානම්ගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් චතු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හරක් කටා සහ කුඩු සලිඳු යන දෙදෙනා මැඩගස්කර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ 2023 වසරේදීය. අනතුරුව 2024 පෙබරවාරි මස 15 වෙනිදා කුඩු සලිඳු ගේ ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබිය. මෙසේ විදේශයෙදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු මේවනවිට පැනගොස් ඇත. දැනට ඇති තොරතුරු අනුව පොඩි ලැසී හා කුඩු සලිඳු දෙදෙනාත්, අධිකරණයෙන් ඇප ලබා නිදහස්ව රටින් පැන ගත් කංජිපානි ඉම්රාන්, රොටුඹ අමිල, කරන්දෙණිය රාජු, කරන්දෙණිය සුද්දා මෙන් රටින් පැන ගොස් ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි. මේ අතර මේවනවිට වෙඩි තැබීම් හා ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තිබේ. 2025 වසරේ මේ සති 6 තුලදී පමණක් වෙඩි තැබීම් සිද්ධීන් 16ක් වාර්තා වී ඇති අතර ඝාතන සිද්ධීන් 13 ක් වාර්තා වී ඇත. අද දිනයේ ද මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමක් වාර්තාවේ. එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණි. එම වෙඩිතැබීමෙන් යතුරුදියේ ගමන්කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි. ඒ අතර ඊයේ (18) වාලච්චේන සහ කොටහේන පොලිස් වසමවල සිදුකළ ඝාතන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ටිරාන් අලස් හිටපු අමාත්‍යවරයාගේ ජීවිතාරක්ෂාව සම්බන්ධ කාරණය සාකච්ජාවට ලක්වන්නේ මෙවැනි පසුබිමක් තුලය. STF ආරක්ෂාව ඉවත්කරන ලෙස ආණ්ඩුවට ඇතැම් පාර්ශව විසින් එල්ලවී ඇති බලපෑම් සම්බන්ධයෙන් අපකළ විමසීමකදී අදහස් දැක්වූ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුයේ, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් තමන්ට දිගින් දිගටම තර්ජන එල්ලවෙමින් තිබෙන බවයි. ඇතැම් මාධ්‍යවලට එම සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මුල්‍යමය ආධාර ලැබෙන බවත්, ඒ අනුව තමාගේ ආරක්ෂාව ඉවත්කරලීමට එම මාධ්‍යවලින් දිගින් දිගටම රජයට බලපෑම් කරමින් සිටින බවත් ටිරාන් අලස් පැවසිය. '' මගේ ආරක්ෂාව ඉවත් කරලීමට ඇතැම් සමාජ මාධ්‍ය දරන උත්සාහය පැහැදිලිවම කුමන්ත්‍රණයක්.. මාව ඝාතනයට කිරීමට ඉඩසලසාලමින් ආණ්ඩුව අසීරුතාවයට පත්කරලීම එම කුමන්ත්‍රණ කරුවන්ගේ අපේක්ෂාව වී ඇතැයි ද ටිරාන් අලස් වැඩිදුරටත් පැවසිය. (උපුටා ගැනීම් | BBC සිංහල සේවය) පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments