Info Sri Lanka
Info Sri Lanka
February 26, 2025 at 07:20 AM
*CIDය නාමල් ගන්න සුදානම්? - CID පැමිණි නාමල් ගැන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු සාක්ෂිත් දීලා‼️* ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සදහා අද (25) ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. ඒ අනුව මන්ත‍්‍රිවරයා අද පෙරවරුවේ එහි පැමිණි අතර මේ වන විට ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටී. මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුද සාක්ෂි ලබාදී ඇතැයි ද පැවසේ. කෙසේ නමුත් InfoSriLanka.lk වෙත වාර්තා වන්නේ නාමල් රාජපක්ෂ මහතා අද දින අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ද පවතින බවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුලට යාමට පෙර මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ව මෙලෙස කැඳවීම ප්‍රශ්නයක් නොවන බවයි. “අපි එන තරමටම තමා මේ අයගේ බොරුව වංචාවක් කියන එක සමාජයට තහවුරු වෙන්නේ. යහපාලන ආණ්ඩුවේ දුෂණ විරෝධී කමිටුවේ හිටිය මහත්තයාම තමා මේ ආණ්ඩුවේ පොලීසිය භාර අමාත්‍යවරයා. නිවාඩු දවසක අපිව ගෙනල්ලා කටඋත්තර ගන්න මහන්සිවෙන ආණ්ඩුව නිවාඩු දවසේ කෙසේ වෙතත් උසාවි දවසේ මහන්සි වෙලා ආරක්ෂාව තහවුරු කළොත් හොඳයි” යනුවෙන් මන්ත්‍රීවරයා පවසන ලදී. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය එම විමර්ශනය සිදුකරයි. පුවත් දැන ගන්න එකතු වෙන්න >>>> WhatsApp: https://bit.ly/4cJ0Ivk #lka #news #srilanka #infosrilankanews #infosrilankalk

Comments