Leo Club Of Kolonnawa
Leo Club Of Kolonnawa
February 20, 2025 at 04:49 AM
🪷 *ලියෝ ශ්‍රී පාද වන්දනා 2025* 🪷 ඉතා රමණීය ස්වාභාවික සෞන්දර්යකට උරුමකම් කියන ලංකා මාතාව 🍃♥️තවත් හැඩ කිරීමේ අරමුණින් ලියෝ දිස්ත්‍රික් 306C1 විසින් සංවිධානය කරනු ලබන “ *ලස්සන ශ්‍රී ලංකා* ”🌱♻️ වැඩසටහන විසින් මෙවර 5 වන වරටත් ශ්‍රීපාද වන්දනාව සඳහා සැදැහැසිතින් එක්ව සිටින C1 නඩය සඳහා සම ව්‍යාපෘති දායකත්වය ලබාදීම සම්බන්ධව " *ලස්සන ශ්‍රී ලංකා* " සංවිධාන කමිටුව හට අපගේ ස්තුතිය පුදකර සිටිමු 💛✨. ලියෝ දිස්ත්‍රික් 306C1 විසින් සංවිධානය කරනු ලබන “ලස්සන ශ්‍රී ලංකා” වැඩසටහන, අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලියන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. එහි අරමුණ ත්‍රිකුණාමලය, මහනුවර සහ කොළඹ යන ප්‍රධාන නගර තුනේ මාර්ග අසළ එකතු වන කුණු කසළ අවම කිරීම හා පිරිසිදු, තිරසාර පරිසරයක් ඇති කිරීමයි. මෙම ව්‍යාපෘතිය මඟින් මාර්ග අසළ කසළ 80%කින් අඩු කිරීම, පරිසර සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සහ කසළ කළමනාකරණය සඳහා දිගු කාලීන විසඳුම් ලබාදීම අරමුණු කර ඇත. එයට අමතරව, පුළුල් ජනමාධ්‍ය සහ ප්‍රචාරණ වැඩසටහන් හරහා මහජන අවබෝධය වැඩිදියුණු කිරීමත්, ප්‍රජාවන් කෙරෙහි පිරිසිදු පරිසරයක් රැකීමේ වගකීම වැඩිදියුණු කිරීමත් අපේක්ෂිතය. ස්ථානීය ප්‍රජාවන් හා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන “ලස්සන ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය, ජීවත් වීමට වඩාත් සුදුසු, පිරිසිදු සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අරමුණින් දියුණු වෙමින් ඉදිරියට ගමන් කරයි. #leosofc1 #onebehalf #avleos #kolonnawaleos #wikipurafamily #tmleos #horizonleos #uocleos #leadforachange #forabettertomorrow #leosofsrilankamaldives

Comments