
𝐒𝐔𝐏𝐔𝐍 𝐒𝐈𝐑 - 𝐎𝐅𝐅𝐈𝐂𝐈𝐀𝐋 || 🖤🫀👑️
June 8, 2025 at 10:24 AM
World Ocean Day, celebrated annually on June 8, was officially recognized by the United Nations in 2008 to raise global awareness about the critical importance of the ocean and to promote actions for its protection.The theme for World Ocean Day 2025, “Wonder: Sustaining What Sustains Us,” emphasizes the awe-inspiring nature of the ocean and our shared responsibility to preserve its beauty, diversity, and life-sustaining functions. As a multi-year action theme, it calls for ongoing efforts to protect marine ecosystems and promote sustainable use of ocean resources .
Covering over 70% of the Earth's surface, the ocean is a source of life, producing over half of the planet's oxygen, regulating the climate, and supporting millions of species. It also provides essential resources such as food, medicine, and livelihoods for billions of people worldwide. Despite its importance, the ocean faces numerous threats including overfishing, plastic pollution, ocean acidification, and climate change. Such challenges threaten both marine life and the livelihoods of countless people dependent on ocean resources.
Conservation strategies like marine protected areas, sustainable fisheries management, pollution reduction, and international cooperation are crucial to ensuring a healthy and resilient ocean.
වාර්ෂිකව ජුනි 8 වන දින සමරනු ලබන ලෝක සාගර දිනය, සාගරයේ වැදගත්කම පිළිබඳ ගෝලීය ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ එය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා 2008 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි. මෙම වසරේ ලෝක සාගර දින තේමාව වන "Wonder: Sustaining What Sustains Us," සාගරයේ සුන්දරත්වය සහ එහි ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම අප සියලුදෙනාගේම වගකීමක් බව අවධාරණය කර සිටියි. බහු වාර්ෂික ක්‍රියාකාරී තේමාවක් ලෙස, එය සමුද්‍ර පරිසර පද්ධති ආරක්ෂා කිරීමට සහ සාගර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.
පෘථිවි පෘෂ්ඨයෙන් 70% කට වඩා ආවරණය වන සාගරය ජීවයේ ආරම්භය වන අතර, පෘථිවියේ ඔක්සිජන් වලින් අඩකට වඩා නිපදවන අතර දේශගුණය නියාමනය සහ මිලියන ගණනක් ජිවී විශේෂයන්ගේ පැවැත්මට සහාය වේ. සාගරය ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවකට ආහාර, ඖෂධ සහ ජීවනෝපායන් වැනි අත්‍යවශ්‍ය සම්පත් සපයයි.
නමුත් මේ අමිල සම්පත, අධික ලෙස මසුන් ඇල්ලීම, ප්ලාස්ටික් දූෂණය, සාගර ආම්ලිකකරණය සහ දේශගුණික විපර්යාස ඇතුළු තර්ජන රැසකට වර්තමානය වන විට මුහුණ දෙමින් සිටියි. එය සාගර ජෛව විවිධත්වයට සහ සාගර සම්පත් මත යැපෙන මිලියන ගණනක ජනතාවගේ යහපැවැත්මට තර්ජන රැසක් ඇතිකර තිබේ. සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ, තිරසාර ධීවර කර්මාන්තය,සාගර දූෂණය අවම කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය වැනි සංරක්ෂණ උපාය මාර්ග අපගේ සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.
Face Book උපුටා ගැනීමකි.
