𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
June 8, 2025 at 12:38 AM
*අද ඔයා වෙනුවෙන් දවසක් !! 🌻💖* එක එක වැඩ එක්ක සතියෙ හැමදවසකම අපි ගොඩක් කාර්යබහුල වෙනවා අපි ගැනවත් හිතන්න බැරි තරමටම. හැබැයි කොයි තරම් කාර්‍යබහුල ජීවිතයකදි වුනත් ඔයා ඔයා වෙනුවෙන් දවසක් අනිවාර්යයෙන්ම වෙන් කරන්න ඕනා. සතිය පුරාවටම මේ තරම් මහන්සි වෙන ඔයාව පුංචි වෙලාවක් හරි නිදහසේ තියන්න , ආදරේ දෙන්න , ආදරෙන් බලාගන්න ඔයා වෙනුවෙන් දවසක් ඕනෙමයි. ඉතින් , *"ඔන්න ඒකට අද තමයි හොදම දවස" 😘* අද දවස පුරාවටම ඔයා ආස දේවල් කරන්න , ආදරෙන් කතා කරන්න , ඔයාව සතුටින් තියන්න. ▪️හිනාවෙලා දවස පටන් ගන්න ▪️පොඩි වෙලාවක් අරන් yoga , workouts ටිකක් කරන්න ▪උදෙන්ම හොද වතුර වීදුරුවක් බොන ගමන් කුරුල්ලන්ගෙ සද්දෙ , පරිසරයෙ සුන්දරත්වය විදින්න ▪️වෙනදට හදිස්සියෙන් ගන්න breakfast එක අද නිදහසේ ගන්න ▪️ඔයාගෙ කොන්ඩෙට තෙල් සත්කාරයක් , hair mask එකක් දාන්න ▪️Face එකට Facepack එකක් වගේම body එකට body scrub එකක් කරන්න ▪️දවස පුරාවටම සතුටින් ඉන්න ▪️ඔයා ආසම තැනක ඇවිදින්න යන්න ▪️ආසම කෑමක් රසවිදින්න ▪️ආසම ෆිල්ම් එකක් බලන්න ▪️ඔයා ආදරේ කරන අය එක්ක කාලය ගත කරන්න ▪️ඊලග සතිය plan කරන්න ▪️දවස අවසානයේ ඔයාගෙ මුලු දවසෙම සිද්ධ වුනු දේවල් වලට ස්තූතිවන්ත වෙන්න. *sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ* > කරුනාකර උපුටා ගැනීමේදී කතෲ අයිතිය සුරකින්න 🛑
❤️ 👍 💙 🖤 😍 🤍 🥰 🦋 147

Comments