හදවතින් හදවත ( Love City )💝🌏
May 29, 2025 at 03:11 PM
මතක් කරපන් මගෙ මැණික උඹ
මගේ තුරුලට ආපු දවසේ...
අපි වින්ඳ ඒ සොඳුරු ප්‍රේමය
තාම සුවඳයි පපුව අස්සේ....
රෝස මල වගෙ ගුලි වෙවී ලඟ
එතෙනකොට උඹ මගේ පහසේ...
දැනුන සතුටට වචන නෑ බං
අදටවත් මේ පපුව අස්සේ...❤
එද්දි උඹ මගෙ ලඟට රංකඳ
පුංචි කෙල්ලක් වයස විස්සේ'...
අනේ මං ඔය මූණ ඉම්ඹත්
හිරිවැටිලා උඹ තදින් ගැස්සේ..
පුංචි එකියක් වගේමයි උඹ
දඟ දැම්ම හැටි මගේ අස්සේ...
බිංඳුවත් ඇති උඹට රංකඳ
ගිහින් තෙමෙනවා වහින වැස්සේ...❤
පෝරුවේ හරි හැඩට තියලා
උඹ මැණික මට දුන්නු දවසේ...
දන්නවද උඹෙ අප්පච්චි පන
හොරෙන්මයි ඒ කඳුලු පිස්සේ...
ලඟට ඇවිදින් මට කියනකොට
"පණ වගෙයි මං ඕකී රැක්කේ"....
මං කිවුවෙ මං දෙවනි වෙන්නම්
දූට අප්පච්'චිගෙන් පස්සේ.....❤
තැලිලා පොඩිවෙලා නෑ මැණික උඹ
හැමවෙලේ මගෙ පෙමයි හෙවුවේ...
මදියි කිය කිය හොයනවා උඹ
ආදරේ පපු කුහර අස්සේ....
හිසේ ඉඳ දෙපතුලම දක්වා
විඳිනකොට මං උඹව රහසේ....
අයිස් කැටයක් වගෙයි රංකඳ
උඹ ගැහුනෙ මගෙ පපුව අස්සේ.......❤
දරන්නට බැරි ලොකුම සතුටක්
අරන් ඇවිදින් කනට රහසේ...
උඹ කිවුව හැටි තාම මතකයි
හිතද්දිත් මේ පපුව ගැස්සේ....
""සුදු මහත්තයෝ උඹේ ලේ ටික
දන්නවද මගෙ බඩේ අස්සේ"".....
කියද්දිම මං උඹ වඩාගෙන
තද කරලා රතුවෙන්න ඉම්බේ...❤
-Copied -
❤️
❤
🥺
🥰
👍
🥹
☺️
❤🩹
🌹
💜
131