ONLINE වෙළෙඳසැල 🧚‍♀️🇱🇰
ONLINE වෙළෙඳසැල 🧚‍♀️🇱🇰
June 12, 2025 at 04:35 PM
පෙර කොටස ↓ https://whatsapp.com/channel/0029VagTX9wDuMRXcNL7FQ0g/34143 `02 කොටස` කොහොමහරි chemistry cls එකේ paper බලන්න යන දවස උදා වුණේ ගොඩක් දවසක් ගෙදර හිටපු කම්මැලි කම යන්නත් එක්කම කියලා මන් ගෙදරින් එළියට බහිනකොට.... ඒ දවස් වල cls ගියා වගේ රබර් සෙරෙප්පු දෙක දාගෙන යන්න බැරී නිසා පොඩ්ඩක් වැදගත් විදිහට අදිමු කියලා අපි set එකම කතා වුණා... අයියා උපන් දීනේට ගෙනත් දුන්නු අලුත් සපත්තු දෙකයි ඩෙනිමයි ඇදලා shirt එක යට කරලා කන්නාඩි ය ඉස්සරහට ගිහින් මන් හැඩ බලද්දී අම්මත් ඇවිත් බලාගෙන හිටියා... ගෑනු ළමයෙක් ගේ ලස්සනක් දැකලා අවංකවම සතුටු වෙනවා නම් ඒ තමයි අම්මා.. මට කොන්ඩේ උරහිස ලඟට කොට කරන්න ලොකු වුවමනවක් තිබ්බත් අම්මා ඒකට පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ... අම්මා අකමැති නිසා මමත් ඒ ආසාව අත ඇරලා දැම්මා... " හොඳයි ද...." " හ්ම්ම්ම් ..." අම්මා එහෙම කියලා මගේ දිහා බලාගෙන හිටියේ හරි ආසාවෙන්... " එහෙනම් යන්න... පරක්කු වෙනවා නේ..." අම්මටත් වැදල ගෙදරින් එළියට ආවේ town එකට යන bus එක අල්ලගන්න ඕන නිසා... විදූ town එකට වෙලා ඉන්නම් කියල කිවේ මුල්ම දවස නිසා දෙන්නම පොඩ්ඩක් කලබල වෙලා හිටිය හන්ද... Town එකෙන් බැහැලා institute එක පැත්තට යද්දි විදූවත් හම්බ වුණා... දෙන්නත් එක්ක කයයක් ගහන ගමන් institute එක ඇතුලට ගියේ hall එක හොයාගන්නයි sir එක්ක කතා කරන්නයි.... යද්දිම මූණට හම්බ වුණේ දම්සරව... ඒත් එක්කම විදූ මගේ අත කොනිත්තල දම්සර ව පෙන්නුවා... එතකොට තමයි මට මතක් වුනේ දම්සර මන් ගැන විදූ ගෙන ඇහුවා කියලා... " Good morning දිව්‍යා..." දම්සර ලස්සන හිනවක් දැම්මා... " Good morning..." මන් එදා තමයි දම්සර එක්ක පළවෙනි වතාවට කතා කරේ... මොකද දම්සර කියන්නේ මගේ යාලුවෙක් නෙවෙයි.... එයා විදූ ගේ යාලුවෙක්... ඒ දවස්වල විදූ දම්සර එක්ක කතා කරද්දී මන් මගේ පාඩුවේ වෙන පැත්තක් බලාගෙන හිටියේ දම්සරව සත පහකට ගණන් ගන්නේ නැතුව.... දැන් ඉතින් මාස ගානක් යනකම් අපි team එකක් විදිහට එකට වැඩ කරන්න ඕන... " කලින් පාරට වඩා නම් හොඳයි..." මන් එහෙම කියලා හිනා වුණේ විදූ දිහා බලන ගමන්... ටික වෙලාවක් අපි තුන් දෙනා කතා කර කර හිටියේ අනිත් කට්ටිය එනකන්... ඒ අතරෙම cls එකේ නංගිලා මල්ලිලා ටිකත් hall එකට යන ගමන් අපි දිහා ඕනෑකමින් බලාගෙන ගියා. ... මොකද අපි ඔක්කොම රිද්ම sir දීපු chemistry කියලා print කරපු එකම විදිහේ t shirts ඇදලා හිටපු නිසා.... ටික වෙලාවකින් දම්සර ගේ යාළුවා ආවේ "අඩෝ මචං කෝ කෑල්ල ආවේ නැද්ද "කියලා කෑ ගහගෙන.... දම්සර ඒත් එක්කම ඔලුවෙ අත ගහගත්තා... කොල්ලගේ ඇස් දෙක උඩ ගිහින් හුළං බැස්ස අපි දෙන්නා දැක්කම.... " මේ තරිඳු.... ඔයාලට මතක ඇති සමහරවිට..." " ලොකු මතකයක් නෑ මට නම්..." මන් එහෙම කියලා තරිඳු දිහා බැලුවා.... " ඔයාට කොහේ මතක හිටින්නද... ඔයා අපි දිහා බලන්නෙවත් නෑ නේ..." තරිඳු එහෙම කියද්දී දම්සර ආපහු තරිඳු ගේ පිට මැද්දට හොඳ පාරක් දුන්නේ කට වහපන් කියන්න වගේ .... මටත් කට උත්තර නෑ.... මගේ ඒ තරම් ලොකුකමද... නෑ.... මන් ගියේ girls school එකකට නිසා පිරිමි ළමයි එක්ක කතා කරන්නේ කොහොමද හැසිරෙන්නේ කොහොමද කියලා ලොකු දැනුමක් තිබ්බේ නෑ.... ඒක නිසා තමයි කොල්ලො දිහා බලන්නෙවත් නැතුව ඉන්නේ... විදූ ගියේ mix එකකට... එයා නම් පිරිමි ළමයි එක්ක කෑ ගහලා දඟලලා ඉන්නවා... " කීයක් විතර ඉන්නවද බං team එකේ..." විදූ ඇහුවේ දම්සරගෙන්... විදූ එක්ක කතා කරද්දීත් දම්සර ගේ ඇස් නැවතිලා තිබ්බේ මගේ ළඟ කියලා මන් හොඳටම දැක්ක... මන් සුපුරුදු ලොකුකමෙන් පාරේ යන වාහන දිහා බලාගෙන හිටියා... " තව හතර දෙනෙක් විතර ඇති නේ බං..." " අර එන්නේ තව දෙන්නෙක්...." " ඒ කවුද.... ඔයාල දන්නවද..." " ගානක් නෑ බං.." ඒත් එක්කම තව කොල්ලො දෙන්නෙක් අපේ ළඟට ආවේ හිනා වෙලා... එක්කෙනෙක් විහස්.... අනිත් එක්කෙනා සඳකැන්.... විහස් නම් අයියා කෙනෙක්.... එයා third shy.... " අපි දෙන්නා විතරද බං කෙල්ලෝ ඉන්නේ..." " ඒ වගේ..." " තව දෙන්නෙක් එන්න ඉන්නවා..." විහස් අයියා පාර දිහා බලන ගමන් කිව්වා... " තාම විරුන් ආවේත් නෑ නේ..." විදූ කිව්වෙ විහාස් අය්යාට විරුන් ව මතක් කරලා දෙන ගමන්... " ආ... ඔව් නේ...." " කවුද විරුන්..." " ඇයි හැමදාම top list එන කොල්ලා... සුදු උස කොල්ලක් මතක නැද්ද..." " ලංකේශ් ?..." මමයි විදුයි දෙන්නම එක පාර තරිඳු දිහා බැලුවා... " ඔව්.... විරුන් ලංකෙෂ් නම.... අපි කියන්නේ ලන්කේෂ් කියලා..." " කමක් නෑ අද ඉඳන් විරුන් කියාපන්... ඒ නම කියද්දි දිව පැටලෙනවා නේ යකෝ..." ඒ විදූ.. " මේ..." විදූ එහෙම කියලා මගේ ළඟට ළං වුණා. " උඹට පිස්සුද යකෝ....මන් එච්චර දුෂ්ට නෑ... හිතක් පපුවක් නෑ කියලා හිතුවද..." " එයාගේ තාත්තා නැති වුණා නේ ලඟදි.... අක්කත් පැරලයිස් වෙලා ඉන්නේ දැන්..." තරිඳු එහෙම කියද්දී මටත් දුක හිතුනා .. විරුන් ගැන නෙවෙයි... එයාගේ අක්කා ගැන... ඒ කියන්නේ සඳලි අක්කගෙ යාළුවා ගැන... ඒ එක්කම වගේ විරුන් institute එකට ආව... අහංකාර කමෙන් ඔලුව ඉදිමුණු කොල්ලෙක් තමයි හැම වෙලාවෙම මන් විරුන් ගෙන් දැක්කේ... ඒත් අද එයාව දැක්කම දුක හිතුනා... " Good morning මචං... " " පරක්කුද බං.." විරුන් එහෙම කියලා තරිඳුවගේ පිටට තට්ටුවක් දැම්ම... " නෑ තව එක්කෙනෙක් එන්න ඉන්නවා මල්ලි..." වීහස් අයියා විරුන් ට කිව්වෙ එයා පරක්කු නෑ කියලා අඟවන්න වගේ... කවුරුත් විරුන් ට අමුත්තක් කරේ නෑ... මොනව උනත් කොල්ලව අප්සෙට් කරන්න කාටවත් ඕන වුණේ නෑ... ලස්සනට හිනා වෙලා හිටියත් විරුන් ඇතුලෙන් පිච්චෙනවා ඇති නේද කියලා මට නිකමට වගේ හිතුනා... මොකද අපේ අයියාගේ ලෝකේ වීරයා වුණේ අපේ තාත්තා.... වෙලාවකට තාත්තා පුතාලා රණ්ඩු වුණාට අයියා තාත්තා ට පුදුම විදිහට ආදරේයි කියලා මන් දැනගෙන හිටියා... තාත්තා කියන්නේ කොල්ලෙක්ගේ ලෝකේ වීරයා... ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ... මට එක පාරට මතක් වුණේ හමාර බණවර සින්දුව... වීරුන් එයාගේ තාත්තගේ මිනියට කර ගහද්දි ඒ කොල්ලාට මොනව හිතෙන්න ඇද්ද... ඒ තාත්තා කොහේහරි ඉඳන් බලාගෙන හිටියා නම් ඒ තාත්තාට විරුන් ගැන මොනව හිතෙන්න ඇද්ද.... පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ.... හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආ ගිය මගේ.... කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ.... හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා නම් අත් උඹේ.... කන්ද පාමුල සොහොන හුරු නෑ දන්නවා මන් මයේ පුතේ.... මගේ තනියට තවත් අය ඇති අඳුරගන්නම් හෙට උදේ.... සොබාදහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ.... යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරන් පලයන් අම්මාගේ.... විරුන් ගේ තාත්තා මැරෙන මොහොතේ එයාට එයාගේ නෝනාවයි දරුවෝ දෙන්නවයි මතක් වෙන්න ඇති... ඒත් විරුන් ව මතක් වුනාම සැනසීමේ ඇස් දෙක පියා ගන්න ඇති... " Good morning විදූ... දැන් ඔයාව දැක්කේ...." විරුන් විදූ දිහා බලලා හිනා වුණා... " Good morning විරුන්..." " ඔය මැඩම්ටත් good morning..." විරුන් ඒක කිව්වෙ මට... " Good morning..." මන් ඒක කිව්වෙ රවාගෙන... මොන මගුල උනත් විරුන් මට දෙනෝදාහක් ඉස්සරහ බැන්න එක නම් මට අමතක වෙන්නේ නෑ.... මූණ දැක්කම රොටියක් වෙන්න ගහන්න හිතෙනවා අම්මපා ඇත්තමයි මට... " මොකද බං උඹට වෙලා තියෙන්නේ..." විදූ මගේ වැලමිට කෙනිත්තුව... " ආයි යකෝ..." " මන් කිව්වා ඌට රවන්න එපා කියලා..." " අනේ මට උගේ මූණ දැක්කම හොම්බ සමතලා වෙන්න ගහන්න හිතෙනවා බං....රටකජු ගෙම්බා...." " ළමයි...." ඒත් එක්කම sir car එකෙන් බැහැලා අපේ පැත්තට ආවා... අපි ඔක්කොම ගිහින් sir ට වැන්ද... " එහෙනම් කට්ටිය යමු ඇතුලට...paper බලන්න විතරක් නෙවෙයි තියෙන්නේ ඉතින් .. තව වැඩ ටිකක් තියනවා... කලින් අය්යලා අක්කලා ටික මතක නේ... ඒ වගේ වැඩ කරන්න ඕන..." අපි හා කියන්න වගේ ඔලුව වැනුවා... පස්සේ අපි hall එකට යන්න පඩිපෙල නගින්න ආව.. " විරුන් .... පොඩ්ඩක් ඔහොම ඉන්න..." Sir විරුන් ව නවත්ත්ගත්ත නිසා අපි hall එකට ගියා... " Sir ට ආරංචි වෙලා ද කොහෙද..." දම්සර කිව්වෙ විදූ ට... එයා විදූ එක්ක කතා කරත් දම්සර ට ඕන මගෙත් එක්ක කතා කරන්න කියලා මට තේරුණා... " පව් බං විරුන්..." " ඔව් බං... දැන් ඔය හොඳයි... මළ ගේ දවස් වල බාගෙට මැරිච්ච මළ මිනියක් වගේ හිටියේ... අම්මා විරුන් ගේ ඇගේ එල්ලිලා අඬනවා... විරුන් ඔහේ අංකල් ගේ body එක දිහා බලාගෙන හිටියා..." " ඌට එක පාරට මොනවද උණේ කියලාවත් හිතා ගන්න බැරි වෙන්න ඇති...." " විරුන් job එකක් හොය හොය හිටියේ පහු ගිය දවස් වල... පොරට IT හොඳට පුළුවන් නිසා computer shop එකක job එකක් set වුණා..." ඒත් එක්කම විරුන් ආව නිසා කට්ටිය කතාව වෙන පැත්තකට හැරෙව්වා... පස්සේ sir අපිට පළවෙනි paper තොගේ දුන්නා බලන්න කියලා ... " මෙන්න marking එක..... මන් marking හතරයි ගෙනත් තියෙන්නේ ළමයි..." " කමක් නෑ sir... අපි මොනවහරි කරගන්නම්..." වීහස් අයියා sir දීපු කොළ ටික අතට ගත්තා... විහස් අයියා තමයි අපේ නායකයා... එයා වැඩිමල්... අනික එයාට අපිට වඩා යමක් කමක් තේරෙනවා... " තව එක්කෙනෙකඅඩුයි නේ ළමයි..." Sir ඇහුවේ අපි ඔක්කොගෙම මූණ දිහා බලන ගමන්... " ලක්ෂාන් එන්න පරක්කු වෙනවා කිව්වා sir.." විහස් අයියා ආපහු sir ට උත්තර දුන්නා... " ආ.. හරි...එහෙනම් ඉතින් වැඩේ කරගෙන යන්න..." Sir එහෙම කියලා ආපහු hall එකට ගියා... අපි paper ටිකත් අරගෙන පහල හිස් cls room එකක් හොයන්න ගත්තා... " දිව්‍යා.." මගේ නම කියනවා ඇහුණ නිසා මන් පිටිපස්ස බැලුවා... බලද්දී දම්සර... " මේ උඩ තියන paper ටික ගන්නවද... වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ .." " ආ... ඉන්න..." මන් එහෙම කියලා දම්සර ගේ අතේ තිබ්බ paper වලින් ටිකක් මගේ අතට ගත්තා... දම්සර තමයි තිබ්බ ලොකුම paper තොගේ අරගෙන තියෙන්නේ .... මන් ළඟ තිබ්බේ msq answer ෂිට් ටික විතරයි. ... Paper ටික මගේ අතට ගද්දී මන් නොදැනුවත්ව අතේ තිබ්බ paper ටික ගිහින් දම්සර ගේ නහයේ වැදුන... " අනේ sorry..." " නෑ කමක් නෑ...." දම්සර නහය අත ගාන ගමන් මට හිනා වුණා... " මේ හරියේ නම් පන්තියක් නෑ වගේ...." විහස් අයියා අපේ පැත්තට හැරුනා.. " දැන් මොකද කරන්නේ...." " අනිත් බිල්ඩින් දෙකෙන් එකක ඇති..." " Paper ඔක්කොම අරන් එහෙ ගිහින් එහෙත් තිබ්බේ නැත්නම් අපරාදේ මහන්සිය..." " ඒක තමයි..." " මන් කියන්නම්... විරුන්... ඔය paper ටික මගේ අතට දෙන්න..." විහස් අයියා විරුන් ගේ අතින් paper ටික ගත්තා... " දිව්‍යා... ඔයාගේ අතේ වැඩිය paper ගොඩක් නෑ නේ.... විරුන් එක්ක ගිහින් එහා hall දෙක පොඩ්ඩක් බලලා එන්න....cls room එකක් හොයාගන්න පුලුවන් වෙයි..." මගේ මූණ ඇද වෙද්දී විදූ විහස් අයියාගේ පිටිපස්සේ ඉඳන් මට හිනා වෙනවා.... " හා අය්යේ...." " මමත් යන්නද .." දම්සර කිව්වෙ මන් දිහා බලාගෙන ඉඳලා... " ඔයා ඔහොම ඉන්න... අතේ papaer ගොඩක් තියනවා නේ..." දම්සර ගේ මූණ ඇද වෙලා යද්දී මන් විරුන් එක්ක පහලට බැස්ස.... ළමයි රියැක්ට් ඕන.... ඔයාලගේ මනාපය කාටද... විරුන් ද ? එහෙම නැත්නම් දම්සර ද? > විරුන් 😯 > දම්සර 👍 තුන් කොන් ආදර කතාවක දී හැම වෙලාවෙම ඔයාල හිතනවා වගේ එක්කෙනෙක් දුෂ්ටයෙක් නොවෙන්න පුළුවන්.... දෙන්නගෙම හිත් වල අවංක ආදරයක් තියෙන්න පුළුවන්....
😮 ❤️ 👍 49

Comments