ChessSL
ChessSL
May 24, 2025 at 03:13 PM
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් පැවැත්වීමට නියමිත Chess Excellency Awards රටේ චෙස් ක්‍රීඩාවට වැදගත් වන්නේ ඇයි? සරළව මෙමගින් චෙස් ක්‍රීඩාව චෙස් සමාජය තුලම නොව රට තුලම කතා කරන, රටේම ජනතාවට එකතු විය හැකි දෙයක් බවට පත් වනු ඇත. මෙම සම්පූර්ණ ලිපිය කියවීමේන් පසු ඔබගේ අදහස් බෙදා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ChessSL වශයෙන් මේ පිලිබදව අපගේ අදහස වන්නේ මෙය ඉතාමත් හොද වැඩසටහනක් යන්නයි. ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාව ලාංකීය චෙස් සමාජය තුල පමණක් නොව ලෝකයේත් ආසියාවේත් ඉතාමත් ක්‍රියාකාරී මට්ටමේ පැවතිය නමුත් තවමත් රටේ සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රචලිත මට්ටමේ නැත යන්න අප පිලිගත යුතුය. ඒ සදහා අවශ්‍යය තරම් උදාහරණ පෙන්වා දිය හැක. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ චෙස් යනු නරඹන්නන්ගේ ක්‍රීඩාවක් නොවෙන නිසාය. 01. චෙස් ක්‍රීඩාව සදහා යම් කිසි අනුග්‍රහයක් ලබා ගැනීමට ගිය විට එය කොතරම් අපහසුද යන්න බොහෝ පිරිසකට අත්දැකීම් ඇත. එය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට පමණක් නොව චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ටත් පෞද්ගලික වශයෙන් අත්දැකීම් ඇත. 02. රාජ්‍ය පාලන පද්ධතිය තුලින් අවශ්‍ය සහය නොලැබීම. මෙයට හේතුවක් වශයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව වෙනි රාජ්‍යයකට රාජ්‍ය පාලනයේ ඇති ප්‍රමුඛතා ලැයිස්තුගත කල විට ක්‍රීඩාව යන්න මුල් පෙලේ නොතිබීමයි. එය ඇයි යන්න රටක් විදියට අපට තේරුම් ගත යුතුය. 03. චෙස් ක්‍රීඩකයෙකුගේ ජයග්‍රහණ සාමාන්‍ය සමාජයේ කොතරම් පිලිගන්නවා දැයි යන්න. සම්මුඛ පරික්ශණ, කුසලතා ඇගයීම් අවස්ථා වලදී මේ සදහා සියලු දෙනා හට අත්දැකීම් ඇත. මේ සියල්ලටම හේතුව චෙස් ක්‍රීඩාව සදහා අවශ්‍යය අවධානය රටක් වශයෙන් නොලැබීමයි. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මගින් පැවැත්වීමට නියමිත Chess Excellency Awards මගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත චෙස් ක්‍රීඩාව විවෘත වන අතර මෙය reality තරගයක ස්වභාවයකට පත්වේ. මෙහීදී තමන් කැමතිම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙත තමන්ගේ මනාපය යොමු කරන්නේ චෙස් ප්‍රජාව පමණක්ම නොව සියලුම මහජනතාවයි. චෙස් ක්‍රීඩාව සදහා කිසිම සම්බන්ධයක් නොමැති පුද්ගලයනුත් මෙම ක්‍රියාදාමයට එකතු වේ. ඒ තමන්ගේ හිතවතුන් වෙනුවෙනි. තවද 2025 ජුනි 01 වෙනිදා BMICH හි පැවැත්වෙන මෙම Awards Ceremony එක සදහා Blitz තරගාවලියක් එකතු කිරීමත් එය අවසානයේ තරගාවලිය සදහා එකතු වෙන සියලු දෙනා හට භාතිය සහ සන්තුශ් ප්‍රමුඛත්වයෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් පැවැත් වීමෙන් චෙස් ක්‍රීඩාව රටේ සියලු දෙනාම කතා කරන, සියලු දෙනාගේ අවධානය දිනා ගන්නා දෙයක් වෙනු ඇත. මෙයින් ලබා ගන්නා පිම්ම මගින් ලාංකීය චෙස් ක්‍රීඩාව ඊලග තලයට යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඒ නිසා තමන් කැමති චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා අදම ඔබගේ මනාපය යොමු කරන්න. මෙම සංවාදය ඔබගේ අදහස් සදහා විවෘතයි
❤️ 1

Comments