
ONLINE වෙළෙඳසැල 🧚♀️🇱🇰
June 14, 2025 at 04:30 PM
පෙර කොටස ↓
https://whatsapp.com/channel/0029VagTX9wDuMRXcNL7FQ0g/34344
`04 කොටස`
" විරුන්..." මන් කෑ ගහගෙනම විරුන් ලඟට දුවගෙන ගියා...
විරුන් පිටිපස්ස බැලුවේ යන්තමට...
හොඳ වෙලාවට බැලුවේ... නැත්නම් තව ටිකක් ඒ වේගෙන් මන් දිව්වා නම් හොම්බ කට සමතලා වෙනවා වැටිලා...
විරුන් ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා...
" ඉක්මන් කරන්න... මන් යන්න ඕන...number එක දෙන්න.. "
" ආ... ඉන්න දෙන්නම්..."
විරුන් phone එක එලියට ඇද්ද...
පස්සේ number එක මට දීලා විරුන් යන්න ගියා...
ඒත් එක්කම විදු ඇවිත් මගේ කරට අත දාගෙන විරුන් යන දිහා බලාගෙන හිටියා...
" පව් අහිංසකයා..."
" හ්ම්..."
" හොඳ වෙලාවට උඹ ඌට බිස්කට් එකක් වත් දුන්නේ... නැත්නම් අද දවසම ඌ බඩගින්නෙ..." මන් ඒත් එක්කම පුදුම වෙලා වගේ විදු දිහා බැලුවා...
විදූ මට නොන්ජල් හිනාවක් දැම්මා...
" ඔව් දැක්ක..."
" අනේ යකෝ..." මන් එහෙම කියලා විදූ ව පැත්තකට තල්ලු කරලා දැම්මා...
" ඉතින් උඹ ඒක දැක්ක නම් ඌට අපිත් එක්ක කන්න එන්න කියලා කියන්න කට තිබ්බේ නැද්ද උඹට... යකෝ මට ඒක කියන්න බැරි නිසා නිකන් හිටියේ... ඌ උඹේ යාළුවා නේද..."
ඇත්තට ම මට ගොඩක් තරහා ගියා... ඇයි විදූ එහෙම දෙයක් කලේ ...
" අනේ ගොනෝ..." විදූ ආපහු අර හිනාවම දාලා මගේ දිහා බැලුවා...
" උඹට හරියට රිදෙනවා නේද විරුන් ට මොනවහරි උනාම ?..."
" උඹට පිස්සුද බං..."
" අනේ නිකන් පලයන් බං..."
" උඹ දැන් මොකක්ද කියන්න හදන්නේ..." මන් විදූ දිහා රවාගෙන බලන් හිටියා ...
" උඹ ඔහොම රවල බැලුවා කියලා ඇත්ත වෙනස් වෙන්නේ නෑ නේ..."
" කියන දෙයක් තේරෙන්න කියාපන්..."
" උඹ ඒ කාලේ ඉඳන් විරුන් ට කැමති... එහෙම නේ..." ඒක ඇහුනම මට හීන් දාඩිය දැම්මා...
ඒත් ඇයි මන් බය වෙන්නේ... මන් විරුන් ට කැමති නෑ...
මන් පස්සේ හයියෙන් හිනා වුණේ විදූ ට පේන්න. ...
" අම්මෝ බං... උඹ දෙන ආතල්... පිස්සුද බං උඹට.... මන් මොන මඟුලකට ද ඔය පිත්තල ගෙම්බාට කැමති වෙන්නේ... මොකෝ මේ ලෝකේ වෙන කොල්ලො නැද්ද.. යකෝ ඌත් එක්ක මට ඇමරිකාවේ පුරවැසිභාවේ දෙනවා කිවාත් ඔය රටකජු උලමා ව මට එපා..." මන් තවත් හයියෙන් හිනා වුණා...
විදූ කරේ අත් දෙක බැඳගෙන මගේ දිහා බලාගෙන හිටිය එක...
" රඟපාලා ඉවර ද උඹ?..." විදූ කිව්වෙ බොරුවට ඇනුමක් යවන ගමන්...
පස්සේ මන් මගේ බොරු හිනාව නවත්තලා විදූ දිහ බැලුවා...
" අනේ බං... ඇත්තටම මන් ඌට කැමති නෑ... මට දුක හිතුනා එච්චරයි..."
" උඹත් එක්ක ප්‍රයිමරි යේ ඉඳන් එකට ඉන්න මටද බං උඹ ඔය බොරු කරන්නේ?..."
" මොන රෙද්දක් ද බං කියන්නේ?..."
" උඹ ඌට කැමති නැත්තේ නෑ... උඹ ඌට කැමති ඒ කාලේ ඉඳන්... හැබැයි වෙන කොල්ලො වගේ ඌ උඹ දිහා බැලුවේ නෑ... ඉතින් උඹට කේන්තියි... උඹ කොල්ලොන්ව ගණන් ගත්තේ නෑ වගේ තමයි විරුන් උඹව ගණන් ගත්තේ නෑ.... එහෙම නේ..."
" නෑ..."
" නැත්තේ නෑ... එහෙනම් මට කියාපන් ඇයි උඹ හැමදාම මොනවහරි හේතු හදාගෙන විරුන් ව පේන තැනකම ගිහින් ඉඳගන්නේ..."
" කවදද බං මන් එහෙම කරේ..."
" අනේ පලයන් බං යන්න .... උඹට බෑ මේ විදූව තම්බන්න.... අනික එදා අර කෙල්ලෙක් විරුන් ලස්සනයි කියලා කිව්වම පිටිපස්සේ ඉඳන් ඒ කෙල්ලගේ කොන්ඩේ ඇද්දේ ඇයි..."
" අඩෝ මන් එහෙම කරේ ඒකී ගේ කොන්ඩේ මගේ පොතේ ගෑවෙන හින්දා...."
" ඇත්තද නෝන මහත්තයා... එහෙනම් ඇයි විරුන් ට වැඩිම ලකුණු කියද්දි උඹේ මුණේ හීන් හිනාවක් ඇඳේන්නේ.."
" එහෙම වුණේ කවදද..."
"' තොට මාව අන්ධයෙක් ගොළුවෙක් එහෙම නැත්තන් බීරෙක් වගේ පේනවද කියාපන්.."
" අඩෝ නෑ බං..."
" ඇත්ත කියපන්... උඹ කිව්වත් නැතත් උඹේ හිත හොයන්නෙ විරුන් ව... හැබැයි උඹ ඒක පිළිගන්න කැමැති නෑ..."
" එහෙම එකක් නෑ බං..."
" මේ අහපන් දිව්‍යා... උඹ ඔහොම දේවල් හංගන්න එපා... උඹට පුළුවන් ඒක මට කියන්න... උඹට පුළුවන් මාව විශ්වාස කරන්න... "
" උඹව විස්වාස නැති මඟුලක් නෙවෙයි බං... එහෙම එකක් නෑ මගේ හිතේ විරුන් ගැන..."
" උඹ උඹෙන්ම අහලා බලහං... හැමදාම පන්ති ගිහාම හිත හෙව්ව රූපේ විරුන් නෙවෙයි ද කියලා..."
මගේ ඔළුවත් එක්ක කැරකෙනවා... මන් දන්නෙ නෑ ඇයි මට විරුන් ව විශේෂ කියලා...
ඒත් එහෙම එකක් තිබ්බ... මට ඕන වුණේ නෑ ඒක එහෙමයි කියලා පිළිගන්න...
කොහොමහරි ආයේ අපි දෙන්න town එකට ගිහින් bus එකට නගිනකන් ම කතා කරේ නෑ...
විදූ ට නම් හිනා... මන් bus එකට නැගලා අයිනෙ ෂිට් එකේ ඉඳගත්ත...
විදූ හිටියේ මගේ එහා පැත්තේ...
ජනේලේට ඔලුව තියාගෙන මන් කල්පනා කළා...
ගොඩක් වෙලාවට පන්ති ගිහින් මන් මටත් නොදැනිම විරුන් ව හෙව්ව... ඒක ඇත්ත...
පන්තියේ වැඩිම ලකුණු ගද්දී පළවෙනියට විරුන්ගේ නම කියනකං මන් බලන් හිටියා...
ඒකත් ඇත්ත... විරුන් එක දවසක් හරි මගේ දිහා බලයි කියලා මන් බලාගෙන හිටිය...
ඒත් කවදාවත් විරුන් ගේ ඇස් මගේ ළඟ නැවතුනේ නෑ... ඒ ඇස් හරි අහංකාරයි....
මන් ඒ අහංකාර ඇස් දෙක මගේ පැත්තට හැරෙන දවසක් එනකන් බලන් හිටියා...
අවසානේ මගේ අහංකාර ඇස් දෙක තවත් අහංකාර ඇස් දෙකක් වෙනුවෙන් බලන් හිටියා...
දවසක විරුන් මගේ දිහා බලයි කියලා මට බලාපොරොත්තුවක් තිබුණා...
අවසානේ ඒ බලාපොරත්තුව ඉෂ්ට වෙන්නේ නැති තැන ඒ බලාපොොත්තුවම කේන්තියක් බවට පත් වුණේ මටත් නොදැනී...
ඒ අතරේමයි විරුන් මට බැන්නේ...
මගේ කේන්තිය තවත් වැඩි වුණේ ඒකෙන්...
මොනව උනත් අද විරුන් ව මේ වගේ අසරණ විදිහට දකිනකොට මන් ආපහු විරුන් ගැන හිතන්න පටන් අරන්.... මට ඒක දැනෙනවා...
මේ හැම දෙයක්ම මුල ඉඳන් විදූ ට තේරිලා...
දැන් ඉතින් හංගන්න දෙයක් නෑ...
"' මොකෝ?...මන් කියපුවා ඇත්ත නේ... අනේ නිකන් බූරුවෙක් වෙන්න එපා බං..."
" මන් හිතන්නේ මගේ හිතේ තියෙන්නේ විරුන් ගැන අනුකම්පාවක්..." මන් නළල රැළි කරන් විදූ දිහාට හැරුණා..
" අනුකම්පාව ආච්චිගේ ඔළු ගෙඩිය..."
" එහෙම වෙන්න බැරී ද ඉතින්..."
" අනේ මේ ඕයි... උඹේ හිත විරුන් ට කැමති...මන් දන්නෙ එච්චරයි... නිකන් ඌ දිහා බල බල විඳවන්න එපා... එක්කෝ ළං වෙයන් .... එහෙම නැත්නම් කරුණාකරලා ඕක දැන්ම හිතින් අයින් කරගනින්..."
" දෙක මැද්දේ තියං ඉන්න එපා ද..."
"' කිව්වා කියලා හිතා ගනින්... "
" ඒත් මං මොනව කරන්නද බං... විරුන් පව් නේ...."
" ඒක නං එහෙම තමයි... හැබැයි මන් නම් කියන්නේ දැන් උඹ උඹේ හැගීම් මරලා දාන්න එපා කියලා..."
" ඒ කිව්වෙ...."
" උඹට දැන් අවුරුදු විස්සක් බං... අනික උඹ සෑහෙන දුරට exam එකත් ගොඩ දාලා... මේ පාර අනිවා කැම්පස් select වෙලා ඇති නේ..."
" මේ වෙලේ විරුන් ට ඕන හයියක්... උඹ විරුන් ට ඇත්තටම කැමති නම් ඌට හයියක් වෙයන්..."
" මන් කල්පනා කරලා බලන්නම් කෝ..."
" උඹේ කැමැත්තක්... "
" හ්ම් ...."
එදා ගෙදර ගිහින් මන් සෑහෙන වෙලාවක් කල්පනා කළ... කල්පනා කළා වගේ නෙවෙයි අම්මට අමුත්තක් දැනුනොත්... හොරි හොඳ වෙනවා එතකොට....
ආපහු දවස් දෙකකට පස්සෙ අපි හම්බ වුණ... අපි කිව්වෙ අපේ මුළු team එකම...
එදත් paper මහ ගොඩක් එක්ක අපි හිර වෙලා හිටියේ....
මන් හොරෙන් හොරෙන් විරුන් දිහා නොබලා හිටියත් නෙවෙයි....
විරුන් ගේ මූනේ තිබ්බ අසරණකම තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ...
ඒත් මොනව කරන්නද... තාත්තා නැති ජිවිතේ විරුන් ට කොහොම දැනෙනව ඇද්ද...
මට නම් ඒක ගැන හිතන්නත් ඕන වුණේ නෑ... කොල්ලෙක් උනත් දරාගන්න පුළුවන් සීමාවක් තියෙනව...
හැමදෙයක්ම දරාගෙන job එකක් කරල පවුලත් බලාගෙන එක්තැන් වෙලා ඉන්න අක්කාවත් බලාගෙන ඉන්න විරුන් ගෙන් මන් දැං දකින්නේ වීරයෙක්ව...
" විරුන්.." මන් විරුන් ට කතා කරනවත් එක්කම ඔක්කෝටම කලින් මගේ දිහා බැලුවේ දම්සර...
" ඔව් කියන්න..." විරුන් මගේ දිහා බැලුව...
" දැන් අක්කට කොහොමද...."
" අවුලක් නෑ... දැන් හොඳට ඉන්නවා..." විරුන් ආපහු paper ගොඩ අවුස්සන්න ගත්තා...
" එතකොට අම්මා?..."
" අම්මත් හොඳින් ඉන්නවා..."
" ආ... දිව්‍යා..." දම්සර මැදින් පැන්න...
" ඇයි..."
" ඔයා paper ටික ඔක්කොම බැලුවද..."
" ගෙදර ගෙනියපු ටික බැලුවා... තව ඉතින් ඉතුරුයි නේ..."
ඒත් එක්කම වගේ විහස් අයියා දම්සරට කතා කරා...
පස්සේ සඳකැන් එක්ක දම්සරව sir ව හම්බ වෙන්න යෙව්වේ මොකක්හරි ප්‍රශ්ණයක් වෙලා වගේ...
ඒ වෙලේ cls එකේ හිටියේ මමයි විදූයි විරුන් විතරයි...
" මේ.... විරුන්.."
" කියන්න..." විරුන් ආපහු මගේ මූණ දිහා බැලුවා...
" එදා වුණ සිද්ධියට ඔයා තාම තරහින් ද ඉන්නේ.."
" මොන?..." විරුන් මගේ දිහා බලන ගමන් කල්පනා කළා...
" එදා පඩිපෙලේ මගේ බෑග් එක පැටලිලා වැටෙන්න ගියේ... මට ඒකට ඔයාට sorry කියන්නත් බැරි වුණා..."
" ආ... ඒක ගානක් නෑ... මමත් ඒ වෙලේ කෑ ගැහුවට sorry... වටේ ගොඩක් අය හිටියා කියලා ගානක් ගියේ නෑ..."
" එදා වුණ දේට sorry..."
" ඒකට කමක් නෑ... මමත් කෑ ගහපු එක වැරදි..."
" ඒකත් අවුලක් නෑ..." මන් විරුන් දිහා බලලා හිනා වුණා... මගේ ජිවිතේ පළවෙනි පාරට විරුන් මගෙත් එක්ක ලෙන්ගතු විදිහට හිනා වුණා...
" අම්මෝ මහන්සි..." ඒත් එක්කම දම්සර paper ගොඩක් උස්සගෙන ආව...
දවල් කෑම වෙලාව ආවේ ඒ අතරේ...
එදා මං විදූත් එක්ක කපටි වැඩක් කරා...
අපි දෙන්නා එදා කෑම අරන් ගියේ අපේ ඔක්කෝටම... විදූ එහෙම කරෙත් මගේ කීමට...
ලොකු බත් මුල් තුනක් අරන් ගියා... එහෙම කළේ විරුන් බඩගින්නෙ ඉන්නවාට මන් අකමැති නිසා... අනික අපේ අම්මාට තව කෙනෙක්ට කෑම ටිකක් දෙන්නා පුළුවන් නම් හරි සතුටුයි...
කිව්ව ගමන් හදලා දුන්නේ ගොඩක් සතුටින්... ඒක නිසා ගෙදරට බොරු කරා කියලා මට හිතුනේත් නෑ....
" අද හැමෝටම කෑම අපි ගානේ.... හැමදාම කඩවල් ගානේ යන්න එපා..."
මන් බත් ටික දිග අරිනකොට විරුන් ගේ මුණේ ලස්සන හිනවක් ඇදුනා...
ඒ හිනාව දැක්කම බඩට කලින් මගේ හිත පිරුණා....
" Thank you..." කොල්ලො ටිකත් රස කර කර කන එක දිහා බලලා අපි දෙන්නත් කන්න පටන් ගත්තා...
දම්සරට කද්දී වත් නිකන් ඉන්න බෑ... කොයි වෙලේ බැලුවත් මගේ දිහා බලාගෙන...
වෙලාවකට ඒක වදයක් ඇත්තමයි....
එදා දවසේත් වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න කට්ටිය එලියට ආවා...
දම්සරට නම් යන්න හිතක් නැද්ද කොහෙද...
එදා අම්මලා town එකට එනවා කිව්වා නිසා bus එකට දුවන්නේ නැතුව මමයි විදූයි එතනට වෙලා හිටියා...
දම්සර හිනාවක් දාගෙන එයාගේ bike එකෙන් ගිය...
"' දම්සර ට ලයිසන් තියෙනවද..."
" ඔව් මන් හිතන්නේ..." විරුන් මගේ පිටිපස්සේ ඉඳන් කියාගෙන අපි දෙන්නගේ ලඟට ආවා....
" ඇයි ඔයා අද දුවන්නේ නැතුව මෙතන ඉන්නේ...." මන් ඇහුවේ විරුන් ගෙන්...
" මොකක්?..."
" ඇයි වෙනදාට ගාල කඩා ගත්ත හරක වගේ දුවන්නේ...."
" ආ.... අද සිකුරාදා නේ..."
" ඉතින්...."
" මන් වැඩ කරන තැන එක්කෙනා මුස්ලිම්... සිකුරාදට කඩේ වහනවා නේ...."
" ආ.... එහෙමද... "
" ඔව්.... "
" ඔයා මොකද එතන කරන්නේ .... එකද අර කිව්ව computer shop එක..."
" නෑ නෑ ඒක නෙවෙයි.... එතනින් හම්බ වෙන ගාන මදි... රුපියල් 25 000 යි මාසෙට දෙන්නේ... අක්කගෙයි අම්මගෙයි බෙහෙත් ටික ගන්නකොට ඒ ටික ඉවරයි..."
විරුන් එහෙම කියද්දී මට මොකක්ද වගේ...
විරුන් හැම වෙලේම හිනා වෙලා හිටියා... මන් ඇහුවේ වැරදි ප්‍රශ්නයක් ද කියලත් හිතුණා...
" මෙතන වැඩ කරනවට හම්බ වෙන එකයි ආයේ මොහොමඩ් අංකල් ගේ shop එකේ accounts බලන ටිකයි කරපුවාම මාසේට ගේමක් ගහගන්න පුළුවන් මට...."
විරුන් ආපහු මගේ දිහා බලල හිනා වුණා...
මේ තරම් ප්‍රශ්න තියාගෙන හිනා වෙලා ඉන්න පුළුවන් ද මනුස්සයෙක් ට.... මට විරුන් ගැන පුදුම හිතුණා...
" ඉතින් ඔයාට මහන්සි නැද්ද විරුන්..." මන් ඇහුවේ නළල රැළි කරගෙන...
" මහන්සි බැලුවොත් ජීවත් වෙන්න වෙන්නේ නෑ දිව්‍යා... මන් තව job එකක් හොයා ගන්න ඕන... Online කරන්න පුළුවන් එකක් හරි... ඔය දෙන්නා දන්න කවුරුහරි ඉන්නවා නම් මට contact කරලා දෙන්න... ලොකු උදව්වක් ඒක...."
" මන් බලන්නම් කෝ විරුන්..."
" ඔය දෙන්නා අද යන්නේ නැද්ද...."
" අම්මලා එනවා කිව්වා... ඒක නිසා මෙතන ඉන්නේ...."
" ආ.... "
" විරුන්..." මන් ආපහු විරුන් ට කතා කළා...
" කියන්න දිව්‍යා...."
"ඔයාට පුළුවන් නේ online cls එකක් කරන්න... අනික ඔයාට subject තුනම හොඳට පුළුවන් නේද...."
" ඒක හරි යන වැඩක් නෙවෙයි දිව්‍යා..." විරුන් හිනා වෙන්න ගත්තා...
" ඇයි?..."
" මට උගන්නන්න තේරෙන්නේ නෑ...."
" ඒක මහ පුදුම කතාවක් නේ... " මමත් හිනා වෙන ගමන් විරුන් දිහා බැලුවා...
" අනේ මන්දා.... උගන්නන එක නම් මට කරන්න තේරෙන්නේම නෑ...."
" ඔයා දැන් ගෙදරද යන්නේ...."
" ඔව්.... මන් මේ ඉන්නේ ඔයාලගේ අම්මලා එනකන්..."
" ඒ ඇයි...." මන් ඇස් දෙකත් ලොකු කරන් විරුන්ගෙන් ඇහුවා...
" මෙතන වැඩිය හවස් වෙනකම් කෙල්ලෝ දෙන්නෙක් තනියම ඉන්න එක නම් හොඳ නෑ... ඊයේත් මෙතන කොල්ලො සෙට් එකක් රණ්ඩු වුණා...මන් ඔයාල මෙතන ඉන්නව දැකල ආවේ...."
" එහෙමද..."
" ඔව්... අනික පණ්ඩිතයො දෙන්න වගේ මෙතන මොකද කරන්නේ.... Bus එකේ යන්නේ නැත්නම් cls එක ලඟට වෙලා ඉන්න තිබ්බ නේ.... "
" ආයේ තනියම මේ හරියේ ඉන්න එපා... අනික අද හවස් වෙලා ගොඩක්.."
" අම්මලා එනවා..." මන් කිව්වෙ ඈත තියාම car එක එනවා දැකපු නිසා...
ඒත් විරුන් ව දාලා යන්නත් දුකයි....
" එහෙනම් මචං අපි යනවා...." විදූ car එකට නැගලා විරුන් ට අත වැනුවා...
" හරි පරිස්සමට යන්න..."
" අපි යනවා දරුවෝ.... " අම්මත් විරුන් ට අත වැනුවේ කලින් දැකලා තියෙනවා වගේ...
මට විරුන් ට පරිස්සමට යන්න කියලා කියන්න ඕන උනත් මන් නොකියා හිටියා...
විරුන් නොපෙනී යනකම්ම. මන් එයා දිහා බලාගෙන හිටියා...
" අම්මා....."
" මොකෝ මැණිකේ..."
" Online කරන්න පුළුවන් job එකක් හොයලා දෙන්නකෝ..."
" ඒ මොකටද...."
" අර අතන හිටපු ළමයට..."
" ඒ කවුද...."
" ඒ තමයි අර තාත්තා නැති උණ ළමයා.... සඳලි අක්ක කිව්වේ අර..."
" අනේ ඒ ළමයා ද එතන හිටියේ... අනේ පව්..."
"' ඔව්... එයා කිව්වා පුළුවන් නම් job එකක් හොයලා දෙන්න කියලා...."
" පව් අහිංසකයා... මන් ඉක්මනට තාත්තාට හරි අය්යාට හරි කියලා මොනවහරි කරන්න බලන්නම් කෝ...."
" හ්ම්....."
ගෙදර ගිහින් ටික වෙලාවකින් මන් විදූට msg එකක් දැම්මා....
" මේ විදූ..."
" Ooo"
" විරුන් ගෙන් අහපන් කෝ ගෙදර ගියා ද කියලා ..."
" ඉතින් උඹ අහපන්කෝ මට කියන්නේ...."
> සුට්ටක් පරක්කු වුණා ට sorry ළමයි...
*දවස් 4ම කියවපු හැමෝම රියැක්ට් එකක් දාන් යන්න ...*
❤️
👍
😂
45