The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 18, 2025 at 02:06 PM
`⭕Whatsapp අවදානමක...⭕` මේ හදන්නෙ Zoom Meeting එකක් මුවාවෙන් ඇවිත් අපේ WhatsApp Account එක Hijacked වෙන අළුත් විදිහේ Phishing Attack එකක් ගැන කට්ටියට අනතුරු අගවන්න. මේ අමුතු විදියෙ Phishing Attack එක නිසා ඔයාගෙ WhatsApp Account එක වගේම ඔයාගෙ සල්ලිත් අවධානමක තියෙන්නෙ. මේ Phishing Attack එක වෙන්නෙ කොහොමද? - ඔයාට WhatsApp Call එකක් එනවා: Regular Phone Call එකක් නෙමෙයි, WhatsApp Call එකක් තමයි මේකෙදි එන්නෙ. - වැදගත් කෙනෙක් විදියට පෙනී ඉන්නවා: Call එකෙන් කතා කරන කෙනා එයාලා හඳුන්වා ගන්නෙ Bank එකක කෙනෙක් වගේ, හෝ වෙනත් විශ්වාසවන්ත පුද්ගලයෙක් විදිහට. එයාලගෙ Main Target එක තමා ඔයාව Zoom Meeting එකකට Join කරවගන්න එක. - OTP Code එක ඉල්ලනවා: ඊට පස්සෙ ඔයාගෙ Phone එකට SMS එකකින් හරි WhatsApp එකෙන් හරි එන OTP (One-Time Password) එකක් එයාලා ඉල්ලනවා. "Zoom Meeting එකට ඇතුල් වෙන්න" හෝ "ඔයාගෙ Identity Verify කරන්න" මේ Code එක දෙන්න ඕනි කියලා එයාලා කියනවා. මේ තමයි ඔයාලගේ WhatsApp Account එක එයාලාගෙ අතට ගන්න විදිහ. ඔයා OTP එක දුන්නොත්, එවලෙම එයාලා ඔයාගෙ WhatsApp Account එකට Log වෙනවා. ඊටපස්සෙ එයාලා ඔයා විදිහට හැසිරෙනවා. ඔයාගෙ යාළුවොන්ට පවුලේ අයට Message යවලා එයාලගෙන් ඔයා විදියට සල්ලි ඉල්ලනවා. ගොඩක් අය මේකට රැවටිලා ඔයා කියලා හිතලා Attack එක කරපු කෙනාට සල්ලි එවනවා. මේකෙන් ආරාක්ෂා වෙන්න මොනවද කරන්න ඕනි: - OTP හෝ Verification Code එක කවදාවත් Share කරගන්න එපා: එයාලා කවුරු වුණත්, මොන Meeting එක ගැන කිව්වත්, කොච්චර වැදගත් බව පෙන්නුවත්, ඔයාට එන OTP Code කාටවත් දෙන්න එපා. - Unknown WhatsApp Calls විශ්වාස කරන්න එපා: විශේෂයෙන් Zoom Meetings ගැන Mention කරන Calls ගැන සැලකිලිමත් වෙන්න. - Call එක ආවොත් Report & Block කරන්න: ඒ වගේ Call එකක් ආවොත් WhatsApp එකෙන් ඒ Number එක Immediately Report කරලා Block කරන්න. - අනිත් අයටත් කියන්න: ඔයාගේ යාළුවෝ, පවුලේ අයව මේ ගැන දැනුවත් කරලා හැම කෙනාවම අවධානයෙන් තියන්න. මේ වගේ Call එකක් ඇවිත් ඔයා දැනටමත් Phishing Attack එකට අහුවෙලා තියෙනවා නම් හෝ ඔයාගෙ WhatsApp Account එක Hack වෙලා ඇති කියලා හිතෙනවා නම් හෝ සල්ලි නැති වෙලා තියෙනවා නම්, Logged Devices & Active Sessions එහෙම Check කරලා වහාම ඒවට අදාළ පියවර ගන්න. ඔයාගේ WhatsApp Account එක වගේම සල්ලිත් ආරාක්ෂා කරගන්න. ඔයාලත් මේ වගේ Phishing Attack එකකට මුහුණ දීලා තියෙනවද? එහෙමත් නැත්නම් ඔයාලා කොහොමද WhatsApp Safe විදිහට Use කරන්නෙ කියලා පහළින් Comment එකක් දාලා Share කරගන්න. අපි එකතු වෙලා අනිත් අයවත් මේ ගැන දැනුවත් කරමු! එහෙනම් තවත් මේ වගේ වැදගත් Update එකකින් ඉක්මනට හම්බවෙමු, ජය! Copied Source - Facebook > ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_ > @✍️THE OCEAN OF KNOWLADGE ©
Image from The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ: `⭕Whatsapp අවදානමක...⭕`  මේ හදන්නෙ Zoom Meeting එකක් මුවාවෙන් ඇවිත් අප...
❤️ 👍 😢 😮 4

Comments