The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 20, 2025 at 11:09 AM
`⭕ජලයට පෙම් බඳින හස්තීන් ❤🐘💧😍` ━━━━━━━━━━━━━━━━━ ◈ අලි ඇතුන් යනු ජලය සමඟ සිය ජීවිතයේ බොහෝ ක්‍රියාකරකම් සිදු කරන සතුන් කොට්ඨාසයකි. ඔවුන්ගේ එදිනෙදා ක්‍රියාකරකම් වලින් අඩකට වැඩි ප්‍රමාණයක් ජලය හෝ ජලය ආශ්‍රිතව සිදු කරනු ලබයි. අලි ඇතුන් දිනකට දෙවතාවක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ජල මූලාශ්‍ර සොයා පැමිණෙන අතර ජලය පානය කිරීම, ස්නානය කිරීම, ක්‍රීඩා කිරීම, පිහිනීම, ආදරය හා රණ්ඩු කිරීම වැනි ක්‍රියාකරකම් රාශියක් ජලය මුල් කරගෙන සිදු කරයි. අලි ඇතුන්ගේ එදිනෙදා සාමාන්‍ය පානිය ජල අවශ්‍යතාවය මෙසේය. අසියානු අලි බොහෝවිට දිනකට ජලය ලීටර් 80–200 අතර ප්‍රමාණයක් පානය කරන අතර යම් අවාස්ථාවල ඒය ලීටර් 225 ක් දක්වා වුවද විය හැකි. අප්‍රිකානු අලි සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් 180–230 අතර ප්‍රමාණයක් පානය කරන අතර වියළි කාලගුණ සහ උණුසුම උග්‍ර වූ අවස්ථාවලදී එම ප්‍රමාණය ලීටර් 300 ක් දක්වා විය හැක. 🐘 ආසියානු අලින්ගේ දිනක ජලය පානය කිරීම 💧පොඩි පැටවුන් (අවු: 1- 5) - ලීටර් 10 - 50 💧ගැහැණු සතුන් (අවු: 6 - 40) - ලීටර් 80 - 150 💧පිරිමි සතුන් (අවු: 15 - 60) - ලීටර් 150 - 225 💧වැඩිහිටි සතුන් (අවු: 60 ට වැඩි) - ලීටර් 100 - 150 ගැහැණු සතුන් පොදුවේ පිරිමින්ට වඩා සුළු ශරීරයක් සහිත නිසා ජල අවශ්‍යතාවත් සුළුය. නමුත් මව් ගැහැණු සතෙකුට (ගැබ් කාලය හා කිරිබොන පැටවුන් සිටින විට) දිගු ජල අවශ්‍යතාවයක් තිබේ. 🐘 අප්‍රිකානු අලින්ගේ දිනක ජලය පානය කිරීම 💧පොඩි පැටවුන් (අවු: 1- 5) - ලීටර් 20 - 60 💧ගැහැණු සතුන් (අවු: 6 - 40) - ලීටර් 120 - 200 💧පිරිමි සතුන් (අවු: 15 - 60) - ලීටර් 200 - 300 💧වැඩිහිටි සතුන් (අවු: 60 ට වැඩි) - ලීටර් 150 - 250 අප්‍රිකානු පිරිමි අලින් බර අධික නිසා, වැඩි ජල අවශ්‍යතාවයක් ඇත. වියළි කාලගුණයක් සහිත කාලයේදී ඔවුන් දිගු දුරක් ගමන් කරන නිසා, වැඩි ජල ප්‍රමාණයක් පානය කරයි. අලි ඇතුන්ගේ ශරීරයේ ඇති දැඩි උෂ්ණත්වය නිසා දිනකට වරක්වත් නිසි පරිදි ජලය නොලැබුණහොත් ඔවුන් දැඩි පීඩනයකට ලක්වෙයි. Copied Source - Facebook > ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_ > @✍️THE OCEAN OF KNOWLADGE ©
Image from The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ: `⭕ජලයට පෙම් බඳින හස්තීන් ❤🐘💧😍` ━━━━━━━━━━━━━━━━━ ◈  අලි ඇතුන් යනු ජ...
❤️ 👍 5

Comments