
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 21, 2025 at 05:59 AM
`⭕මේ කතාව ඇහුවම අපිට මොන අඩුපාඩුද කියලා හිතෙනවා🙂📌`
> අනිවාරෙන් හැම කෙනෙක්ම මේක කියවන්න🥲. දෙමාපියනි ඔබේ දරුවන්ටද මෙය පහදා දෙන්න. මේ කාලේ විතරයි තියෙන්නෙ ලැබෙන අවස්තාවෙන් උපරිම ඉගෙනීමට යොමු වෙන්න.
> අනිවාරෙන් තව කෙනෙක්ට කියවන්න Share කරන්න..🥲
"....සැප්තැම්බර් මස 13 දින පාසල් කාර්යාලයට 7 ශ්‍රේණියේ දියණියක සමග පැමිණි ගුරුතුමියක් එම දියණියට 7 A පන්තියේ යෙහෙළියක් නොමැති බැවින් 7 B හෝ 7 C පන්තියකට යොමු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසීය.
නියමිත වෙලාවටත් ටික වේලාවකට පෙර එම දියණිය තනිවම කාර්යාලයට පැමිණි අතර, ඇය ඉදිරිපස අසුනේ අසුන්ගන්වා ගතිමි. මට පෙර කතාව ඇරඹූ ඇය,
"සර් 7C පන්තියට මට යන්න ඉඩ නෑ... 7B පන්තියට ගියාට මගේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ.."
"ඇයි පුතේ එහෙම කියන්නේ? "
"සර් මගේ ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර, ඒකට උත්තරයක් පන්තියේ තිබුනා. මගේ පන්තියේ මට හොඳ යාලුවෙක් හිටියා. මට ගොඩක් දවස් වලට ඉස්කෝලේ එන්න බැරි වුන නිසා එයාගේ තනියට එයා වෙන යාළුවෙක් හොයාගෙන, මම දැන් තනි වෙලා ඉන්නේ.."
"ඔයා කොහොමද තනි වෙන්නේ පන්තියේ යාළුවෝ ගොඩක් ඉන්නවනේ? "
"එයාලා මගේ ප්‍රශ්නේ දන්නේ නෑනේ"
"පුතාට ගෙදර තියන ප්‍රශ්නේ මට කියන්න, මම උත්තරයක් හොයා දෙන්නම්.. "
"සර් අපේ තාත්තට රස්සාවක් නෑ. කුලී වැඩකට ගිහිල්ලා සල්ලි හොයාගන්නේ. දැන් කුලී වැඩත් නෑ. අම්මට රස්සාවක් නෑ. උදේට කෑම නැති දවස් වලට අම්මා මාව ඉස්කෝලේ එවන්නේ නෑ.. කලන්තේ හැදෙයි කියලා. ටීචර්ලා ආවේ නැත්තේ ඇයි අහනකොට මම කියනේ අසනීප වෙනවා කියලා.
11 පන්තියේ ඉන්න මගේ අක්කා විභාගේ ලියන්න ඕනේ කියලා බඩගින්නේ ඉස්කෝලේ එනවා. එයා විවේක වෙලාවේ යාළුවන්ගෙන් කෑම කනවලු. මටත් ඉස්සර යාළුවාගේ කෑම එකෙන් ටිකක් දුන්නා.. ඒත්දැන් එයා කන්නේ අළුත් යාළුවා එක්ක. ඒ නිසා මට කෑම නෑ. කෑම නැති නිසා මම ඉස්කෝලේ එන්නෙ නැත්තේ. ගිය සතියේ දවස් තුනක් අපිට බත් නැතුව හිටියා.
චූටි මල්ලි බඩගිනී කියලා අඬනවා. එතකොට අම්මත් අඬනවා. අක්කා රෑ අසනීප වුනා. 1990 ඇවිත් අක්කා ව ඉස්පිරිතාලේ අරන් ගියා. අම්මා කිව්වා අක්කගෙ ඇඟේ ලේ අඩුවෙලා කියලා හොඳට කන්න බොන්න දෙන්න කියලා දොස්තර මහත්තයා කිව්වා කියලා. ඊයේ අපේ තාත්තා ගඟේ වැලි ගොඩ දාන්න ගිහිල්ලා හවස රුපියල් 1000/= ක් අරන් ආවා. කඩෙන් බඩු ගෙනත් බත් උයලා රෑට කෑවා. අද උදේ උයලා අම්මා බත් එකක් බැඳලා දුන්නා. උදේට නොකා දවල්ට කන්න ඒක අරන් ආවා.
"සර් අද තාත්තට කුලී වැඩක් හම්බුනේ නැති වුනොත් හෙට කෑම නැති නිසා මම ඉස්කෝලේ එන්නේ නෑ. මට බනින්න එපා කියලා ටීචර්ලට කියන්න."
"පුතේ ගෙදර කෑම නැති දවසටත් ඔයා ඉස්කෝලේ එන්න. උදේම ඇවිත් මට කියන්න. මම ඔයාට කෑම එකක් දෙන්නම්. "
දීප්තිමත් වූ දෙනෙතින් මා දෙස බැලූ ඇය. "එහෙනම් හෙට ඉඳලා මට හැමදාම ඉස්කෝලේ ඉන්න පුළුවන් නේද සර්.." කියා අසුනෙන් නැගිට දණගසා මා හට වැඳ පන්තියට යාමට නික්ම ගියාය.
මෙයට,
පද්මසිරි කෝට්ටේගොඩ
විදුහල්පති - ගංතලාව මහා විද්‍යාලය
මොල්ලිපොතානේ.
Copied
Source - Facebook
> ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_
> @✍️THE OCEAN OF KNOWLADGE ©

😢
🥺
11