
The News Plus
16.9K subscribers
About The News Plus
තහවුරු කරන ලද තොරතුරු ලද සැණින් ජනගතකරණයේ ප්‍රමුඛයා ✅ දවසේ උණුසුම් පුවත් සඳහා පිවිසෙන්න www.thenewsplus.lk ✅ FOR ADVERTISEMENT 0775428087
Similar Channels
Swipe to see more
Posts

*ඊර්ශ්‍යාකරුවන් යනු ඔබේ සාර්ථකත්වයේ පෙර නිමිතිය* 💯👊


*ඔබ අද ගත කරන කටුක ජීවිතය හෙට නුබව ශක්තිමත් මිනිසෙකු කීරීමට මාර්ගය සකසමින් ඇති බව හොදින් මතක තබාගන්න*💯♥️


*තම පුතාගේ නම සොයමින් යන පියෙක්.🥺සිත සසල වුණා මොහොතකට* 😢💔 උපුටාගැනීමකි


*යුද්ධය අවසන් කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මැති තුමාගෙ නිදහස් දින සැමරුම් පණිවුඩය*👇


ප්‍රභාකරන්ගෙ ලේ තැවරුණු වැලි වගයක් බෑග් එකකට එකතු කර ගත්තෙ කවුද ? මට ඒ සෙබළා මතක නෑ... නමුත් සිද්ධිය මතකයි. එම සෙබළා ප්‍රභාකරන්ගෙ ලේ තැවරුණු වැලි එකතු කරන විට අපේ නිළධාරියෙකු මොකද ඔය කරන්නෙ කියලා අහලා තියෙනවා. ඒ වෙලාවෙ ඔහු ප්‍රභාකරන්ගෙ මිනිය පෙන්වමින් *" සර් දන්නවද මගෙ අම්මගෙ කුසින් ඉපදුනු මගෙ අයියලා තුන්දෙනෙක් අපේ යුධ පිටියෙ සිටියා... මූ ඒ තුන්දෙනාවම මරලා දැම්මා. මම මුගෙ මෙ ලේ ගැවුනු වැලි ගත්තෙ අයියලා මරපු පළිය ගත්තා කියලා අම්මටයි , තාත්තටයි පෙන්නන්න"* උපුටා ගැනීම -රණමග ඔස්සෙ නන්දිකඩාල්- #මේජර්_ජෙනරාල්_කමල්_ගුණරත්න


*සාර්ථකත්වය යනු ලගා කර ගත යුතු දෙයක් මිස නොමිලේ ලැබෙන දෙයක් නොවේ* ♥️💯


🛑 Breaking news කැරම් බෝඩ් නඩුවට අදාලව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතල වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් සහා ලංකා සතොස හිටපු සභපති නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම්

"ඔබ දැනටමත් දන්නා පරිදි, අපේ මාතෘ භූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුළම මෙතැන් සිට ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණි…." සිංහ ධජය යටතේ එක්සේසත් කළ අභිමානවත් ඒකීය රටක, 2009 මැයි 19 වන දින ජනතා නියෝජනයේ සංඛේතය වූ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තු සිව්වන සැසියේ ආරම්භක දේශනය පවත්වමින් විජයග්‍රාහී දේශයක ඔබේ ජනාධිපතිවරයා සහ සේනාධි නායකයා වශයෙන් සිදු කරන ලද ඉහත ප්‍රකාශය මා හට කිසිදා අමතක නොවේ. ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව, ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා අප සැම රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනයකි. ජනතා නායකයෙකු ලෙස පෞද්ගලිකව මා ද දුටු සිහිනයකි. 2005 වර්ෂයේදී මා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන විට ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත්වල නව රාජ්‍යකට අවශ්‍ය එල්.ටී.ටී.ඊ. පරිපාලන මධ්‍යස්ථාන ගොඩනගා තිබුණි. ත්‍රස්තවාදීන් යුධ, නාවික, ගුවන් බලයෙන් සන්නද්ධව අපේ මාතෘ භූමියෙන් තුනෙන් එකක් සහ එහි වෙරළ තීරයෙන් කොටසක් තම පාලනයට නතු කරගෙන සිටියහ. උතුරේ දෙමළ භාෂාව කතා කරන අපේම ජනතාව බිය ගන්වා ප්‍රාණ ඇපයට තබා ගනිමින් කප්පම් ද, අසාධාරණ ලෙස බදු ද උපයමින් තිබිණි. තරුණ තරුණයින් ද, පාසල් වයසේ කුඩා දරුවන් ද බලහත්කාරයෙන් තම හමුදා වෙත බඳවා ගැනීමට කටයුතු කරමින් සිටි ත්‍රස්තවාදීන් ආර්ථික මරමස්ථාන, ආගමික ස්ථාන හා දේශපාලන නායකයන් ඇතුළු සිවිල් ජනතාව ඉලක්ක කර ගනිමින් රට පුරා ප්‍රහාර දියත් කර තිබුණි. අවසානයේ ජනතාවගේ පිපාසය සන්සිඳවූ, කුඹූරු අක්කර දහස් ගණනක් අස්වැද්දූ ජල පහර පවා වසා දමමින් තම අන්තවාදී ත්‍රස්තවාදයේ කුරිරුබව ලොවටම පෙන්වා දෙන්නට තරම් ප්‍රාථමික විය. උපන් බිමත්, එහි උපන් මගේ ජනතාවගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දහස් ගණනක් මතින් ලේ පැහැයෙන් නව සිතියමක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් නිර්මාණය කර තිබුණි. ලෝකයේ බලවත්ම රාජ්‍යන් පවා ත්‍රස්තවාදයට බියවද්දී , එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවදයට එරෙහිව ප්‍රතිවාර දැක්වීමට මම තීරණය කළෙමි. ඒ මානුෂීය මෙහෙයුමකිනි. එල්.ටී.ටී.ඊ්. ත්‍රස්තවාදීන් 1975 දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමට භාවිත කළ තුවක්තුවේ සිට පුදුමාතලන් ප්‍රදේශයෙන් බේරී පලා යෑමට තැත් කළ සියලුම අහිංසක ශ්‍රී ලාංකික ජනතාව දක්වාම එල්ල කළේ අවි ආයුධ පමණි. අපි ඔවුන් බේරා ගත්තෙමු. ඔවුන්ට නිදහස් රටක් ලබා දුන්නෙමු. අප කළේ දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා රටේ සියලුම ජනතාව අපේ ජනතාවයි. මගේ ජනතාවයි. අපගේ අරමුණ වූයේ මේ රටේ සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාකර ගැනීමයි. වීරෝදාර යුධ සෙබළුන් යුද්ධ කළේ තුවක්කු බර දෑතින් දරාගෙන, මානව අයිතීන් රැකීමේ බර හිසින් දරාගෙන සහ මනුෂ්‍යත්වයේ බර හිතින් දරාගෙනය. ලොව සිටින අංක එකේ මානුෂීය හමුදාවේ සේනාධි නායකයා වූ මා යුද්ධය අවසන් වී වසර 16ක් ගෙවීයන අද දිනයේදී ද ඔවුන් වෙනුවෙන් ලෝකය සමඟ දේශපාලනිකව යුධ වදිමි. පසුගිය දිනක කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ ඊලාම් සිතියම නිරූපිත දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීම, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් වී දීර්ඝ කාලයක් ගත වී ඇති මෙවැනි කාල වකවානුවක පවා ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි තව දුරටත් ක්‍රියාත්මක බව පෙන්වන අවාසනාවන්ත සිදු වීමකි. එම අවස්ථාවේදී බ්‍රැම්ප්ටන් නුවර නගරාධිපති විසින් දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවට දරුණු චෝදනාවක් අප රටට එල්ල කළේය. එවකට සිටි රාජ්‍ය නායකයා වශයෙනුත්, සේනාධි නායකයා වශයෙනුත් පදනම් විරහිත එම චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි. දෙමළ සිවිල් වැසියන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි අවස්ථාවක, දෙමළ සිවිල් වැසියන් මිනිස් බෝම්බ බවට පත් කර තිබූ අවස්ථාවක යූධ පිටියට ගොස් ප්‍රාණ ඇපකරුවන් මුදා ගනිමින් සිදු කරන ලද අති මානුෂීය මෙහෙයුම් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ලොව දක්ෂතම හා විනයගරුකම හමුදාව බවට පත් කළහ. එදා තම ජීවිත බේරා ගත් දෙමළ ජනතාව හෘද සාක්ෂියට එකඟව මෙයට සාක්ෂි දරනු ඇති බව මම විශ්වාස කරමි. බිම් බෝම්බ පුපුරා යද්දීත්, තුවක්කු උණ්ඩ ලය මතට එල්ල කර තිබියදීත්, විෂ වායු ප්‍රහාරයන්ට ලක් වද්දීත්, ෂෙල් වෙඩි වැටෙද්දීත් අපේ රණවිරු දරුවන් වර්ග වාදයකින් තොරව මහපොළවේ සැමට සමාන අයිතියක් වෙනුවෙන් සටන් වැදුණි. එවන් ධෛර්යය සම්පන්න වීරෝධාර හමුදාව කිසි දිනෙක මානව හිමිකම් කඩ කිරීමක් හෝ යුධ අපරාධයක් සිදු නොකළ බව මම තරයේ අවධාරණය කරමි. ශ්‍රී ලංකා හමුදාව පරාජය කරනු ලැබුවේ එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසට 2008 වර්ෂයේ නිල වශයෙන් නම් කරන ලද සංවිධානයි. සටන් අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. එහෙත් සටන සම්බන්ධයෙන් ස්වයං විනයක් අප සතුව ඇත. සටන් වැදිය යුත්තේ කුමකට එරෙහිව ද යන්න අප හොඳින් තේරුම් ගෙන ඇත. අප රට දුටුගැමුණු, වළගම්බා, ධාතුසේන සහ විජයබාහු ආදී මහා රජවරුන් සතුරු ආක්‍රමණ පරාජය කර වීරත්වය තහවුරු කළ රටකි. දාඨිය, පලයමාර සහ එළාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ රටකි. ලෝකයේ අධිරාජ්‍යන් ස්ථාපිත කළ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කළ හෙළ සටන්කාමීන් සිටි රටකි. අධිරාජ්‍යවාදයට එරෙහිව වීරත්වයෙන් සටන් කළ සංඝ පරම්පරාවක් ද කැප්පැටිපොළ සහ වීර පුරන් අප්පු වැනි වීරවරුන් ද සිටි රටකි. දශක තුනක් පුරා පැවති අමිහිරි යුද්ධයක් අවසන් කරමින් වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පුදා රැකගත් රටකි. මා දණින් වැටී නමස්කාර කළේ අපේ වීරෝදාර රණවිරු දරුවන් දහස් ගණනකගේ ජීවිත පූජාකර රැකගත් ඒ උතුම් නිදහස් මාතෘ භූමියයි. මින් ඉදිරියටත්, මා ජීවත්ව නොසිටින දිනක දී වුවත් අප සැමගේ මාතෘ භූමිය ස්වෛරීය රාජ්‍යක් ලෙසින් එක සිංහ ධජයක් සෙවනේ පවතීවා! යන්න මගේ එකම ප්‍රාර්ථනයයි. එවන් ඒකීය රටක් වෙනුවෙන් මින් වසර 16කට පෙර යුධ බිමේ රුධිරය වගුරුවා ඇස්, ඉස්, මස් දන් දී අවසානයේ තම හුස්ම පවා රට වෙනුවෙන් කැප කළ වීරෝදාර යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ දරු දැරියන්ව ද, අප වෙනුවෙන් අහිමි කර ගත් දෑත් දෙපා නිසා අබාධිත තත්ත්වටය පත්ව සිටින සියලුම රණවිරු දරු දැරියන්ව ද, විජයග්‍රාහී ගමනක පෙරමුණ ගත් එවකට ධූරයන් හෙබවූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ, නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති තුමන්, සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී ඇතුළු සියලුම නිලදරුවන් ද මම ගෞරවයෙන් සිහිපත් කරමින් ආචාරය පුද කරන්නෙමි. එවන් නිර්භීත දරුවන් බිහි කරමින් තම මව්බිම වෙනුවෙන් සංග්‍රාම භූමියට යන්නට නියත විවරණ දුන් මව්පියවරුන්ද, අපමණ කැපකිරීම් කළ බිරින්දෑවරුන් ද, ස්වාමිවරුන් ද මම ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. පැවති සංකීර්ණ දේශපාලන, ආර්ථික හා සාමාජයීය තත්ත්වයන් මැනවින් තේරුම් ගනිමින් සියල්ල ඉවසා සහයෝගය ලබා දුන් සියලුම ශ්‍රී ලාංකික මගේම ජනතාවට ද මාගේ ප්‍රණාමය පුද කරමි. රට වෙනුවෙන් දිවි පිදූ තම දරුවාගේ නම රණවිරු ස්මාරක නාම පුවරුවෙහි වියපත් ෑසින් සොයන මව් වරුන්ද , පිය වරුන් ද මම දැක ඇත්තෙමි. නිල ඇඳුම ඇඳගත් රණවිරුවා මාතෘ භූමියේ අභිමානය වනවා සේම කිසි දිනෙක මිය නොයනා බව මම විශ්වාස කරමි. මහින්ද රාජපක්ෂ පස්වන විධායක ජනාධිපති

දිනය හරියටම 2009 මැයි මාසේ 17 වෙනිදා එළිවෙන ජාමය. හරියටම කිව්වොත් අවුරුදු 16කට කළින් අද වගේ දවසක. එල්ටීටීඊ කඳවුරු බිඳගෙන ඉදිරියට ආපු හමුදා සේනාංක මුළු උතුරු-නැගෙනහිරම නිදහස් කරගෙන මුලතිව් වලින් හමුවෙලා නන්දිකඩාල් බිම් කඩට එල්ටීටීඊය කොටු කරල තිබුන අවස්ථාව. මේ රවුමෙන් සලකුණු කරපු බංකරයේ ඉඳල නන්දිකඩාල් කළපුව අතර දුර මීටර් 300 - 500 විතර. දැනුවත් වුන විදිහට ඒ සිමාව තුල ප්‍රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා. මේ අතරතුර කොළඹ තත්වය වුනේ, ගෝඨාභය වටා යුඑන් සහ බටහිර තානාපති කාර්යාල අධික ලෙස පීඩනය යොදමින් ප්‍රභාකරන් ජීවග්‍රහයෙන් ලංකාවේ මුහුදු සිමාවේ නවතා තිබු ඇමෙරිකානු යුද නැවට පැටවීමේ මෙහෙයුම. (ඒ වෙනකොට සරත් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලයේ වගකීම් වලින් ඉවත් වෙලා/කරලා) නමුත් ගෝඨාගේ නියෝගය වෙලා තිබුනේ "ඉක්මණට ගහල දාපන්.. මෙතන මම බැලන්ස් කරගන්නම්" කියන ස්ථිර වචනය. නමුත් ආරක්ෂක ලේකම්ට වුනත් බටහිර බලපෑම අල්ලන් හිඳීම දරාගැනීමේ උපරිමයට ලඟා වෙමිනුයි තිබ්බේ. තානාපති කාර්යාල පීඩනය ක්‍රියාන්විතයේ යෙදුණු නිලධාරීන්ටත් නොතිබුනත්, ඔවුන්ට ඉවෙන් වගේ දැවැන්ත බටහිර මැදිහත්වීමක සලකුණු දැනෙන්න ඇති. කොහොම වුනත්, වැඩිපුර මිනිත්තුවක හෝ ප්‍රමාදය, ප්‍රභාකරන් තවදුරටත් ජිවත් වෙනවද නැද්ද කියන එක තීරණය කරනවා. ඒ කොටස කිවේ, ප්‍රමාද වෙන මිනිත්තුවක් රටේ දෛවය වෙනස් කරන්න ඇති කල හැකි බලපෑම ගැන අදහසක් ගන්න. ඒ වෙනකොට, LTTE විශේෂ බලකාය හෙවත් කළු කොටි දියත් කරපු ප්‍රභල ප්‍රහාර රැළි 2කින් අපේ පිහිටුම කි.මි.1 වඩා පස්සට අරගෙන නැවත ඔවුන් දෙසට පීඩනය යොමු කරමින් ආපු ගමනකයි අපේ පිරිස ඉඳල තියෙන්නේ. රැයක් එලිවීම, තවත් එවැනි රැල්ලක් හෝ අවදානම් සිමාව උන්ගෙන් අපිට මාරු වෙන්න ඉඩකඩ උපරිමයි. මේ කියන බංකරය මේ බෙදුම් රේඛාවේ තීරණාත්මක තැනක්. ඕක කඩපු ගමන් පිටිපස්සේ ඉන්න මිනිස් පලිහෙන් 2/3කට වඩා දොර ඇරෙනවා. ඊට පස්සේ විවෘත වෙන්නේ, තැනිතලා සහිත අභියෝගයන්. ඒ වෙනකොට, විශේෂ බල ඝණයන් සහ ස්නයිපර් කණ්ඩායම් ඔවුන්ට නියමිත සමාන්තර වැදගත් කමින් යුතු මෙහෙයුම් වල අතිශයින්ම කාර්යබහුලයි. මේ ඉලක්කය දීලා තිබ්බේ 58 සේනාංකය බාරව හිටපු ශවේන්ද්‍ර සිල්වාට, ඔහුගෙන් මේ කාර්යය බාර වෙලා තියෙන්නේ, බ්ලු චැනල් අන්වර්ථ නාමයෙන් යෙදුණු 586 (හෝ වෙනත් බ්‍රිගේඩ් එකක්) 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාර වෙලා හිටපු එවකට ලුතිනන් කර්නල් ලාල් චන්ද්‍රසිරිගේ කණ්ඩායමට. ඒ ඔහු ඊට නියමම සුදුස්සා නිසා (ඊටත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා). ඔහුගෙන් මේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බලඇණියේ තුල නිර්මානය කල අටේ කණ්ඩායමට.මිට අදාලව රෑ 2ක් ඔවුන්ට බරපතල පුහුණුවක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. කොහොම හරි, මේ 8 , 4 ඒවා 2ට බෙදිලා දෙපැත්තෙන් මීට සමාන්තර බංකර් පේළිය රෑම කඩල, මේකට විතරක් එළිවෙනකන් ගේමක් දීලා. අවතක්සේරු කරන්න එපා, LTTE විශේෂ බලකාය හෙවත් කළු කොටි අතිශයින්ම කාර්යක්ෂමයි, සහ ඔවුන්ගේ ප්‍රහාරක බලය ඉතාම ඉහලයි. එදා එලිවෙනකොටත් මේක ගලවගන්න බැරි වීම බොහෝවිට යුද්ධයේ හැරවීම් ලක්ෂයක් වෙන්න තිබ්බලු. ඔතන අටේ ඉඳල තියෙනවා සාජන් හෝ කෝප්‍රල් කෙනෙක් (නම නොදන්නා නිසාම ඔහුට නාදුණන සොල්දාදුවා කියලා හදුන්වමු). මෙයා කියල තියෙන්නේ, " සර් ටෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ, මගේ අම්ම තාත්ත වයසයි, සහෝදරයෝ නැහැ, මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්, මම මේක ඉරපායන්න කලින් සර්ට මේක කඩල දෙනවා " ඒ තමයි 9 වන ගැමුණු හේවා බල සේනාංකය බාරව හිටපු එවකට ලුතිනන් කර්නල් ලාල් චන්ද්‍රසිරිට ලැබුණ අවසාන පණිවිඩය.. පැයක් ඇතුලත බංකරේ ඇතුළෙන්ම පිපිරීමක් ඇවිල්ල එතන හිටපු ටෙරාලගේ විශේෂ බලඝනයේ 10, 15ක් පිරිසත් එක්කම අපේ කොල්ලගේ ජීවිතෙත් අවසන් වෙලා තියනවා.මේ අටේ කණ්ඩායමේ ඔහුත් සමග හිටපු කෝප්‍රල් සම්පත් කීවෙත්, අපේ එක්කෙනෙක් ඒකට පනින එකෙන් මෙහා එක ගලවන්න බැරි නිසා ඔවුන් අසරණ වෙලා හිටපු බව සහ මේ කථානායකයා සම්පත්ට එයාගේ නේම් ටැග් එක ගලවල දුන්නලු අම්මට දෙන්න කියල. මේ කථාව, යුද්දයේ අවසානය ගැන කියවෙන හැම මොහොතකම මගේ ඔළුවට වද දෙනවා. මම හිතෙන් ඔහුට නමස්කාර කරනවා. මේ විදිහට, පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකළ නාදුදන සොල්දාදුවන් දහස් ගානක් නිසා, විශේෂයෙන්ම දෙමළ ජනතාවටත්, මුස්ලිම්, සිංහල ඇතුළු, සමස්ථ ජාතියම අද නිදහසේ හුස්ම ගන්න බව ආශ්වාස ප්‍රාශ්වාසයේ යෙදෙන හැම මොහොතක සිහියට ගන්න. අද මම ඔබ, ඔබේ දරුවන් ගන්න හුස්මක් හුස්මක් පාසා අප ඔවුන්ටත් ඔවුන්ගේ දෙමව්පියන්ට සහ දරුවන්ටත් ණය බව අමතක නොකරන්න. අවසානයේ යුද්ධය අවසන් වීමෙන් පසුව, ලු.ක. චන්ද්‍රසිරි මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් ඔවුන්ගේ දෙමාපියන්ට නිවසක් තනා දී තිබෙනවා. පපුවට අත තියාගෙනයි ඔහු මෙවැනි ආකාරයට කැප කිරීම් කළවුන් ගැන කථා කරන්නේ.මතක තබාගන්න මෙවැනි හසලක ගාමිණි කුලරතනල පන්නයේ, නම නොකියවෙන නාදුනන සොල්දාදුවන් දහස් ගනනක් ඔබට මට හෙට උපදින දරුවන්ට සුරක්ෂිත සාමයෙන් පිරි රටක් උදා කරදීම සදහා මෙවැනි තීරණාත්මක කඩයිම් බොහොමයක් දිවි පුදා පසුකරදුන් බව... උපුටාගැනීමකි.