Mahamevnawa WhatsApp Channel

Mahamevnawa

3.0K subscribers

About Mahamevnawa

Mahamevnawa is one of the largest Buddhist organizations in Sri Lanka, founded by Ven. Kiribathgoda Gnanananda Thera. 🙏 Invite your friends to follow this channel: https://whatsapp.com/channel/0029Va7yPDd2v1IpxqORpT0s 🌐 https://mahamevnawa.lk/ YouTube Channel 👉 https://www.youtube.com/@mahamevnawa

Similar Channels

Swipe to see more

Posts

Mahamevnawa
Mahamevnawa
6/21/2025, 12:04:47 PM

https://youtu.be/LPsdj50GJDI?si=bFP-A28VDMiN0lXM

🙏 ❤️ 🪷 🥰 40
Mahamevnawa
Mahamevnawa
6/20/2025, 12:21:20 PM
Post image
🙏 ❤️ 🪷 59
Image
Mahamevnawa
Mahamevnawa
6/18/2025, 12:59:56 PM

මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගෙයි. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා පිරිහිලා යන කෙනෙක්. කලුවර වේගෙන යන සඳක් වගේ. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත්වුණ වේලිලා ගිය කෙනෙක්. දිය සිඳුණ තැනක ඉන්න මාළුවෙක් වගේ. මෝඩ තැනැත්තා බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙත් වැරදි සොයන අදහසින්මයි. එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙව්වා වගේ. එහෙත් නුවණැති තැනැත්තා සතුටු සිතිනුයි බුදු සමිඳුන්ගේ ධර්මය අහන්නෙ. එයා ආශ්‍රවයන් නැති කරලා දානවා. අමා නිවන සාක්ෂාත් කරනවා. පරම ශාන්තියට පැමිණෙනවා. නිකෙලෙස් සිතින් පිරිනිවන් පානවා. - යසදත්ත නම් රහත් මුනිඳුන් - (ථේරගාථාපාළි - ඛුද්දක නිකාය)

Post image
🙏 ❤️ 💯 50
Image
Mahamevnawa
Mahamevnawa
6/18/2025, 3:10:43 AM
Post image
🙏 ❤️ 🪷 59
Image
Mahamevnawa
Mahamevnawa
6/19/2025, 3:22:01 AM

https://youtu.be/33gLdkPNLg0?si=o9PXqdpoJcAQzH4k

🙏 34
Mahamevnawa
Mahamevnawa
6/15/2025, 12:14:59 PM

https://www.facebook.com/share/p/14Dt6U3aaFA/

🙏 ❤️ 36
Mahamevnawa
Mahamevnawa
6/16/2025, 1:47:21 PM

https://www.youtube.com/watch?v=ISUsVhfUhwA

🙏 ❤️ 51
Mahamevnawa
Mahamevnawa
6/14/2025, 2:42:45 PM

ධම්මපදය ඉතාම රසවත් ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත් ද! ධම්මපදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකක ම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමට යි. එනිසා ධම්මපදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා. ඇත්තෙන්ම ධම්මපදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයට ම යි ආසාව ඇති වෙන්නේ. එනිසා ම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයන්ට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක් ද! මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහා ම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨකථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුණත් සම්පූර්ණයෙන් ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම පොතක් ම ලිව්වේ අටුවාව කියවලයි. මේ පොත්වල ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා. මෙම ධර්ම ග්‍රන්ථ ශ්‍රද්ධාවෙන් ප්‍රකාශනයට පත් කරන දයාවංශ ජයකොඩි මහතාටත්, එම මැතිණියටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා! එමෙන්ම මේ පොත් ලිවීමට මා හට උපකාර කළ මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලාට හා දරුවන්ටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා! මා හට නන් අයුරින් සහයෝගය දෙන උපස්ථාන කරන සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා! මේ පොත් කියවන ඔබ සැමටත් උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා! හැම දෙනාට ම තෙරුවන් සරණයි! ✍️ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Post image
🙏 ❤️ 🪷 63
Image
Mahamevnawa
Mahamevnawa
6/12/2025, 5:12:23 AM
Post image
🙏 29
Image
Mahamevnawa
Mahamevnawa
6/12/2025, 5:12:23 AM
Post image
🙏 27
Image
Link copied to clipboard!