
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 12, 2025 at 04:20 AM
ඔන්න ගොඩක් අය ඉල්ලපු නිසා අපි *Essays ලියන්නේ කොහොමද?* කියලා බලමු.
🔮 ඉංග්‍රීසි paper එකේ සාමාන්‍යයෙන් essay එකක් එන්නේ Test 16 වල ලකුණු 15 ප්‍රශ්නයක් විදියට. මේ ළකුණු 15 කියන්නේ අපි ගන්නේ A/ B/ C/ S/ W වලින් කොයි අකුරද කියලා තීරණය කරන්න පුළුවන් තැනක්. අපි මේකෙදි ලකුණු සාමාන්‍යයෙන් 11-15 අතර වගේ තියාගත්තා කියන්නේ ඉතින් 🅰️ sure තමයි.
🪄එතකොට මේ වගේ Essays ලියද්දි අපි කොහොමද ලියන්නේ?
සාමාන්‍යයෙන් අපිට essay එකකට ලකුණු ලැබෙන රටාවක් තියෙනවා. ඒකෙදි පහළ තියෙන කරුණු වලට යටත්ව තමයි ලකුණු ලැබෙන්නේ. නැතුව අන්තිම රූල වෙනකන් ලිව්වයි කියලා වැඩි ලකුණක් ලැබෙන්නේ නැහැ. (එහෙමයි කියලා මැදක් වෙනකන් ලියලා නිකන් ඉන්නත් එපා ඉතින් 🌝)
1. Content එක
- Content එක, එහෙමත් නැත්නම් අන්තර්ගතය කියන්නේ රචනාවකට අනිවාර්‍ය දෙයක්. හිතන්නකෝ අපි *Environmental Pollution - පරිසර දූෂණය* ගැන ලියනවයි කියලා, එතකොට අපිට ඒකේ ඇතුළේ අපිට මෙන්න මේ කරුණු ගොනු කරන්න පුළුවන්.
- පරිසර දූෂණය කියන්නේ මොකක්ද?
- පරිසරය දූෂණය වෙන්නේ කොහොමද?
- පරිසර දූෂණයට හේතු මොනාද?
- කවුද පරිසර දූෂණය කරන්නේ?
- පරිසර දූෂණයෙන් වෙන හානි මොනවද?
- කොහොමද අපි පරිසර දූෂණය අවම කරන්නේ?
- කවුද අපිට ඒකට උදව් කරන්නේ?
- ඒකෙන් අපිට ලැබෙන වාසි (ලෝකෙට)
මේ විදියට කිව්වට පස්සේ අපිට අන්තිමටම අපි අද ඉඳන් පරිසර දූෂණය අවම කරන්න කටයුතු කරන්න ඕනි කියලා අපිට රචනාව ඉවර කළහැකි. Points ටික පොඩියි වගේ පෙනුනට ඕක ලියද්දි හෙන හෑල්ලක් ලියවෙනවා :) අත්දැකීමෙන් කියන්නේ 😌
ඒ වගේම වැදගත් දෙයක් තමයි *එකම කරුණ ආයේ ආයෙත් ලියන්න එපා* කියන එක. මොකද ඒ මෝඩ වැඩේ නිසා අපිට ලියන්න ඕනි වැදගත් දේ වෙනුවට නැති පල්හෑලි ලියවෙන නිසා. එතකොට ලොවෙත් ලකුණු නෑ ඉතින්. 😪
2. Language skills
මෙතන ඉන්න අපි බහුතරයකගේ මව් භාෂාව ඉංග්‍රිසි නෙවෙයි නිසා අපිට භාෂාව හසුරවන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. එහෙමයි කියලා සැලෙන්න හොඳ නෑ. ලියද්දි ලියන්න ඕනි දන්න හොඳම විදියට 😌 ඒ කියන්නේ ලෝකෙවත් නැති බරසාර වචන පාවිච්චි කරන්න කියන එක නම් නෙවෙයි.. (ඒවත් ඕනි තමයි හැබැයි වැඩිය නෙවේ ඉතින් 😁) ඒ කියන්නේ ඔයා වාක්‍යය ලියද්දි ඔයාගේ වචන හසුරවන විදිය; ඔයා දෙන්න ඕනි අදහස හොඳට පැහැදිළි වෙන විදියට වාක්‍ය ලියන්න ඕනි. අන්න එතනදි තමයි ඔයාට ඔය *Tenses* කියන එක වැදගත් වෙන්නේ.
ඇයි?
මොකද අපි වාක්‍ය ලියද්දි හැමඑකම active voice ලියන්න ඕනි කියලා නීතියක් නෑ. එතෙනදි අපිට highlight කරන්න ඕනි දේ තමයි වැදගත්. හිතන්නකෝ අපිට පරිසර දූෂණය ගැන ලියද්දි කියන්න ඕනි මේ පරිසර දූෂණය කරන ප්‍රධාන කණ්ඩායමක් තමයි එක එක chemicals පිටකරන factories කියලා. එතකොට ඔයාට මෙතනදි වැදගත් කවුද? Factories නේ... ඉතින් අපිට ඒ වාක්‍ය මෙහෙම ලියන්න පුළුවන්.
*" The Factories who release many unhealthy chemicals to nature carelessly have taken a huge part in polluting the environment"*
ඒ වගේම හිතන්නකෝ අපිට කියන්න ඕනි කියලා Factories වලින් පිටවෙන chemicals වර්ග පරිසර දූෂණයට බලපානවා යි කියලා කියන්න ඕනි කියලා. මෙතනදි වැදගත් වෙන්නේ chemicals වල කතාව නේ. අපිට ඒක ලියන්න පුළුවන් මේ විදියට.
*" The Chemicals which are released inappropriately by factories to the nature have a vast influence for the environmental pollution"*
එකම වගේ වාක්‍ය කියලා හිතුණට දුන්නු අදහස එකිනෙකට වෙනස් කියලා ඔයාලට තේරෙනවා නේද?
ඒ වගේම අපිට literature වලදි පවා හම්බෙන හොඳ ලියවිල්ලක ලක්ෂණයක් තියෙනවා. ඒතමයි *දිගු වැකි හා කෙටි වැකි (long and short sentences) භාවිතය* . අපිට මේක රචනා ලියද්දිත් පාවිච්චි කරන්න පුළුවන්. ලස්සනට දිගට ලියන වාක්‍ය එක්ක පුංචි පුංචි කෙටි වාක්‍යත් මැදින් දැම්මාම මේක පාට පාට sprinkles ඉහපු cake එකක් වගේ ලස්සනට තියේවි 🌝😋
3. Organization
මේ කතාවනම් අර මුලින් කිව්ව content කතාවත් එක්කම යන එකක්. ඒ කියන්නේ අපි ලියන රචනාව ලස්සනට ගලන ගඟක් වගේ ගලන් යන්න ඕනි. නැතුව හෙණගහන්න වගේ කරුණු මැදින් මැදින් රිංගෙව්වොත් රචනාවෙ quality එක බහිනවා. අපිට තියෙන පුංචි පොයින්ට් ටික වුණත් ලස්සනට පිළිවෙළට ලිව්වොත් ලකුණු ගන්න පුළුවන් හැමවෙලේම quality over quantity කියන දේ මතක තියාගන්න. රටවටේ තියෙන ඔක්කොම කරුණු ටික ඔක්කොම කුණු බේරෙ වැවට වගේ රචනාවේ ලියන්න එපා අදාළ කරුණු විතරක් පිළිවෙළට ලියන්න ❤️
4. Mechanics of writing
ලිවීමේ තාක්ෂණය, පෑනෙන්ද පැන්සලෙන්ද නෙවෙයි, අපි ලියද්දි පාවිච්චි කරන techniques ගැන තමා මේ කියන්නේ.
- පැහැදිලි අත්අකුරු
- spelling errors (වචනවල වැරදි) අඩු වීම
- Punctuation (හරි විදියට විරාම ලකුණු යෙදීම)
ඔන්න ඔය කරුණු ගැන අපි පොඩ්ඩක් බලන්න ඕනි. අපිට රචනාව මුතුවන් අකුරින් ලියන්න බැරි වුණාට මනුස්සයෙක්ට කියවන්න පුළුවන් විදියට ලියන්න පුළුවන් වෙන්න ඕනි. අනික අර සරදියෙල්ට වුණා වගේ වැඩ නොවෙන්න විරාම ලකුණු දාන්න. අදාළ නැති තැන්වල ඕනිනැති විදියට punctuation marks පාවිච්චි කරන්න එපා. අදාළ තැන්වලදි ඡේද කඩලා ලියන්න. එකගොඩේ ලියන්නත් එපා. අනික වචන ගැන සැලකිළිමත් වෙන්න. හරියට sure නැත්තං වචනේ spellings ඒකට සමාන වචනයක් හරි phrase එකක් හරි replace කරන්න. ඉල්ලන් කන්න ඕනි නෑනේ 😌🌝
5. Matching the topic
මෙන්න මේකනම් ගොඩක් අය අනාගන්න part එකක්.
ඇයි?
මොකද ගොඩක් අය රචනාවේ topic එකට අදාළ නැති වෙන වැල්වටාරම් ලියන්න ගිහින් ලකුණු නැති කරගන්නවා. අපි ලියන්නේ රචනාවක් මිසක් අටුවා ටීකා නෙවෙයිනේ. ඒක නිසා කරුණට අදාළව කෙලින්ම point එකට ලියන්න. වටේ යන්න එහෙම ලෑස්තිවෙන්නෙපා 🌝
පරිසර දූෂණය ගැන ලියද්දි අපිට වතුර නාස්තියවත්, අනවශ්‍ය විදියට සම්පත් භාවිතයත් කියන ඒවා වැඩියෙන් ලියන්න ඕනි නෑනේ. ඒකනිසා කූඩැල්ලෙක් වගේ ඒ ටිකේම එල්ලිලා ඉන්නෙ නැතුව ඉස්සරහට ලියන් යන්න ඕනි 😁 අර මොකාද එකා වගේ එකම ටික කණපිට ගගහා ලියන්න එපා.
6. Thesis sentence එකක් පාවිච්චි කරන්න
Thesis sentence? ඒ මොන මංගල්ලයක්ද කියලා හිතන්න එපා. Lit කරන අයට නම් මේක අහලා පුරුදුත් ඇති. මේකෙ සරල තේරුම තමයි අපි මොනවාහරි දෙයක් කියන්න කලින් අපි කියන්න හදන දේ සාරාංශ කරපු වාක්‍යයක් මුලින් දාන එක. උදාහරණෙකට
Environmental pollution has many bad consequences (පරිසර දූෂණයේ නරක ප්‍රතිවිපාක බොහොමයක් ඇත)
ඉතින් ඔන්න ඔය කියමන අපිට පුළුවන් ඉස්සරහට විස්තර කරගෙන, උදාහරණ එහෙම දාලා ලියන්න (elaborate)
7. ඔයාගේ opinions (අදහස්), යෝජනා (suggestions) සහ ඔයා කරන දේවල් එකතු කරන්න
රචනාවකදි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහේ කියන්නන්වාලේ රචනා ලියන ළමයෙක් නෙවෙයි. එහෙනම් ඉතින් chatgpt වගේ දාලා රචනාව ලියෝගන්නවනේ එයාලා. එයාලා බලාපොරොත්තු වෙන්නේ හොඳ ලිවීමේ ශෛලියක් විතරක් නෙවේ. අපි යමක් දිහා බලන කෝණය වගේම අපේ අදහස් උදහස් එහෙමත් මෙතනදි බැලෙනවා. ඉතින් අපි essay එකක් ලියද්දි critical විදියට (තාර්කිකව) හිතලයි ලියන්න ඕනි. අන්න ඒක තමය් සාර්ථක, නිර්මාණශීලී ලියවිල්ලක් වෙන්නේ 💪😌
ඉතින් ඔය උඩ කිව්ව කරුණුත් එක්ක රචනාවක් ලිව්වොත් ඔයාට ලකුණු 12-15 ත් අතර ගන්න එක අමාරුවෙන්නේ නෑ ලස්සන ළමයෝ 😗
𝔸𝕕𝕞𝕚𝕟 𝕟𝕦𝕨𝕒𝕟𝕚
[Your English guider]
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
> https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A
*✿ Short Notes 📒🔖*
*✿ Study tips & Tricks 🔐📖*
*✿ Study Motives ✒️🖇️*
*✿ Educational resources 🗂️*
*✿ Poll MCQ Questions 📈*
*ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*
❤️
👍
🅰️
🌚
💗
🖤
😎
😘
🙏
🤗
49