𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨ WhatsApp Channel

𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨

59.4K subscribers

About 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨

Admin Contact : https://wa.me/message/LGPQHGAIIR4LC1 *Hello Friends!! 🙃 Welcome to our official Educational channel* 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨ *https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A* *ඔබත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින 10/11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් නම් දැන්ම අපත් සමග එකතුවෙන්න 💗 ඔබ‍ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම Study resources ඇතුළුව,* *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll MCQ Questions 📈* *ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.තමන්ගේ යහළුවෝ හැමෝටම Channel ලින්ක් එක ශෙයා කරලා අපි මේ කරගෙන යන නොමිලේ සත්කාරයට ඔයාලගෙ යහළුවෝ හැමෝම එකතු කරගන්න 🙃✨*

Similar Channels

Swipe to see more

Posts

𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
3/1/2025, 11:04:41 AM

*කතෝලික ධර්මය O/L* *විශේෂ පද, ග්‍රීක/ හෙබ්‍රෙව් වචන හා අරුත්...🤍🕊️* *1. එළිදරව්ව* - සැගවුණු තිබූ යමක් ප්‍රකාශ වීම හෝ අනාවරනය වීම *2. හොක්මා* - ප්‍රඥාව (සාර්ථකව හා ධර්මිෂ්ඨව ජීවත් වීමේ හැකියාව) *3. INRI* - ජේසු නසරේනු ජුදයන්ගේ රජ *4. අල්පා* - ආරම්භය *5. ඔමෙගා* - අවසානය *6. පෙන්තකොස්තය* - පනහ *7. පේදුරු* - පර්වතය *8. කෛරාටිකයන්* - වෙස් මුහුණක් දමාගෙන නාට්‍යක රග පෑම *9. ලිටුර්ජියා* - ජනවන්දනාව *10. ලාඕස්* - ජනතාව *11.එර්ගොන්* - වැටුපක් නොලබා කරන සේවය *12. ටෝරා* - පංච පුස්තක‍ය *13. ප්‍රොතෙස්තන්තවරු* - කතෝලික නොවන ක්‍රිස්තු භක්තිකයන් *14. සෙප්ටුවාජින්තය* - හැත්තෑව *15. නබී* - දේව කැමැත්ත නොහොත් පණිවිඩය අන් අයට ප්‍රකාශ කරන තැනැත්තා *16. ප්‍රොෆේටේස්* - කෙනෙකු වෙනුවෙන් කතා කරන්නා *17. අගුස්තීනු තුමාට අනුව ප්‍රාතිහාර්ය* - ස්වභාවධර්මය තුල අප දන්නා සත්‍යතාවයන්ට පටහැනිව සිදුවන ක්‍රියාවකි. *18. දේව රජ්‍ය* යනු දේව කැමැත්තට හා දේව පාලනයට නතුවීමයි. *19. H තුන* - ශුද්ධ වූ යාගය,ශුද්ධ වූ ජපමාලය,ශුද්ධ බයිබලය *20. රාදා* - පාලනය කිරීම, සත්ව පාලනය, සංරක්ෂණය *21. අබාද්* - වගා කිරීම. *22. ශාමාර්* - රැක බලා ගැනීම *23. ශාලොම්* - සාමය *24. ආමෙන්* - යාච්ඥාවෙන් ඉල්ලූ දෑ නොවැරදීම ලැබෙන බවට විශ්වාස කරමින් කරන විශ්වාසයේ ප්‍රකාශනය *25. රොසාරියුම්* - ජපමාලය, රෝස මල් උයන, රෝස මල් දම *26. වෙස්පර්ස්* - සැඳෑ යාම යැදුම (මෙය දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසු හඳුන්වන්නේ යාමයන්හි ජනවන්දනාව ලෙසය. ඊට පෙර මෙය දේව කාරිය ලෙස හඳුන්වා ඇත.) *උදා යාම යැදුම* සඳහා _සෙකරියස් තුමාගේ ප්‍රශන්සා ගීය_ ද *සැඳෑ යාම* යැදුම සඳහා _මරිය තුමියගේ උදාන ගීය_ ද *රාත්‍රි යාම යැදුම* සඳහා _සිමියොන් තුමාගෙ ප්‍රසන්ශා ගීයත්_ යොදා ගනු ලබයි. *Admin Showdy 💙🐺*

Post image
❤️ 🙏 👍 🔥 20
Image
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
3/1/2025, 9:52:41 AM

*අද polls වැඩසටහන 👀🪄* *ඉතිහාසය කෙටි ප්‍රශ්න 😌😎* *හවස 07.00 ට ප්‍රශ්න දෙනවා.... හැමෝම හරි උත්තරේටම vote කරන්න ළමයි 😙❤️* *රෑ 09 ට උත්තර බලමු*

👍 2
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
3/1/2025, 9:53:26 AM

*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉* *✨ `09. උග්ගසේන නම් සිටුපුත්හුගේ වස්තුව` ✨* `II කොටස` *03. `උග්ගසේන සිට පුත්‍රයා අභියෝග ජයගත් පුද්ගලයෙක් බව` පැහැදිලි කිරීම* *"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමී."* *"මෙතනට සත් වන දවස් මම ශිල්ප දක්වමි." උග්ගසේන සිටුපුත් නුවරට කියා යවූහ."* *"සත් වන දවස් බොහෝ දෙනෙක් රැස් ව මැස මත්තේ මැස ගත්හ. උග්ගසේන සිටුපුත්හු ද සැට රියන් හුණදණ්ඩක් බිම හිඳුවාලා හුණදඬු අගට නැන්ගෝ ය."* *04. `භාෂා භාවිතය` පිළිබඳ පැහැදිලි කිරීම* *_▪ සරල බස් වහර_* *"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මීයෙමි."* *"ගැල් රකින්නවුගෙ පුත" "බර උසුලන්නවුගෙ පුත," "කුමකුත් නොදත්තවූගේ පුතැ" යි කිය කියා නළවයි.”* *_▪ උපමා භාවිතය_* *"සත් විටක් පෙත්තක් මෙන් සිසෑරි..."* *"පැසුණු ගොයම් මුල් වූවා සේ දුක් ගෙන..."* *"සැටවස් ගිය මහ තෙර කෙනෙකුන් වහන්සේ මෙන් ආකල්ප..."* *_▪ සංවාද ශීලී භාෂාව_* *"මේ හැම මා අරභයා කිය වූ දැ?"* *"එසේ ය, අනික් කාට කියම් ද?"* *_▪ කෙටි වැකි භාවිතය_* *"ලදොත් ජීවත් වෙමි. නොලදොත් මියෙමි."* *"ම දුව විකුණන්නා නැත. රන් හැර ගෙන නොදෙමි."* *_▪ අනුප්‍රාස_* *"නිරවද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් ඓහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාව..."* *"බොහෝ දෙනත් මැසි මත්තෙහිය මැසි ගස්වා ගෙන කෙළි බලති."* _________________________________ Created by, *~admin saranya ♥️* *Success Behind 9A*🔐✨ *https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A* *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll questions 💹💯* *ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.* #A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉

❤️ 👍 💗 🖕 9
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
3/1/2025, 9:50:51 AM

*ජීවිතයේ අමතක නොවන* *ලස්සනම* *ජීවිතයත් සතුට විතරක්ම* *අරන් එන* *මායාකාර* *හැමදෙකින්ම දිනවන* *හරිම පුදුමාකාර* *හැමදේම සාර්ථක වෙන* *ආදරණීය* *`මාර්තුවට සුභපැතුම්` 🫶🏻✨* *~ admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*

Post image
❤️ 👍 21
Image
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
3/1/2025, 1:14:37 AM

Buddhism Short note🙃✨ *රේරුකාණේ චන්දවිමල මහනාහිමි🍃* ✨උපත: 1897 ජූලි 19 දී කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ රේරුකාණ ගමේදී ✨නම: රූබල් ගුණවර්ධන ✨මව: මුණසිංහගේ පොඩි නෝනා ✨පියා: පවුලිස් ගුණවර්ධන 🌻බුරුම ජාතික විනයාලංකාර හිමියන් යටතේ 1906.01.27 දින පැවිදි විය 🌻1908 දී බුරුමයට වැඩම කොට බුරුම භාෂාව , සූත්‍ර, විනය, අභිධර්මය ප්‍රගුණ කළහ. 🌻1917 දී බුරුමයේ ධම්මිකාරාම සීමාවේදී උපසම්පදාව ලබා ගත්හ. 🌻පසුව මෙරටට වැඩම කොට දෙමටගොඩ මහා විශුද්ධාරාම පන්සලේ වැඩ විසීය. 🌻ග්‍රන්ථ 25 කට වඩා රචනා කර ඇත. උදා: පොහොය දිනය අභිධර්ම මාර්ගය ධර්ම විනිශ්චය බෞද්ධයාගේ අත්පොත පාරමිතා ප්‍රකරණය 🌻මුදල් පරමාර්ථයකින් තොරව ග්‍රන්ථ රචනා කළ අතර ඕනෑම කෙනෙකුට ඒවා උපුටා ගැනීමට තහනමක් නැති බව සඳහන් කර ඇත. 🌻1997 ජුලි 04 දින අපවත් වූ අතර උන්වහන්සේගේ ඉල්ලීම අනුව සරලව අවසන් කටයුතු සිදු කරන ලදි. Admin yasuu✍️🍃 *Success behind 9A 🔐✨* https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A

❤️ 👍 🫶 💋 🖕 😊 😢 😮 🙏 30
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
2/28/2025, 9:23:12 PM

⭕ *Grade 10 ඉතිහාසය ( අභිලේඛන )* *ලියා ඇති මාධ්‍ය හා උදාහරණ* 📜 ☆ *ශිලා ( ගල් )* - නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ලිපිය ☆ *බිත්ති* - සීගිරි කුරුටු ගී ☆ *තඹ තහඩු* - පනාකඩුව තඹ සන්නස ( I විජයබාහු රජු ) ☆ *රන් තහඩු* - වල්ලිපුරම් රන්පත ☆ *දැව* - ඇම්බැක්කේ දෙවාලයේ කණුවල ලිපි ☆ *මැටි පුවරු* - උළු හා ගඩොළු මත ලියූ අකුරු ☆ *භාජන* - මැටි වළං,පාත්‍ර ආදියේ ලියූ අකුරු ________________________________ *ලියා ඇති ස්ථාන අනුව ලියූ අභිලේඛන* 🖇️ ☆ *ලෙන් ලිපි ---》* ගල් ලෙන්වල කටාරම අසල ☆ *ගිරි ලිපි ---》* ගල් තලාවල හෝ ගල්කුළුනු මත ලියූ ලිපි ☆ *ටැම්ලිපි ---》* සකස් කල ගල් කුළුනු මත ලියූ ලිපි ☆ *පුවරු ලිපි ---》* සකස් කල ගල් පුවරුවක් මත ලියූ ලිපි ☆ *ආසන ලිපි ---》* මල් ආසන මෙන් තැබූ ගල්පුවරු මත ලියූ ලිපි 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨ https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A

❤️ 👍 🖤 🩵 15
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
2/27/2025, 7:01:50 AM
Post image
Image
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
2/27/2025, 7:01:56 AM
Post image
Image
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
2/27/2025, 7:01:44 AM
Post image
Image
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
2/27/2025, 7:02:00 AM
Post image
Image
Link copied to clipboard!