𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 12, 2025 at 05:50 AM
🍻 *English Paper එකේ Stories ලියන්නේ කොහොමද?* *_⭕ මේ කියන stories කියන එක අයිති වෙන්නෙත් අර මං කලින් කියපු Test 16 වලම තියෙන ලකුණු 15 ප්‍රශ්නෙටම තමයි._* *`ඉතින් කොහොමද මේ stories ලියන්නේ?`* අපිට හරියට ලිව්වොත් ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් තැනක් තමයි මෙතන....🫶🏻 මොකද ඔයාට පුළුවන් මෙතනදි *ඔයාට ඕනි විදියට ඔයාගේ කතාව* ගොඩනඟන්න. එක එක points වලින් ඔයාව හිරකරලා නෑ....😌 ඉතින් ඔයාට කැමති විදියට රචනාව කරගෙන යන්න නිදහස දීලා තියෙනවා මෙතනදි හැබැයි , මේක ටිකක් විතර tricky....🙁 *⭕ මොකද මෙතන ලකුණු කැපෙන තැන් ටිකක් වැඩියි. 🫠* _එහෙමයි කියලා නොලියා ඉන්නනම් එපා මොකද මේක හරියට ලිව්වොත් ෂුවර් ෂොට් තමා.... 🤪_ *🍭 `කතාවේ මුල- මැද - අග සම්බන්ධයක් තියාගන්න.`* කතාවක් ලියනකොට ගොඩක් අයට ලකුණු අඩුවෙන තැනක් තමයි මෙතන. මොකද කතාවේ මුලයි අගයි ගත්තම අහසයි පොළවයි වගේ තියෙන්න බෑ....🙁 🚫 මේක සාහිත්‍ය පාඩමකුත් නෙවේ නිසා ව්‍යංගාර්ථයෙන් ලියන්නත් එපා... 👉🏻 කතාවේ මුල ඔයා ඇමරිකාවෙ කැලේකින් පටන් අරන් අන්තිම ටික ආදි කාලේ චීන මාළිගාවක ඉවර කරනවා වගේ එව්වා කරන්න එපා....😹 *කතාවෙ ගලායෑමක් තියාගන්න.* කියෝලා ඉවරවෙද්දි "මේ මොන කුණුහරුපයක්ද?" කියලා හිතෙන්න ලියන්න එපා...🫣 *🍭 `කතාවේ අන්තර්ගතය (plot)`* 👉🏻 මේක ඇවිල්ලා තනිකරම ඔයාගේ අභිමතාර්ථයට අනුව ලියන එකක්. ඒක නිසා ඔයාට කැමති දේවල් මේකට ඇඩ් කරන්න ඔයාට අයිතිය තියෙනවා. එහෙමයි කියලා වයසට නොගැලපෙන කුණුහරුප ඔබන්න තරම් ඔයාලට පිස්සු නැතුව ඇතිනේ....😌 ඔයා ලියන කතාව ඇත්ත ලෝකේ නොවෙන දෙයක්/ වෙන්න අමාරු දෙයක් වුණාට කමක් නෑ.... ඔයාගේ ඇත්තම අත්දැකීමක් හරි ඇත්තටම වුණු දෙයක් හරි පාදක කරගෙන ලිව්වත් කමක නෑ.... එහෙමත් නැත්තං ඔයා ෆිල්ම් එකක දැකපු දෙයක්/ පොතක කතාවක් පාදක කරගෙන (ඒවා කොපි කරල නෙවෙයි 😪) ලිව්වත් කමක් නැහැ...... ✨ 👉🏻 ඔයාට පුළුවන් මායාකාරයෙක් වෙන්න හැරී පොටර් වගේ, නැත්තං superhero කෙනෙක් වෙන්න superman වගේ නැත්තං fairy කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්තං ඔයාට ලෝකේ බේරගන්න වීරයෙක් වෙන්නත් පුළුවන්.....😁 කවුරුත් එන්නෑ ඔයාට බාධා කරන්න. හැබයි මෙහෙමයි! *කතාවේ තේරුමක් තියෙන්න ඕනි* 😉 *🍭 `කතාවේ දෙබස්`* 💟 කතාවක් ලියද්දි චාලි චැප්ලින් වගේ දෙබස් නැතුව ලියන්න ටිකක් අමාරුයිනේ....🫠 ඉතින්, *⭕අපි මැදින් මැදින් දෙබස් ඇඩ් කරන්න ම ඕනි...* එතකොට අපි ඒවා එකතු කරන්න *_reported speech_* එහෙම පාවිච්චි කරන්න පුළුවන්....🤗 _*එහෙමත් නැත්තන් මේ විදියට කරන්න පුළුවන් 👇🏻*_ *"Please calm down." I said calmly.....🤍* වුණත් පුළුවන්. _මං මේකත් එක්ක එහෙම ලියපු story එකක් දාන්නම්. ඒකෙන් බලාගන්න. හැබැයි පුතෝ ඒකම කටපාඩම් කොරලා බෑ හොඳේ....😑_ *🍭 `Tense එක`* ඔයාට ඔය story එක පටන්ගන්න ගොඩක් වෙලාවට මුලින් පොඩි වාක්‍ය කොටසක් දෙනවනේ.... අන්න ඒ කොටසෙන් තමයි ඔයාට තීරණය කරගන්න පුළුවන් ඒක අයිති කොයි කාලෙටද කියලා.....😎 *බොහෝදුරට* ඉතින් *අතීත කාලෙට* තමයි එන්නේ..... 😉 කොහොම නමුත් ලියද්දි *tense එකනම් පටලගන්නම එපා* 🫣 ඔයා කොච්චර හොඳට ලිව්වත් වැඩක් නෑ එතකොට.....😢💔 *🍭 `කතාවේ අවසානය`* කතාවේ මුල ඉඳන් කොච්චර ලස්සනට ලියන් ආවත් අන්තිම ටික කෑවොත් ඉතින් වැඩක් තියෙද? > නෑනෙ 😐 ඉතින් ඒක නිසා කතාවේ අන්තිම ටික ලියද්දි අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි....🫶🏻✨ *🚫🚫 කතාව අන්තිමට හීනයක් දැක්කේ කියලා දාන්න එපා.....* *_ඇයි මං එහෙම කියන්නේ?_* > *මොකද ඒක ගොඩක් risky නිසා.* _මේක මට කිව්වෙත් අපේ English මිස්. ඒ විදියට ලිව්වාම සමහරවිට කතාවේ *content කොටසින් ලකුණක් දෙකක් අඩුවෙන්නත් පුළුවන්ලු....🤯🤯* ඒකනම් මං හරියටම දන්නෑ. ඒත් බොරුවට අවධානමක් ගන්න ඕනි නෑනෙ 😌_ *🚫🚫 කතාව අන්තිමේ open endings/ cliffhangers දෙන්න එපා.* 👉🏻 ඔයා හැමවෙලේම මතක තියා ගන්න ඕනි දෙයක් තමයි ඔයා මේක ලියන්නේ booker award එක ගන්න එහෙම නෙවෙයි කියන එක.....🍃 ඒකනිසා කතාවේ අන්තිමට වෙච්ච දේ හිතාගන්න බැරුව අන්ධභූත වෙන්න ලියලා දාන්න එපා....😑 හිතන්නකෝ , ඔයා හොල්මන් ටයිප් කතාවක් ඒම ලියල ඒක පටන් ගත්තු තැනින්ම ඉවර කරනවා, එහෙමත් නැත්තං කතාවේ හොඳම ටිකේදි නවත්තනවා වගේ වැඩ කරන්න එපා.... *ලකුණු 5 මතක තියාගන්න 🔥* *🍭 `කතාවේ භාෂාව`* ♦️ ඔයා ලියන කතාවේ හැටියට අවශ්‍ය යෙදුම්, දෙබස්, භාෂාව පාවිච්චි කරන්න. කුතුහලයක් තියෙන්න නම් ඒ විදියට, බය හිතෙන්නනම් ඒ විදියට, විනෝදබර විදියටනම් එහෙම.. ඒක ඒ වෙලාවට ගලපලා ලියන්න....🤗 *⭕ කතාවේ චරිත වලට අවධානෙ දෙන්න....* *🚫🚫 දිග දෙබස් ලියන්න එපා.* වුවමනාමනම් විතරක් දිග දෙබස් පාවිච්චි කරන්න. *⭕ දෙබස් කෙටියෙන් ලියන්න...🥰* අර පොඩි කාලේ පාඩමක තියෙන්නේ වාක්‍ය කෙටි කරලා ලියන්න... අන්න ඒ ක්‍රමේ පාවිච්චි කරන්න....🤗 *හරියට මේ වගේ ; 👇🏻👇🏻* *"Did you go inside the house?"* *"Yes I went inside the house"* කියන එක වෙනුවට *"Did you go inside the house?"* *"Yeah/ Yes I did"* කියන උත්තර වලින් එකක් පාවිච්චි කරන්න. 😉 *_ඔය කියලා තියෙන දේවල් කියෝලා ඕනිවට වඩා හිතන්න යන්න එපා හරිද? ඔය කියලා තියෙන දේවල්වල අදහස අරන් ඉස්සරහට වැඩේ කරන් යන්න.... 💪🏻♥️_* *_ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න බය නැතුව 🙃 පුළුවන් ඉක්මණටම උත්තරයක් දෙන්නම් 😎_* 𝔸𝕕𝕞𝕚𝕟 𝕟𝕦𝕨𝕒𝕟𝕚 [Your English guider] 𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨ > https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll MCQ Questions 📈* *ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*
❤️ 👍 😂 🅰️ 🌈 🖤 🫂 45

Comments