
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 12, 2025 at 06:10 AM
_Mathematics✍️📐_
⭕ *Circumference of a circle*
වෘත්තයක වටේ දිග පරිධිය කියලා හඳුන්වනවා. එක් එක් තල රූපවල පරිමිතිය හොයනවා වගේම වෘත්තයේ පරිධිය හොයන්නත් පුළුවන්. මම කලින් කිව්වා වගේම වෘත්තයක පරිධියත් විෂ්කම්භයත් අතර අනුපාතය නියතයක් වෙනවා. ඒ නියතය π (pi) ලෙස හඳුන්වනවා.
වෘත්තයක විෂ්කම්භය(d) කියන්නේ එම වෘත්තයේ අරය(r) මෙන් දෙගුණයක්.
✨ d = 2r ✨
වෘත්තයේ පරිධිය(Circumference) හා විෂ්කම්භය අතර අනුපාතය නියතයක් (π) නිසා
Circumference
π = -------------------------
Diameter
🪄d = 2r නිසා,
Circumference
π = -------------------------
2r
හරස් ගුණිතයෙන්,
2r × π = Circumference
______________
🔴 | *C = 2πr* | 🔴
C= පරිධිය , circumference
r = අරය , radius
_සාමාන්‍ය ගණනය කිරීම්වලදී π = 22/7 ලෙස සලකනු ලබයි._
📍 *Perimeter of a segment*
*කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය*
කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය = චාප දිග + 2r
චාප දිග = 2πr × θ/360°
_(කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය θ (තීටා) මගින් දක්වයි)_
🥧කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය = *(2πr × θ/360°) + 2r*
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
*https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A*
❤️
👍
😹
🙏
🫶
12