
හොල්මන් කතා 🇱🇰
February 13, 2025 at 02:26 PM
දවසම චුරු චුරු වැස්ස ඉවරයක් නෑ කල්ප වැස්ස දිහා කාමරේට වෙලා ටික වෙලාවක් බලන් ඉදල පරිගණක නැවත සැරයක් ක්‍රියාත්මක කරල අන්තර්ජාලයට සම්බන්ද වුනා ප්‍රසිද්ධ බ්ලොග් අඩවියකට සම්බන්ද වෙලා ලිපි දෙක තුනක් කියවගෙන යද්දි ඔහුට ඉබේටම මේ විදිහට කියවුනා .
" බ්ලොග් එකකට මාත් ලියනවා සල්ලි දෙනවනම් මොකෝ නිකන් මිනිස්සුන්ට කියවන්ඩ දුන්න කියල
මට වැඩක් තියෙනවද මගෙ කාලය අපරාදෙ හිතේ සතුට විතරක් තියෙයි "
එතකොටම කල්ප දැක්ක ඔහුට ඊ මේල් එකක් ආව කියලා ඔහු ඒ ඊමේල් විවෘත කලා ඒ ඊමේල් එක එවල තිබුණේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් ඔවුන්ට නිර්මාණාත්මකව ලියන කෙනෙක් අවශ්‍යයයි කියල සහ කල්ප ගේ යම් යම් ලිපි නිර්මාණ ඔවුන් දැක ඇති බවත් හෙට දිනයේ උදෑසන ඔවුන්ට දුරකථන මාර්ගයෙන් කතාකිරීමට දුරකථන අංකයකුත් කල්පට එවල තිබුණ.
"... යකෝ මාරයිනේ මේ හිතුව විතරයි මේන් ලියන්ඩ කතා කරනවා මගෙ අද දවස හොදයි .
කෝල් එකක් දෙන්න ඕනෙ හෙට උදේම මේ නම්බර් එකට ..."
එහෙම හිතල ඊලගට ඔහු එදින පැවැත්වෙන ක්‍රිකට් තරගයක් නරඹන්න පටන් ගත්තා ඉන්දියන් ක්‍රීඩකයෙක් දිගට හරහට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස් කරනවා දුටු කල්පට ඉබේටම මෙහෙම කියවුනා .
" ඉන්දියන් කාලකණ්නිය බෝලයක්වත් ඕකගෙ ඔලුවෙ වදින් නෑනේ "
එහෙම කිව්ව විතරයි පන්දුවක් වේගයෙන් ඇවිත් ඉන්දියන් ක්‍රීඩකයාගේ ගෙල හරහා අනපේක්ෂිතව වැදී ඔහු ඇද ගෙන වැටුනා ඒ දුටු කල්ප විශ්මයට පත් වුනා .
"....යකෝ මට කියල කට ගන්න හම්බ වුනේ නෑනේ හොඳ්ඳ වැඩේ ඉන්දියන් ප××ට ..."
තවත් පැය භාගයකට පසු තරගය නිමා වුනේ වර්ෂාවක් ඇද හැලුන නිසයි ඉන්පසු කල්ප ඔහුගේ ෆේස් බුක් පිටුව මතට පැමිණියා එහි යම් වෙලාවක් උඩට පහලට ගිය ඔහු එක්වරම දුටුවා ඔහු ඉගනීමට යන ටියුෂන් පංතියට අලුතෙන් ආපු ඔහුට හිත ගිය ගැහැණු ලමයෙක්ගේ ඡායාරූප පෙලක් කල්ප ඇයගේ ෆේස් බුක් පිටුවේ ඇති ඇගේ ඡායාරූප හැමදාම වගේ බැලීමට පුරුදු වෙලා හිටියේ ඇගේ සුන්දරම ඡායාරූප දෙස වශී වෙලා වගේ පැය බාගෙකට වඩා බලාගෙන හිටියා ඊට පස්සේ ඔහුටත් නොදැනිම මෙසේ කියවුනා.
" පට්ට කෑල්ල මේක මට දා ගන්න පුලුවන් උනොත් මගෙ සෙට් එකේ කොල්ලො ටික ඊරිසියාවේ පැලෙයි "
එහෙම කියවෙලා තත්පර දෙකක්වත් ගියේ නෑ ඒ තරුණියගෙන් කල්පගේ ෆේස් බුක් මැසේන්ජර් එකට ලස්සන ලස්සන ඡායාරූප රාශියක් ගලා ආවා .
" අඩේ මේකි මට කැමතියි වගේ නැත්නම් මට පොටෝ එවයිද දැන්ම ටයිප් කරල දානව අයි ලව් යූ කියල නැත්නම් වෙන එකෙක් කොක්ක ගහයි "
එහෙම හිතල ඔහු එය ඇයට ටයිප් කර යෑව්වත් සමගම ඇය ඔහුට පිලිතුරක් එව්ව ඇයත් ඔහුට ආදරය කරන බව පවසා කල්පට ඒක දැකල පුදුම සතුටක් ඇති වුනේ .
" ...මාරයි කොල්ලො ටිකට දැන්ම දාන්න ඕනේ මේකි එවපු පොටෝ ටිකයි මැසේජ් එකයි ස්ක්‍රීන් ෂොට් එකක් ගහල උන්ට පිස්සු හැදෙයි ක්ලාස් එකට එන එන ලස්සන කෙල්ල මම දාගන්න එකට මම මේකිව දැකපු දවසෙම හිතුව කොහොම හරි සෙට් කරගෙන රූම් එකකට අදිනව කියල දැන් ඉතින් හරි ඉස්සරහට මේකිව දිගට හරහට රූම් ගානේ අදින්නයි තියෙන්නෙ "....
ඊට පස්සෙ කල්ප තව තව මැසේජ් ඇයට යැව්වත් ඒ වන විට ෆේස්බුක් එකෙන් ඇය ඉවත් වී තිබුණ ඉන්පසු ඇය එවූ ඡායාරූප සියල්ල තම මිතුරන් සියල්ලටම යැව්වේ මෙවැනි වදනකුත් එකතු කරලයි .
**මේන් බලපල්ලා පන්තියේ ලස්සනම කෑල්ලත් මම දාගත්තා *
ඉන්පසු ඔහු වීඩියෝ ගේම් කිහිපයක් සෙල්ලන් කරලා නිදා ගත්තා පසු දින පාන්දරම ඔහු අවදි වුනේ එක දිගටම ඇහෙන ජංගම දුරකථනයේ නාදය හින්දයි දුරකථනය අතට ගත් ඔහු ඇමතුමට සවන් දුන්නා අනෙක් පසින් කල්පට ඇමතුවේ ඔහුගේ හොදම මිතුරායි .
"""" කල්ප මොකක්ද බල්ලෝ කරල තියෙන සක්කිලි වැඩේ """"
" ඇයි මචං මොකක්ද අවුල "
"""""අවුල ..අවුල උඹ දන්නෙම නැද්ද තෝ පරය ආයේ පාරකවත් හම්බ වෙන්ඩ එපා තොට මැරෙනකන් ගහනවා.. ආයේ අපේ යාලුවෝ එකෙක්වත් නෑ තොට තෝ මහ බල්ලෙක් යකෝ අපිට ගෙවල් වලට මූණ දෙන්න බෑ යකෝ තෝ කරපු වැඩේට """"""
" අනේ මචං මට තේරෙන් නෑ උඹ කියන දේ මට පැහැදිලි කරපන් මම මොකක්ද කරපු වරද කියලා "
""" වරද.. ත්..තෝ බලපිය තොගේ fbඑකවුන්ට් එක පරයා ත්තෝ දැන්ම හොද හිතින් ඩිලීට් කරපිය දාල තියෙන පොටෝ ටික ඊට පස්සෙ තෝ නිකමටවත් පාරෙදි අපිට හම්බ වෙන්න එපා තොගෙ දත් ගලවනවා """""
තවත් කුණුහරුප රැසක් කියලා කල්පගේ මිතුරා ඇමතුම විසන්ධි කෙරුවා ඉන්පසු කල්ප වහා කොම්පියුටරය ක්‍රියාත්මක කර අන්තර්ජාලයට සම්බන්ධ වී ඔහුගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කෙරුවා පෙර දින රාත්‍රියේ කල්පගේ ෆේස් බුක් පිටුවට දිනක් ඔහු රූගත කල මිතුරන් මත්පැන් ගංජා බිබී නිරුවතින් නැටූ ඡායාරූප රැසක් සහ වීඩියෝවක් එක් කර තිබුණා දුටු දේ නිසා විමතියට පත් වූ කල්ප වහා එම ඡායාරූප සහ වීඩියෝව ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කලා
නමුත් මද වේලාවකින් නැවතත් ඒ වීඩියෝව සහ ඡායාරූප ඔහුගේ ෆේස්බුක් පිටුවේ පෙන්වන්නට උනා නැවත නැවත මකා දැමුවත් එය නැවත නැවත පෙන්වන්නට උනා .උදේ දහය හමාර වනකනුත් ඔහුට ඒ ඡායාරූප සහ වීඩියෝව ඉවත් කල නොහැකි වුනා එක්වරම ඔහුට මතක් වුනා පෙරදින වෙබ් අඩවියකට කතා කිරීමට දුරකථන අංකයක් එවූ බව ඔහු මදකට සියල්ල අමතක කර ඒ දුරකථන අංකයට ඇමතුවත් අනෙක් පසින් ඇමතූ තැනැත්තා පැවසුවේ ඔවුන්ට ඇති තරම් ලියන්නෝ සිටින බවත් දැනට කිසිවෙක් ඔවුන්ට අවශ්‍යය නොවන බව හා ඔවුන් කිසිවෙකුට එවැනි ඊ මේල් එකක් එව්වෙ නැති බවයි .
එය අසා කල්ප ඔහුගේ සියලු ඊමේල් සියල්ල පරීක්ෂා කලත් එවැනි ඊමේල් එකක් තිබුණේ නැත
" යකෝ මාර වැඩක්නේ මම ඊයේ හීනයක් වත් දැක්කද මොනාද මේ වෙන්නේ "
එසේ සිතූ කල්ප පෙර දින බැලූ ක්‍රිකට් තරගාවලිවෙන්නෙ පරිගණකයෙන් සොයා බලන විට ඔහු දැක්කේ පෙර දින සිදු වූ අකාරයට නොව වෙනත් ආකාරයකට ඒ තරගාවලිය නිමා වී තිබුනු බවයි ඒ වගේම කිසිම ක්‍රීඩකයෙකුට පන්දුවෙන් පහරක් වැදී තිබුනේද නැත.
වෙන එකක් තබා එම තරඟයෙන් ශ්‍රී ලංකා පිල විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගෙන තිබිණ.
" ඒයි අයියේ ආන්න තමුසෙව හොයාගෙන යාලුවෙක් ගෙදරට හැරෙන තැන ඉන්නවා ගිහින් බලනවා ගෙදරට එන්න බැරිලු ඌට "
තම නැගණිය පැවසු දේ අහල කල්ප ගියා කවුද ඔහුව හොයාගෙන ආපු ඔහුගෙ මිතුර කියලා බලන්න කල්පගේ නිවසට හැරෙන පාර ලග ඔහු නොදන්නා තරුණයෙක් සිටියා කල්ප ඔහු ලගට යනවාත් එක්ක කල්පගෙ ඇඳගෙන හිටිය ෂර්ට් එකෙන් ඇදල අරන් ඔහුගේ කම්බුල හරහා චට පට ගාලා පහරවල් කීපයක් එල්ල කෙරුව ඒ තරුණයා .
...
.
. උපුටා ගැනීමකි.
> මෙහි සම්පූර්ණ අයිතිය මුල් හිමි කරු සතුයී
😮
❤️
😂
👍
😒
😢
🙏
42