හොල්මන් කතා 🇱🇰 WhatsApp Channel

හොල්මන් කතා 🇱🇰

45.7K subscribers

About හොල්මන් කතා 🇱🇰

_🌟 T h e B e s t G h o s t S t o r i e s C h a n n e l I n Sri L a n k a 🇱🇰💗💸_ 🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃🎃 👻Owner : - Mr.Casino Channel Link : - https://whatsapp.com/channel/0029VadbOugDZ4LY4YQvca1y *50K*___________________________________🏃🏻 *C o n t a c t U s 🗿☘️* https://wa.me/+94774009771?text=Hey__🤍💐 *( Paid Promotation )* _Stay With Us And Give Our Best Quality Videoes To You . . . 😍🫶🏻_ _Thank You Very Much . . . 🤩_

Similar Channels

Swipe to see more

Posts

හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:45:12 PM

Episode 6🍂 තමා සොයා ගෙන ගිය කාන්තාව තම කාමරයෙහි ජනේලය අසල සිට ගෙන පහළ බලා සිටියි.ඉහළට ගත් හුස්ම පහලට ගැනීමට පවා සේහාට අමතක විය.ඇගේ මුළු සිරුරම අප්‍රාණික වූයේ කාන්තාව තමා දෙස ට සෙමින් හැරෙන බව දුටු නිසාවෙනි. ඇගේ මුව වියළී යත්ම හදවත ඇත්තේ පපුව මත දැයි හැගීමක් ඇයට පහල විය.තමා ඉදිරියෙහි සිටින්නේ දිනී බව හදුනා ගැනීමට ප්‍රමාද වූයේ ඇගේ මුහුණ බොහෝ සේ විකෘති වී තිබූ නිසා ය.ඇද වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී ඇය වාරු ගත්තේ අසල වූ බිත්තියට හේත්තු වීමෙනි. " සේහා,ඇයි ඔයා මාව නොදැක්කා වගේ දොර වහල දැම්මෙ?මම ඔයාගෙ ළගමනෙ හිටියෙ" "දි......දිනී.....මං.... මං...ඔයා...." "ඇයි බය වෙලා,මම දිනී.මම ආවෙ ඔයාවත් එක්ක යන්න .මම තනියම යන්න බයයි" " අනේ ....අ...අනේ,මං..මට එන්න බෑ" " ඒ ඇයි?අපි දෙන්නා හොදම යාළුවො නේද,ඔයා එදා මාත් එක්ක ආවෙත් නෑ අද නම් කොහොම හරි එක්කරගෙන යනවා " "අනේ ,දි....දිනී"සේහා මුවින් වචන පිට කළේ අපහසු වෙන්ය.ඇගේ මුවින් වචන පිට වෙන්නේ නැත. කාමරයෙහි දොර විවෘත කරගෙන යමෙකු කාමරයට කඩා වැදිණ. ඒ සාරා ය.සේහා සිටින විලාසය දැක සාරා මවිත විය. "සේහා,මොකද ඕයි? තමුසෙ අඩල නේද?" සාරා පැමිණෙන ද්දී දීනී කොහේ ගියාදෝ සොයා ගත නොහැකි ය වට පිට බැලූ සේහාට කිසිවක් සිතා ගත නොහැකි ය. "මම ඇඩුවෙ නෑ,මම හීනයක් දැක්කා ඔයා යන්න" "ඔය හීනෙ ඉවර වෙන්නෙ ම නැද්ද?"සාරා පිටව ගිය පසු සේහා සිටි තැනින් නැගිට පිය මැන්නේ යහන වෙතටයි. ඊළගට මොකද වෙන්නේ 🥺🥺🥺🥺😕 ඊළග කොටසින් 🤗🤗🤗🤗🤗🤗 ලෝභ නැති හැමෝම මේකට රිඇක්ට් කරන්න 🥺🥺🥺🥺🥺🥺

❤️ 👍 😢 🫀 39
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:49:09 PM

*|| සෙදෝ මැනිකේ ||* 💀🩸 `අලුත් කතාවක් හැමෝම රියැක්ට් කරන්න.` > *Ghost Story Channel Sinhala* 🇱🇰

Post image
❤️ 😮 👍 😇 😏 😢 🫀 36
Image
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:53:12 PM

*|| ලුවියානා ||* 💀🩸 ⭕ `|| කලින් කොටස` 👉https://whatsapp.com/channel/0029VadbOugDZ4LY4YQvca1y/8016 ⭕ `|| අද කොටස` 👇 > *Ghost Story Channel Sinhala* 🇱🇰

Post image
❤️ 😂 3
Image
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:45:16 PM

Episode 7🍂 ඇදේ වියලට හේත්තු වී සේහා කල්පනා කළේ මෙහි නිමාව සොයා ගැනීමට තව කොපමණ කාලයක් ගත වේ ද යන්න යි.මෙම සිදුවීම් එදින රැයට පමණක් සීමා වූ වක් නොවේ. මාස කිහිපයක පටන් සිදු වන අමුතු සිදුවීම් ඇය කිසිවෙකු සමග පැවසුවේ නැත. නමුත් තවත් කාලයක් මෙය තනිවම දරා සිටියහොත් කුමක් සිදු වේද යන්න සිතා ගත නොහැකි ය. අමාවක රැයෙහි මූසල ගතිය දුරලීමට හිරුට හැකි විය.මීට මාස කිහිපයක පටන් පෙර දින රැය දක්වා සිදු වූ අමුතු සිදුවීම් සියල්ල පැතුමි නම් යෙහෙළියට පැවසීමට සේහා රාත්‍රියේ දී ම තීරණය කොට තිබිණි. පසු දින උදෑසන ම පැමිණි පැතුමිගේ උපදෙස් පරිදි සේහා මනෝ වෛද්‍යවරයකු වෙත යාමට සැරසුණි. ත්‍රීවීල් රථයකින් යාමේ අරමුණින් ඇය මාවතට පිවිසුණි. බොහෝ වේලාවක් ගත වූ පසු ඇයට ත්‍රීවීල් එකක් හමු විය. "මැඩම් කොහාටද යන්නේ?" "හංසිනී මිස්ගෙ ඔෆිස් එකට" "හොස්පිට්ල් එකටද". " ඔව්.ඇයි?,මොකක් හරි ප්‍රශ්නයක් ද?" "අපෝ නෑ මිස්,මම නිකන් ඇහුවෙ" පසු වූ ඇති වූ නිහැඩියාව රෝහල අසලට ළගා වන තුරු ම පැවතිණ.ඒ විශාල ප්‍රමාණයේ ගොඩනැගිල්ලකි.රියැදුරුට මුදල් ගෙවා නිම කළ සේහා බලාපොරොත්තු ගොන්නක් සමග ගොඩනැගිල්ල තුළට ඇතුළු වූවාය. වෛද්‍යවරයකු වූ නිසා වෙලාව වෙන් කර ගැනීම තරමක් අපහසු විය.ඒ හේතුවෙන් ඇයට බොහෝ වේලාවක් අසුන් ගෙන සිටීමට සිදු වූ වත් උදෑසන දහයට පමණ වෛද්‍ය තුමිය මුණ ගැසීමට හැකි විය. දිගු සුසුමක් ගත් සේහා දොර විවෘත කර කාමරයට පිවිසියාය. පිටුපස හැරී සිටි වෛද්‍ය තුමිය දේවදූතිකාවක් ලෙස සිතූ සේහා අවංක සිනහවත් සමගින් ඇය අසලට පියමන් කළාය. මද දුරක් ගමන් කළ පසු වෛද්‍ය තුමියගේ මුහුණ දුටු සේහා මවිත විය.ඒ සිටින්නේ දිනීය . සේහා ආපසු හැරුණේ හීයක වේගයෙනි. ඊලඟ කොටසින් හමුවෙමු 🖐️ රියැක්ට් කරන්න අමතක කරන්න එපා ☺️☺️☺️☺️☺️☺️අමතක වෙයි හොදේ🥺🥺🥺🥺🥺🥺🥺

❤️ 👍 😮 😢 ☺️ 🔜 🫀 43
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:49:45 PM

• *සෙදෝ මැණිකේ* • 1️⃣ බලගතු වූ යන්ත්‍ර මන්ත්‍ර සම්බන්ධ දැනුමකින් යුත් පරම්පරාවකින් පැවත ගෙන එන ජයමාන්න පරම්පරාවේ ලොකු ගුරුන්නාන්සේගේ මුනුබුරකු වන සදුන් 22හැවිරිදි තරුණයෙකි.තම හොද ම මිතුරා වූ සුද්දා ද සමග තරමක් සෙල්ලක්කාර වැඩවල නිරත වූවද මොහු යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය තම අත්තාගෙන් හැදෑරූ දක්ෂ තරුණයෙකි. සෑම දිනක ම හවස කැලෑ රොදට යාබද ගල් පර්වතයට වී සිටීමට මොහුද මිතුරාද පුරුදු වී සිටියෙ කුඩා අවදියේ පටන්ම ය. 'බං සුද්දො අප්පච්චි ඊයෙ මට කියනව කුඹුරෙ වක්කඩවල් බදින්නලු.කොච්චර කිව්වත් වැඩක් නෑ බං මං ඕවට ආස නැහැයි කියල' 'උබ කොච්චර ආස වුනත් ඔය මන්ත්‍ර ගුරුකං ඒ තරම් හොද නෑනෙ බං... ඒක වෙන්නැති ඔය ගෙදර අය ගොවිතැං කරන්නෙයි කියල කියනව ඇත්තෙ..' 'ආ..උබට කියන්න බැරි උණානෙ,මේ බලපං අපෙ අත්තගෙ පුස්කොළ පොතක්...අත්තා තොයිලෙකට පෙරෙයිදා කුරුණෑගල ගිය වෙලේ මං ඉස්සුවා ලාච්චුවෙ තිබිලා.යකුං බැද වැඩ ගැනීම කියල මන්තරේකුත් තියෙනව බං... කරගත්තොත් හරියට උබත් ගොඩ මාත් ගොඩ...' ' ඔක්කොම විස්තර තියනවනං මාත් එන්නං ඕකට...මේ...මේ මොකද්ද... අලුත මැරිච්ච මිනියකට නූලක් දානංනෙටි කියල නේද කියල තියෙන්නෙ... ඉතිං බං අර සෙදො මැණිකෙ මැරිල තාම 48 පැයක්කත් නැහැනෙ' 'ඒක තමා උබට මං කියන්න හැදුවෙ...යමං දැංම මළ ගෙදර ,මේකෙ ලියාපු හැටියට මතුරල මිනිය උඩිං නූල තියන්නනේ තියෙන්නේ...ඊට පස්සෙ හෙට වැලලුවම ඉතුරු ටික බලාගමු.' මිතුරන් දෙදෙනා කතා කරගත් ලෙස ම නූල දැමූ අතර මිනිය වලළන ලද දා රැයෙ දෙදෙනාම ගෙවල් වලට බොරු කියා සොහොන වෙත ආවේ මිනියට පණ දීමටය.... -ඇසූ කතාවක් ඇසුරිනි- ඉතිරිය කොටස් වශයෙන් පල කරමි... *-sewmi-*🩶

❤️ 👍 😮 ☠️ 🏴‍☠️ 👹 😇 🩶 🫀 45
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:46:18 PM

... ඔන්න ම්න් ගෙදර නිවඩු දවසක් ඉස්කොලෙ වැඩ *කරලා* මන් හිටියා ගෙදර isthoppuwe අපෙ ගෙදර ඉදා හිටියෙ අක්කයි මායි කිරි අම්මයි අම්මයි අයියයි කෑගල්ලට ගිහින් ඉතින් ම්න් ඉද්දි අපෙ ගෙවල් ලග නැන්දා කෙනෙක් ඇවිත් කිව අපෙ ලමයා පිබුරෙක් ඔතල කිව අපි දිව්ව බලන්න.. අපිත් ගියා ලමයා මැරිලා 😭😭😭මොනව කරන්නද දැන් 7දවස්th ඉවර උනාට පස්සෙ එ ගෙදර එ ලමයා අම්මව හොයනව හොල්මනක් වෙල පව් නේද ඒ දෙමව්පියන්ටth දුකයි ඒ ලමයා නැති වෙනකොට අවෘදු 6 වෙනව .... අම්මා අම්මා කියල එ නැන්දට එ ලමයා කතා කරනව ඇහෙනවලු පස්සෙ මෙ අය තුන්මසෙth ඉවර කරලා එ අය ගෙ විකුන්නා ............. මේක _වෙලා දැන් මාස 10 වෙනව_ මන් මේක කෙටි කරල ටයිප් කලෙ ඔයාලට ඉතුරු ටික දැම්මොth ඇඩෙන නිස 😞😭😭

😢 ❤️ 😮 👍 2️⃣ 😭 🙏 🥹 🥺 🫀 59
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:55:32 PM

*# Muslim view* ☪️

❤️ 🥰 👍 😍 🤚 🤢 🤲 🩷 🫀 51
Video
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:54:09 PM

*~ලුවියානා...!📍💗~* *_PART 9.🕊️🫶🏻_* _~පෙර කොටසින්...😻~_ *අනේ පලයන්..මගේ එකා තමයි..අක්කා දුන්නේ නැත්නන් හැදි ගෑවෙනෝ තොපි නිසා...* *××××××××××××××××××××××××××××××××××××××××××××××××××* *_👣අද කොටසින්.._* සිරාවටම බන්..උබ ගත්ත ණයවල හැටියට තාම උබට ණය දෙනවද බන් අක්කා..අනිත් එක උබ ඔය ණය ගෙවන්නෙත් නෑනේ කවදාවත්.. ආ..ඒකෙන් උබට වැඩක් නෑනේ...එහෙම ණය අරන් දෙන්නේ නැති නිසා තමයි අයියා මට ණය දෙන්නේ නැත්තේ..අක්කා නම් ඉතින් බෑ කියන්නේ නැතුව සල්ලි දෙනෝ මට... අනේ මන්දා... උබලයි අක්කට මොලයක් දෙන්න වෙනෝ මටනම් හිතෙන්නේ.. ආ..මොකද්ද කිව්වේ බන් උබ..මට ඇහෙන්නේ නෑ බන් උබ කියන දේවල්..ස්ලෝ කරලා කියපන් කියන දෙයක්.. මම කිව්වේ උබලයි අක්කට මොලයක් දෙන්න වෙනෝ කියලා.. ආ..එකද..එහෙම නෙවේ බන්..අක්කා හෙන හොදයි බන්..මට ඕන වෙලාවක උදව් කරනෝ..අර ලොකු වදුරා වගේ නෙවෙයි.. ඔව්..ඔව්..ඉතින්..උබටත් වාසියක් වෙනවනම් අක්කා හොදයි අයියා නරකයි.. අනේ උබ දන්න දෙයක් තියේද බන්..මමනේ දන්නේ ඌ ගැන...ආ..ඔන්න ඔතනින් නවත්ත්පන්..අයිනට කරලා නවත්තපන් හරකෝ..නවත්තන්න කිව්වම පාර මැද නවත්තන්නේ..ගහපු බ්‍රේක් පාරට තව ටිකෙන් උඩින් යනෝ..උබනම් නියම හරකා ඈ..දැන් ඉතින් ඔහොම ඉදපන් බයික් එකට වෙලා..මන් ගිහින් අරන් එන්නම් බීම බෝතල් 2ක්... ආ..අරන් වරෙන්කෝ එහෙනම්..මම මෙතන ඉන්නම් හැබැයි තෝ පරක්කු වුනොත් සිරාවටම උබව දාලා යනෝ මම...ඒ නිසා ඉක්මනට වරෙන්.. හා හා...බලමුකෝ..වසන්ත බොසා කතාවට අල්ලගත්තේ නැත්නම් ඉක්මනට එන්න පුලුවන්.. අම්මෝ..මේ නිවන්තක පුතානේ..ගොඩ කාලෙකින් දැක්කේ..දැන් මොකද කරන්නේ.. ආ වසන්ත මාමේ..මාමත් දැක්කේ ගොඩ කාලෙකින්..මම නම් දැන් O/L ඉවර කරලා A/L කරන ගමන් ඉන්නේ.. අනේ හොදයි..ඉතින් O/L රිසාල්ට් එක කොහොමද පුතාගේ.. මට A8 B1 මාමේ..B එක ඉංගීසිවලට.. හොදයිනේ පුතා..අපේ පුතා මේ සැරේනේ O/L..ඔන්න ඇතුලට වෙලා ඉන්නවා..පොතක් අතින් අල්ලන්නේ නෑ.. ඕවා හරියනෝ මාමේ විභාගේ ලංවෙනකොට...එතකොට මල්ලි පාඩම් කරන්න ගනීවි.. ඔව්...ඔව්..ඒක තමයි පුත මමත් හිතන්නේ එතකොට උනන්දු වේවි.. ආ..ඒක නෙවෙයි මාමේ...මට බීම බෝතල් දෙකක් ඕන මාමේ..ස්ප්‍රයිට් 2ක් තියනවනම් හොදයි.. ආ තියනවා පුතා..කූල්ද ඕන... ආ..ඔව් මාමේ..කූල් වලින් දෙන්න.. හරි පුතා...මෙන්න..බීම අරගෙන කොහේ යන්නද මේ.. සෙල්ලම් කරන්න පිට්ටනියට යන්න කියලා බැලුවේ මාමේ..ගොඩ කාලෙකින් සෙල්ලම් කරන්නත් බැරි වුනානේ විභාග එක්ක.. ආ..හොදයි හොදයි..මෙන්න පුතා ඉතුරු.. ඒහෙනම් මාමේ මම ගිහින් එන්නම්.. හරි පුතා..ගිහින් එන්න.. යකෝ උබ බීම හැදුවද බල්ලෝ මෙච්චර වෙලා..මම මේ යන්න හැදුවේ තෝව දාලා.. වසන්ත මාමා කතාවට අල්ලගත්තම දන්නවනේ..මොනවද කරන්නේ දැන්..කෑවද.. බිව්වද..#වද.. ඔන්න ඕවා තමයි අහන්නේ..මන් හිමිහිට ශේපක් දාලා කැපුනා.. කැපෙන්න මෙච්ච්‍ර වෙලා යන්වද යකෝ....ආ..ඕක ශීට් එක ඇතුලට දාලා නැගපන් ඉතින් ඉක්මනට..අරුන් මැච් 2ක්වත් ගහලා ඉවර ඇති දැන්නම්.... අනේ යකෝ..අපි නැතුව ඕකුන් ගහන මැච්..ස්ලෝව් එකේ යමන්..ඕකුන් අපි එනකන් මැච් ගහන්නේ නෑ.. උබලා කොහේද බන් මෙච්චර වෙලා අතුරුදහන් වුනේ..නිවන්තයා ගෙදර ඇතුලේ දාලා ගෙදර මිනිස්සු ලොක් කරලද හිටියේ උබ යනකොට..ඇයි යකෝ බලපන් වෙලාව කීයද කියලා...කියන්නේ නම් වෙලාවට එන්නම්..දිනුජයව එවපන් වෙලාවට ගෙදර ගාවට..උබල නම් වෙලාවට වැඩක් කරන්නේ නෑ.. යැයි..යැයි..ඒ මොනව කිව්වත් වෙලාවට වැඩ නෑ උබගේ.. අනේ පලයන් බන් යන්න චරිත්..තොපිට කන්න දෙන්න රෙද්දවල් ගන්න ඕන හින්දා තමයි මෙච්චර වෙලා ගියේ..නැත්නම් මීට කලින් ඇවිල්ලා.. මම එහෙම කිව්වේ අතේ තිබ්බ කෑම ටික උඩට උස්සලා පෙන්නන ගමන්.. අම්මටසිරි..උබ නම් මගේ එකා බන්..කිව්ව විදියටම කන අරන් ඇවිල්ලා..මාත් බයිට් අරන් ආවා කන්න..ඔය ටික එල්ලපන් බයික් එකේම..එල්ලලා බයික් එක දාපන් අර ගහ යටට.. එහෙම කියන් සතා මගේ අතින් බැට් එක ගත්තා.... හ්ම්..හ්ම්..මන් ඒක දාලා එන්නම්..කෝ යතුර දියන් ඉතින්.. යතුර ඒකෙමයි ඇත්තේ.. හා..හා.. ┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉ ඔව්ව්...සතාගේ කන්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් සේමසිංහව නව පන්දුවාරය සදහා කැදවා තිබෙනවා..ඒ දැන් අභියෝගයක්ව පවතින දිනුජය- නිවන්තක අතර ගොඩ නැගුනු 100* සම්බන්ධතාවය බිද හෙලීම සදහා..නිවන්තක අර්ධ ශතකය අබියස..ඔව්..දැන් නව පන්දු ඕවරයේ පලමු පන්දුව ක්‍රියාත්මක කරනවා....ඔව්..පන්දුව වේගයෙන් ඇදී යනවා පිතිකරු නිවන්තක වෙතට..ඔව් පිත්තේ මැද වැදුනු පන්දුව ඉහලින් ඇදී යනවා..ඔව්ව්..ක්‍රීඩකයෙක් ස්ථානගත වෙනවා..රැකගනීවිද.. ඒ අල්ලපන් බන් ඕක...අල්ලපන්..අනේ බල්ලා ආයේ බෑවනේ..මොකද්ද හුයන්නෝ කරන්නේ..දැන් උබ බෑවේ කී වෙනි කැච් එකද ආ.... ඔව්ව්..රැකගන්නට අවස්ථාවක් නැහැ..රැකගන්නට අවස්ථාවක් නෑ......පන්දුව ගිලිහී යනවා..ඒත් සමගම නිවන්තක ක්‍රීඩකයා තම අභියෝගකාරී අර්ධ ශතකය සපුරා ගන්නවා.. අනේ මන්දා ඔය බෝලේ අතට අහුවෙන්නේ නෑ බන්..නැත්නම් මන් අල්ලලා මේ වෙනකොට.. අල්ලලා උබේ... මන් කියන්නෑ ඉතින්..උබ හරියන්නේ නෑ..මේ නිවන්තයා අවුට් කරගන්න තිබ්බ බින්දුවටම..ඒ කැච් එකත් තෝමයි මිස් කරේ..දැන් මේ සැරේ උගේම කැච් එක ආයෙත් මිස් කරා..අනේ මන්දා..තෝ නම්..මූ නම් අද 100ත් ගහනෝ අනිවාරෙන් මෙහෙම ගියොත්... ඒනම් මට කීපර් දීපන්.. කීපර්..කීපර් දුන්නොත් එතන ඉදලා පිටිපස්සට දිගට හරහට Boundary ම තමයි.. අනේ උබ පලයන් යන්න...ඒම අතාරින්න මන් දික්වැල්ල නෙමේ යකෝ... ඒ බන්..දැන් මහන්සියි නේ මොනවා හරි කාලා ඉමු නේ..ඒ තීක්ෂණයා උබටත් Commentary කරලා මහන්සි ඇතිනේ.. අවුලකුත් නෑ..හැබැයි ස්ප්‍රයිට් ටිකක් තිබ්බනම් මරු... උබලගෙර් ඉතින් කන වැඩේමනේ තියෙන්නේ..ආ ගනින් ගනින් එහෙනම් කන්න.. මට මොකුත් ඕන නෑ..ස්ප්‍රයිට් එකක් විතරක් ඇරලා දිපන් ඒ ඇති....ඉන්න බෑ තිබහයි.. අපෝ ඔව්..කැච් බාලා වෙන්න ඇති තොට මහන්සි.. අනේ උබේ කටවහන් මෙහේ දීපන් ඕක...පොඩි පොඩි සීන් වෙනෝ ඒවා ගනන් ගන්න එපා වැඩිය.. ආ..ගනින් ගනින්..උබේ පිහිටෙන් උන් අද ගෙදර යනකන්ම බැට් කරනෝ මම දන්නෝ..ලොකුවට ටෙස්ට් එකක් ගහමු කියලා දැන් කෙලව ගත්ත ඇතිද.. ┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉ ගොඩ කාලෙකින් නේද බන් අපි මෙහෙම සෙට් වෙලා මැච් එකක් ගැහුවේ..ඉස්සර දාඩිය පෙරාගෙන මැච් සෙල්ලම් කරේ..දැන් ඒම කරන්න වෙලාවකුත් නෑ..සෙට් එකකුත් නෑ...ඒ කාලේ හිටිය උන් එක එක තැන්වලනේ දැන්... ඒක නම් ඇත්ත බන්..ආයේ මේ සිකුරාදත් සෙට් වෙමු මේ වෙලාවටම..තව මැච් දෙක තුනක් සෙල්ලම් කරමු එදාට..හැබැයි සතා..උබ තමයි එදාට කන්න ගේන්න ඕන..ඇහුනද උබට... ඇහුනෙ නෑනේ..මොකද්ද උබ කිව්වේ..ඒ දිනුවා මෙන්න උබට මොකද්ද කියනවා නිවන්තයා..අන්න කියපන් දිනුවට.. ආ...බයික් එක අරන් මාව ගෙදරට දාල වරෙන්..අද තාත්තා ගෙදර එනව බන් ඒ නිසා ගොඩක් රෑ වෙන්න එපා කිව්වා.. අම්මෝ..අම්මෝ..ගෙදරින් කියන දේ අහන එකා..මූ එක සිරිමත් දෙක..හොදයි හොදයි.. ඒනම් මන් කැපුනා..උබලත් පරිස්සමින් ගෙදර පලයන්..හෙට ඉස්කෝලේ වරෙන් අනිවා හරිනේ එහෙනම්.. හරි ඒනම්..උබලත් පරිස්සමින්..ඒ දිනුවා..මූව ගෙදර දාලා උබ වරෙන් ආයේ මෙතනටම..චරිතයවයි මාවයි ශෙහානයයි ගිහින් දාන්න ඕන ගෙවල්වලට... එහෙනම් අද තෝ මට තෙල් ගහලා දීපන් හරිනේ..1000 තෙල් ගහලා ඕන අද මට.. සලකා බලමු..එහෙනම් පරිස්සමින් පලයන් නිවන්තයා..දිනුවා උබ වරෙන් අනිවාරෙන් ඒනම් ආයේ මෙතනටම... හ්ම්..මන් එන්නම්..හැබැයි තෙල් ගහලා ඕන එච්චරයි...හරිනේ එහෙනම්.. *×××××××××××××××××××××××××××××××××××××××××××××××××××* *ZØØ₦**🫶🏻 *මේක වෙනස්ම මානෙකට යන කතාවක්..😼🩶* *ඔයාලගේ React එකකින් සපෝර්ට් එකක් දෙමු ඒනම්..🫨🫱🏻‍🫲🏻* *_Writer : Thisula Thiwanka✍🏻❤️_*

❤️ 👍 😮 🔜 😂 ➡️ 🙂‍↕ 🤣 65
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:50:05 PM

*• සෙදෝ මැණිකේ •* පෙර කොටසින් ...දෙදෙනාම ගෙවල් වලට බොරු කියා සොහොන වෙත ආවේ මිනියට පණ දීමටය. ---------------------------------------------- රෑ 12.30 පමණ වන විට මිනිය ගොඩ ගැනීමට තරුණයයන් දෙදෙනා සමත් වූ අතර වයස 19ක් පමණැති මියගිය නමුදු රූමත් පිරිපුන් සිරුරැති යුවතිය නිසොල්මන්ව මොවුන් ඉදිරිපස වැතිර සිටියාය.ඉදිරි කටයුතු සදහා අවශ්‍ය අඩුම කුඩුම සකසමින් සිටි සදුන් දුටුවේ මිය ගිය යුවතිය දෙසම බලා සිටින සුද්දාවය.. 'සුද්දො උබට පිස්සුද බං..ඔය මැරිච්ච එකී දිහා බලං ඉන්නෙ,ඕකි මැරිල තියෙන්නෙත් බෙල්ලෙ වැල දා ගෙනලු..ඔන්න ඔය මල් තටුව දීපං' ඕං ශි වනතුං වය්කප ඛං මහ් ............ මෙලෙස පුස්කොල පොතට අනුව සදුන් මතුරන අතර සුද්දාද ඔහුට උදවු දෙමින් පාලු සොහොනේ හෝරා කිහිපයක් ම ගෙවුවෝය. උලලේනුන්ගේ කෑ ගැසිල්ලද නරියන්ගෙ හූ හඩෙහිද අඩුවක් නම් ඒ රැයෙහි නොවූ අතර වේගයෙං හමන තද සිහිං සුළගද මිතුරන් දෙදෙනාට මහත් බාධාවක් විය. 'අම්බොහ් පට්ට හීතලක් නෙ බං තියෙන්නෙ සදුවො...ඕක තාමත් ඉවර නැද්ද දැං උදේ 4.30 විතර වෙලා බං' 'ඒකනෙ බං මම පුලුවං තරං හරියටම වැඩේ කරා බං තාම කිසිම හැල හොල්මනක් නැනෙ...එහෙම වෙන්න බෑ බං දැං හරිනං මේකිට පණ එන්න ඕන...' 'උබට වැරදෙන්නැති බං කොහෙහරි ඕව කරල පුරුදු වැඩ නෙවෙනෙ යමං ගෙදර' ලෙසිං පැවසූ සුද්දා සදුන්ද රැගෙන නිවෙස්වලට ආවෝ ය. පසුදා දහවල් 1.00පමණ වන විට සදුන්ගෙ නිවසට සුද්දා දිව ආවේ හති හලමිනි. 'සදුවො සෙදෝ ට පණ ඇවිත් බං. අර සේතං ඒකිව දැකල කැලේ ගාව ඉන්නව...ඒත්...ඒත් බං ඒකි ව බලන්නවත් බැහැයිලු බඩේ නහර එලියට ඇවිත්ලු... සේතං ට නං තාම උණ විකාරෙං කියවන්නේ...උබෙ ආතා ආවෙ නැද්ද තාමත්...' 'ආතා නං හවසට එනවලු බං.අනිවාරෙං දැං ඔය සේතනුත් එනවනෙ ආතව හම්බෙන්න...අහුවේවිද දන්නෙත් නෑ අපේ වැඩේ...ඒත් බං ඒක වැරදෙන්නෙ කොහොමද? ඒකිට පණ එන්නෝනෙ ඔහොම නෙවෙයිනේ බං...ඔය කියන විදියට නං ඒකි යකින්නක් වගේ ඇතිනෙ...' 'ඒක තමා බං උබට ඕනනං සීයටත් කියල මේකට මොනවහරි කරපං...' මෙලෙස පැවසූ සුද්දා කැලේ අසලිං ගෙදර ගියේ තමාටද සෙදෝව මුණ ගැසේදෝයි බියෙනි.එක්වර ම ඔහු පසුපසින් කාන්තාවකගෙ හඩක් ඇසිණි. 'සුද්දයියා.....' -ඇසූ කතාවක් ඇසුරිනි- *-sewmi-*🩶

❤️ 😮 👍 😢 👹 👻 🔜 🫀 58
හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
2/28/2025, 1:43:55 PM

*|| නිකිණි මල පරවිය ||* 😽💗 ⭕ *|| කලින් කොටස* 👉 https://whatsapp.com/channel/0029VadbOugDZ4LY4YQvca1y/8121 ⭕ *|| අද කොටස* 👇 > *Ghost Story Channel Sinhala* 🇱🇰

Post image
❤️ 3
Image
Link copied to clipboard!