හොල්මන් කතා 🇱🇰
                                
                            
                            
                    
                                
                                
                                February 13, 2025 at 02:38 PM
                               
                            
                        
                            ~සේයා~💀🩸
 
( *හයවන දිගහැරුම/ අවසන් කොටස)* 
සේ.......යා
පොත කියවමින් සිටින සේයාට කැළය දෙසින්  ඇසුනේ තමාගේ නම කියා අමතන කාරුණික කාන්තා කටහඬකි.එයට සවන් දීගෙන සිටි සේයාට ඒ කවුරුන් ද යන්න පිළිබද  ඇති වූයේ කුතුහලයක් මෙන්ම බියකි.
ක..ක..වුද?
 සේයා.. එන්න මම ඔයාගේ යාලුවා
ක..ක..කවුද?
 සේයා මම ලියාරා
එවිටම පාසල් වත්තත් කැලයත් වෙන් වන මායිමේ තිබූ මහ රූස්ස ගසක් අස්සෙන් ලියාරා එබිකම් කර අතර සිනා මුසු මුහුනින් ඇය සේයාට එන ලෙස ඉගි කලාය. මහත් පුදුමයටත් බියටත් පත්ව සිටි සේයා මද වේලාවක් නොසෙල් වී බලා සිටියාය.
ඇය  ඇද සිටියේ එදා චාරිකාවේ දී බංගලාවට යන විට ඇද සිටි තනි කලු උර පටි සහිත  ගවුම වූ අතර එදින මෙන්ම අදද කොණ්ඩය පිටිපස්සට පීරා තනි කොන්ඩයක් ගොතා සිටියා ය .
"සේයා මේ බලන්න එදා ඔයා මට දුන්න චොකලට් ඒවා තාම මම ළග තියනවා"
"මේ..මේ ඇත්තටම ඔයාද ඔ..ඔ..ඔයා ත..තාම ජීවත් වෙ...වෙනවා . "
"ඔව් මම තමයි එන්නකෝ සේයා මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියනවා"
ඒත් සමගම උමතුවෙන් මෙන් සේයා කැළය දෙසට යන්නට වූ අතර ලියාරා තව තවත් කැළය ඇතුළට දිව ගියාය.අවසානයේ ඇය දුව ගොස් නතර වූයේ  විශාල කොස් ගසක් අසළ වූ  අතර එම ස්ථානයේ තැන් පහක කළු හා කහ පැහැ  ඉරි සහිත පටි වලින් වට කර තිබූ අතර සේයාට      ඉන් වැටහී ගියේ පෙර සිදූ ඝාතන සියල්ල මෙම ස්ථානයේ සිදු වූ බවයි .
'ඇ...ඇ...ඇයි ඔ..ඔ..ඔයා මා..ව මෙ..මෙතනට එක්ක..න් ආවේ?"
"මම ඒක ඔයා ට කියන්න ම් .ඊට කලින් ඔයා මම අහන දේට උත්තර දීලා ඉන්න"
"මො..මොකක්ද ?"
"ඇයි එදා ඔයාලා මාව දාලා දිව්වේ ? එහෙම යද්දී මම ගැන පොඩි දුකක්වත් හිතුනේ නැද්ද සේයා ?"
බ..බ..බයට දිව්..දිව්වේ 
"නෑ උබලට ගානක් තිබ්බේ නෑ මොකද මම අනාත ළමෙක් නිසා"
එසේ කියමින් ලියාරා  උමතුවෙන් මෙන් මහ හඩින් සිනා සෙන්නට වූ අතර  ඒත් සමගම ඇයගේ  පෙර පැවති පෙනුම වෙනස් වී විරූපි පෙනුමක් දිස් විය. කලින්  ගොතා සිටි කොණ්ඩය අවුල් වී හිසකෙස් මුහුණ මතට වැටුනු අතර ඇද සිටි ගවුම අව පැහැ වී එහි තැනින් තැන ලේ පැල්ලම් ඇති විය.පෙර පැවති පැහැපත් මුහුණ වෙනුවට මුහුනේ තැනින්  තැන පැලුම් මතු වූ අතර  ඒවායින් තද රත් පැහැ ලේ දාරා ගලන්නට විය.එමෙන්ම ඇයගේ ගෙල පෙදෙසේ විශාල කැපුමක් තිබූ අතර ඉන් ඕජස් ගලමින් තිබූ නිසා ඇය වෙතින් යම් දුගඳක් වහනය විය.ඇයගේ ඇස් තද රත් පැහැයට හැරී ඇය දැඩි කෝපයකින් පසු වන බව පෙනෙන්නට තිබුණි.
"මම එදා උබලාගෙන් උදාව් ඉල්ලා කෑ ගැහුවා.ඒත් උබලා මාව  ගනන් ගත්තේ නෑ . මම මැරුනා කියලා දැන ගත්ත ගමන් සවිරුලෑ තාත්තා කරේ මගේ මරණය යට ගහපු එක . මොකද මං ගැන හොයන් කවුරුත් නැති නිසා. උබලාත් මේ වෙනකම් මං ගැන හෙව්වෙවත් නෑ. මං උබලට සාප කරනවා"
             කියමින් ඇය මහ සද්දෙන් කෑ ගසන්නට වූ අතර එය දරා ගත නොහැකිව සේයා අත් දෙකෙන්ම කන් දෙක වසා ගත්තාය.
"මොකද උබට මං කියන එක  අහන්න ඉන්න බැරිද? හිටපං මං ඉක්මනට අනිත් උන් ගිය තැනටම යවනවා."
එසේ කියමින් ඇය සේයා  දෙසට එන්නට වූ අතර සේයා බියෙන් අඩියෙන් අඩිය පිටුපසට යන්නට විය.කෙමෙන් කෙමෙන් ඔවුන් අතර තිබූ දුර ප්‍රමාණය අඩු වත්ම සේයා පිටුපස හැරී දුවන්නට වූ අතර ඇය කැලය පුරා උමතුවෙන් මෙන් දුව ගියාය .
උබ කොහේ දිව්වත් උබට ගැලවීමක් නෑ . එසේ කියමින්  ඇය සේයා ඉදිරියට අවුත්  සේයාගේ ගෙල තද කරන්නට වූ අතර සේයා හුස්ම ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවාය.
***********************************
පාසල නිම වී සේයා තවම නිවසට නොපැමිණි නිසා ඇයගේ  දෙමව්පියන් පාසලේ සෑමතැනකම සොයා ඇය හමු නොවූ නිසා අවසානයේ තීරණය කරේ කැළයේ  සොයා බැලීමට ය.ගම් වාසින්ගේ ද සහය ඇතිව ඔවුන් කැළය පීරා සේයාව හෙව්වද ඇය හමු නොවූ අතර අවසානයේ ඔවුන් ආපසු හැරී එන විට යම් ඉකිබිදීමක් වැනි හඩක් ඇසෙන්නට විය.ඔවුන් ඒ හඩ ඇසෙන පෙදෙස සෝදිසි කරන්නට වූ අතර සේයා බිම වාඩි වී හඩමින් සිටියාය.
"අම්මොහ් දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ . මොනවද පුතේ මේ කැලයට වෙලා කරන්නේ ?"
සේයා දුවවිත් අම්මාව බදා ගෙන හඩන්නට වූවාය.
 *මොහොතකට පෙර* 
 සේයාගේ ගෙල පෙදෙස එන්න එන්නම තද වන බව දැනුනු සේයා අමාරුවෙන් දගලන්නට වූවාය.ඒත් සමගම ඇයගේ ගෙල ග්‍රහණයෙන් මිදුනු අතර එම ආත්මය මරලතෝනි  දෙන්නට විය . මද වේලාවක් කෑ ගසමින් උන් ඇය දැවී අලු වී යන්නට වූයෙන් බියට පත් සේයා දුවන්නට විය.
 *දින කිහිපයකට පසු* 
ආ එන්න එන්න මහත්තයා ඇවිත් ඈදී ගන්න. මහත්තයා ඊයෙ කාරණය කිව්වාට පස්සේ මම මේ බල බල හිටියේ කොයි වෙලේ ද එන්නෙ කියලා.එතකොට මේ දුව වෙන්න ඕනේ?"
"ඔව් ඔව් හාමුදුරුවනේ"
"කෝ දෙන්න බලන්න ඔය ළමයාගේ අත මෙහාට"
ම්ම් මම හිතුවා හරි මේ ළමයාට දෙවියන්ගේ බැල්ම තියනවා .ඒකයි අර අමනුෂ්‍ය ආත්මෙට මේ ළමයාට මොකුත් කරදරයක් කරන්න බැරි උනේ. "
"ඒ අමනුෂ්‍ය ආත්මය මේ දරුවාට මොනවද කිව්වේ"
"එයා අන්තිම මොහොතේ පිච්චිලා යන්න කලින් අමාරුවෙන් කිව්වා එයාට පින් ටිකක් දෙන්න කියලා."
"ඒක තමයි ඒ දරුවගේ අම්මත් තාත්තා ත් නෑ කිව්වනේ ඉතිං දාන මාන කටයුතු කෙරෙන්න නැතුව ඇති . පිං නැති නිසා තාමා ඒ  විදියට හොද ආත්මයකට යන්න බැරි වෙලා තියෙන්නේ" 
"ඒක තමයි හාමුදුරුවනේ  අපි හැදුවේ දානයක් දීලා ඒ දරුවට පිං දෙන්න"
"ඒක හොදයි . කෝකටත් මං මේ  බදින පිරිත් නූල දින හතක් යනකම් ගලවන්නේ නැතුව අතේම තියා ගන්න ඕනෑ."
"එහෙමයි හාමුදුරුවනේ"
********************************
 *දින තුනකට පසු* 
සදුදා දිනයක් වූ එදින සේයාගේ නිවසෙහි මිය ගිය සියලු  දෙනා වෙනුවෙන් පිං දී විශාල දානමය පිං කමක් පැවත් වුණි. 
ඊට දින කිහිපයකට පසු එක් රාත්‍රියක සේයා තද නින්දේ පසු වූ අතර ඇයට ලියාරාගේ රුව සිහිනෙන් පෙනෙන්නට විය. ලස්සන ධවල පැහැගත් ගවුමක් ඇද තනි කොණ්ඩයක් ගොතා සිටි ඇය සේයා දෙසට හැරී සිනා මුසු මුහුනින් අතවැනුවාය.
අවසානයේ ලියාරා ගේ ආත්මයට ද සැනසීම උදා  වූ අතර සේයා  ද වෙනදා මෙන්ම ඉගෙනීමේ කටයුතු  වලට මුල් තැන දෙමින් කාලය ගත කළාය.කෙතරම් කාර්යය බහුල වුවද ආගම දහමට නැඹුරුව සිටි සේයා සෑම ඉරිදාවකම පන්සල් ගොස් ආගමික වතාවත් කර මිය ගිය සියලු දෙනා වෙනුවන් පිං අනුමෝදන් කලාය.
--------------නිමි---------------
කොහොමද ළමායි කතාව? අඩු පාඩු තිබ්බ නම් සමාවෙන්න ඕනේ.🥲 අවසානය වෙනකම්ම කතාව කියවපු හැමෝටම, ගොඩක් ආදරෙයි 😌🫶🏻
මම 
 *_Oshi_🦇*
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            😮
                                        
                                    
                                        
                                            💓
                                        
                                    
                                        
                                            💗
                                        
                                    
                                        
                                            😊
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                        
                                            🥺
                                        
                                    
                                    
                                        139