හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
February 13, 2025 at 02:40 PM
හැමදාම අනුන්ගෙ හොල්මන් ගැන ලිව්ව මට ඊයෙ ඇත්තටම හොල්මන් පෙනුන ..😥 මීට දවස් දෙකකට කලින් මම ගියා මගේ යෙහෙලියකගෙ ගෙදර.එයා අම්ම කෙනෙක් වෙන්න ඉන්න නිසා මන් ඉතින් සති දෙකකට සැරයක් වගේ එයාලගෙ ගෙදර යනව.එයාටත් තමන්ගෙ කියල ඉන්නෙ මන් විතරයි. ඉතින් මමත් ඔෆ් වෙලා බෝඩිමට නොගිහින් එහෙමම බස් එකට නැග්ගෙ වෙලා ගියොත් රෑ වෙන නිසා.මොකද බස් එකෙන් බැහැල අතුරු පාරක ටිකක් ඇතුලට යන්න ඔනේ. මන් බස් එකට නගිද්දි 6වෙලාව.වෙනද හැටට හැටේ ශ්‍රි ල0කන් එයා ලයින් වගේ යන බස් එක මගේ කරුමෙට ගියේ අවුරුදු 90ක් පැනපු ආච්චි කෙනෙක් වගේ. ඇගට දැනුනු විඩාවයි එක්ක හිතට තරහකුත් ආවෙ නැතුවමත් නෙමෙයි. ඉතින් මගෙ යාලුවා මට කෙටි පනිවිඩයක් එවල තිබුන එද්දි චිකන් අරන් එන්න කියල.බස් එකෙන් කඩි මුඩියෙ බැහැ ගත්ත මන් පාර මාරු වෙලා අසල තිබ්බ මස් කඩෙන් චිකනුත් අරන් ගෙවල් වලට යන පාරට හැරුන.ටික දුරක් යද්දි තුන් මන් හන්ඩියක් තියනව එතනින් හැරිල තමය් යන්න ඔනෙ.මන් හැරෙද්දි මට දැනුන කවෘ හරි මගෙ පස්සෙන් එනව. එ එක්කම එක පාරට මගෙ ඇගෙ තඩි වව්ලෙක් හැපුනා.අනේ ඉතින් තිස් තුන් කොටියක් දෙවියොන්ගෙ නමුයි ගාතා දන්න තරමකුයි මතක් කර කර බෑග් එක කරට අරන් දිව්වා. අමතක උනා මන් දුවන කලිම් හැරිලත් බැලුව එත් කව්ෘත් හිටියෙ නෑ. කොහොම හරි ගෙදරට අව.ආව නෙමෙයි පන බයට පියාබුව.අනේ ඉතින් මේක කාට කියන්නද.යාලුවට කියන්නත් බෑ.කොහොම හරි ඉවසගෙන අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඉව්ව.උයල කාල ඉද්දි මගෙ ඔලුව රිඩෙන්න ගත්ත.ඉතින් මන් එයාටත් කියල නින්දට ගියා. එද රෑ කිසිම ප්‍රශ්නයක් නෑ.ඉතින් පහුවදා හවස මන් බෝඩිමට ආවා.ඔන්න රෑ තමයි හොදම හරිය.මෙච්චර අතල් එකේ ලිව්වට පන බයයි දෙයියනේ මන්. රෑ 10ට විතර මන් නින්දට යන්න අවා.එත් මගෙ ඔලුව කැක්කුම හොද වෙලා තිබ්බ්‍ර් නැ. රෑ මන් දැක්ක කලු පාට උසට උසේ මිනිහෙක් මන් ලගට එනව.මුනක් නා එයාට.අඇවිත් එක පාරටම ලගට ඇවිත් මාව හීරුව.ඒ පාරවල් මගෙ අඇගෙ තියනව.මම් පොටෝ එකක් දාන්නම්.මන් එක පාරට බය වෙලා නැගිට්ට.කඑරුත් නෑ.බය වැඩ් කමට එදා නින්ද ගිඋඒ නෑ.අත් බලද්දි හීරිලා.මේ දවස් ටිකේම එහෙමයි. අද නම් තෙල් සාත්තුවක් කරන්න ඉන්නෙ.බලමුකෝ අඩත් ...😥😥😥😥😥මෙ පහල අතේ හීරුන එක.මීටත් වඩා කොන්දෙ දනහිසෙන් උඩ කකුල්‍ර් හුරපු පාරවල් තියනව
😮 ❤️ 😂 😢 👍 🐺 👀 👎 💀 😫 105

Comments