හොල්මන් කතා 🇱🇰
                                
                            
                            
                    
                                
                                
                                February 15, 2025 at 03:50 PM
                               
                            
                        
                            මම මේ කියන කතාව ඔයාව විද්වාස කරයිදනම් දන්නෙ නෑ....
කලත් නැතත් කමක් නෑ මට මේක ඔයාල එක්ක බෙදාගන්න හිතුනා
මගෙ අම්මයි තාත්තයි ගෙදර නෑ එයාල උදේට වැඩට ගියහම එන්නෙ රෑ 8ට 9ට වගේ ඉතිම් මම ගෙදර ඉන්නෙ ගොඩාක් වෙලාවට තනියම... ඒක මට දැන් හොදට හුරුයි.. මම හොල්මන් අවතාර කිසිම දෙයක් පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෙනෑ බයත් නෑ... මම මගෙ පාඩම් වැඩත් බලාගෙන කම්මැලි වෙලාවට ෆෝන් එක බලන්න පුරුදු වෙලා ඉදියා.. මෙහෙම කාලයක් මගෙ වැඩ කරගෙන ඉන්නකොට පෙරේදා හරියටම 2025-01-28 රෑ 7ට 7.30 ට විතර හොදටම වැස්සා කම්මැලි කමට මම දොරවල් සේරම වහගෙන හොදට නින්දක් දැන්ම (නිදාගත්තෙ 6ට විතර) කොහොම හරි ඒ වෙලාවට වගේ වැස්සත් එක්ක මට අම්ම කතා කරනව ඇහුන හොදටම ඇහුනා මම නැගිටල වෙලාවත් බලල ඒත් ඒ වෙලාවට අම්මා එන්න කෝමවත් බැරි නිසාත් අනික ආවත් එන්නෙ තාත්තත් එක්ක නිසාත් මං පොඩ්ඩක් වෙලා කන්දුන්නා අම්මමද කියල බලන්න. ඔව් ඒ අම්මම තමයි මං කෑගහගෙන එනෝ කියාගෙන දොර අරින්න ගියා මොකද මං හිතුව මොකක් හරි හේතුවක් නිසා අම්ම වේලාසන ඇවිත් ඇති කියල. මං දොරගාවට යනකනුත් දොරට හොදටම තඩි බෑවා කෑ ගහ ගහ වැස්ස නිසා කියල හිතපු මම ටග්ගාලා දුවල ඇවිත් දොර ඇරියා.... ඒත් උනේ හිතුවෙවත්නැති දෙයක් දොර ගාව කවුරුත් නෑ හැබැයි ප්‍රෙමන්ට් එක හොදටම තෙමිලා මං අම්මට දෙතුන් පාරක් කතා කල කිසිම උත්තරයක් නෑ .. ඒ වෙලාවෙනම් මම ටිකක් ගැස්සුනා.. බය උන පාරට ඉක්මනටම දොරත් වහලා දාලා ඉක්මනටම කබරේට ගියා ඔහොම කල්පනා කර කර ඉන්නකොට 8.30 ට විතර අම්මයි තාත්තයි දෙන්නම ආවා ඒ පාරනම් දෙන්නම ඉදියා ඊට පස්සෙ අම්මට මම මේ විස්තරේ කිව්වම එයා කිව්ව මම නිදිමතේ මට ඇහුන දෙයක් වෙන්නැති කියල. ඒත් මට හොදටම විශ්වාසයි මම හොද සිහියෙන් ඉදියෙ... ඒක ඔහොම්මම මාත් අමතක කලා ඒත් හිතාගන්නවත් බැරි විදිහට ඒ කියන්නෙ ඊයේ 2025-01-30 ඔය ටික ඔය විදිහටම උනා හැබැයි වැස්සක් පේන මානකවත් තිබ්බෙ නෑ 😳 මං හොදටම බය උනා මං දොරගාවට සද්ද නැතුව ගිහින් හොදටම කන්දුන්නා ඒ අම්මමද කියල බලන්න. අම්මම තමා මං දන්නවනෙ අම්මගෙ කටහඩ මං ඒපාරත් දොර ඇරල බැලුව ඒත් කවුරුත් ඉදියෙ නෑ කලින් දවසෙ වගේම තමයි කිසිම කෙනෙක් නෑ මං හොදටම බය උනා ටග් ගාල දොර වහල එහෙම්මම අම්මට කෝල් කලා අම්ම කිව්ව එන ගමන් කියල මම අම්මල එනකම්ම කෝල් එකේ ඉදියා...මං දන්නෑ ඒ කව්ද විහිලුවට කරනවද කියල ඒත් මට විශ්වාසයි ඒක විහිලුවක් වෙන්න බෑ අම්මගෙ කටහඩ මං හොදටම දන්නවා... මේකට හේතුවක් හරි මොකක්ද මේ වෙන්නෙ කියල දන්න කෙනෙක් කියනවද මං අදත් අම්මල ගෙදර එනකම් හරිම බයෙන් ඉන්නෙ 😖☹️
> උපුටා ගැනීමකි..
> මෙහි සම්පූර්ණ අයිතිය මුල් හිමි කරු සතුයී
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            😮
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            😂
                                        
                                    
                                        
                                            😯
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                    
                                        65