
NPP SUPPORT
January 18, 2025 at 01:21 AM
*වසර 64කට පසුව* අම්පාර දිස්ත්‍රික්කයේ දෙවන සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වාරය ආරම්භ කර තිබෙනවා .
මෙරට සීනි නිෂ්පාදන ඉතිහාසයට මෙය අලුත් පිටුවක් වෙන බවයි සඳහන් වන්නේ .
1961 වසරේ එනම් ගල්ඔය ව්‍යාපාරයේ ආරම්භක යුගයේදී හිගුරාන සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කෙරුණේ ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලාව ලෙසටයි.
කලක් මෙරට ප්‍රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක් වූ මෙය කාලයාගේ ඇවෑමෙන් බිද වැටීමට ලක්වුණා.
කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් වසර 15කට පසු දැන් යළි එය විවෘත කෙරුණා.
ඒ මෙහි කොටස් සියයට පනස් එකක් රජය සතුවත් කොටස් සියයට 49ක් පෞද්ගලික ආයෝජකයන් සතුවන ආකාරයටයි.
ඒ සඳහා ඉදිරිපත් වූයේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාර මහතායි.
මෙම කර්මාන්ත ශාලාවෙන් දෛනිකව උක් ටොන් දෙදහස් පන්සීයක් ඇඹරීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම නව කර්මාන්ත ශාලාව තුළින් වසරකට සීනි මෙට්‍රික් ටොන් පනස් දෙදහසක් නිශ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා.
-copied-
ජය🧭🇱🇰
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
❤️
👍
✊
🇱🇰
👊
💓
💪
😂
😢
🙏
87