
NPP SUPPORT
January 18, 2025 at 02:59 PM
🔴 *ජනපති ඩොලර් බිලියන 10 ක චීන ආයෝජන ගෙන එයි.*
ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී ශ්‍රී ලංකා රජය චීනය සමග අවබෝධතා ගිවිසුම් 15 කට අත්සන් තැබී ය.
සිය චීන සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍යවරයා හමු වී ද්වීපාර්ශ්ව සාකච්ඡා පැවැත්වීමට අමතරව, චීනයේ ප්‍රධාන ව්‍යාපාරිකයන් සමග වටමේස සාකච්ඡාවකටද එක් විය.
සිනොපෙක් සමාගම, හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සදහා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7 ක ආයෝජනයක් රැගෙන එන බව දැනුම් දී තිබුණේ එම සාකච්ඡාවේ දී ය.
ඊට අමතරව, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පැවති මෙම වටමේස සාකච්ඡාවේ දී තවත් චීන සමාගම් රැසක් ඉදිකිරීම්, මෝටර් රථ නිෂ්පාදන සහ බලශක්ති යන ක්ෂේත්‍ර සදහා ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
ඒ සියල්ල සමඟ එක්සත් ජනපද ඩොලර් බිලියන දහයක පමණ ආයෝජන රට තුළට රැගෙන ඒමට සිය චීන සංචාරයේ දී ජනාධිපතිවරයාට හැකි වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
> ©IRI News - 2025/01/18
ජය🧭🇱🇰
https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11
#nppsupport
❤️
👍
😂
🙏
✊
🎁
🎉
👏
😮
🫡
147