
❛❛ Foodies LK 🇱🇰 ❜❜
February 9, 2025 at 02:20 AM
හෑශ් බ්‍රවුන්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
☐ අල ගෙඩි 2
☐ බිත්තර 2
☐ පාන් පිටි මේස හැඳි 2
☐ ලුණු රස අනුව
☐ ගම්මිරිස් අවශ්‍ය නම්
අල ගෙඩිය පොතු හැර සිහින්ව ග්‍රේටරයකින් ග්‍රේට් කරගන්න. අයිස් වතුරට දමා, අයිස් වතුරෙන් එක වරක් සෝදා, හොඳින් මිරිකා වතුර ඉවත් කරගන්න.
බිත්තර දෙකට ලුණු, ගම්මිරිස් සහ පිටි එකතු කර හොඳින් බීට් කරගන්න. බිත්තර මිශ්‍රණයට අල එක් කර මිශ්‍ර කරගන්න.
නන්ස්ටික් පෑන් එකකට බටර් ස්වල්පයක් තවරා රත් වෙන්නට හරින්න. හැන්දකින් සාදාගත් මිශ්‍රණය පෑන් එකේ තැන තැන තබා, හැන්දෙන් තද කර, පැතලි කරගන්න. දෙපැත්තම රන් වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න.
https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d
Share කරන්න React කරන්න.....💖
Foodies LK
❤️
👅
💟
😂
😮
🙏
47