❛❛ Foodies LK 🇱🇰 ❜❜ WhatsApp Channel

❛❛ Foodies LK 🇱🇰 ❜❜

20.0K subscribers

Similar Channels

Swipe to see more

Posts

❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/23/2025, 1:09:44 AM

> _සැරට කන්න කැමතියට සැරටම සොසේජ්ස් කරියක රෙසපි එක ගෙනාවා... 🌶🔥_ *Spicy Sausages Curry*

❤️ 👍 ♥️ 🤤 🥵 😘 🩵 76
Video
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/23/2025, 10:39:07 AM

මේ වෙලාවට තිබුනනම් මරු නේද...☕

Post image
❤️ 👍 😋 😂 😢 😮 🤪 🫰 138
Image
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/29/2025, 2:48:49 AM

අවශ්‍ය ද්‍රව්‍ය ⛦පාන් පිටි 1kg ⛦සීනි 100 g ⛦මාජරින් 100 g ⛦යීස්ට් 15 g ⛦ලුණු සහ වතුර අවශ්‍ය ප්‍රමාණ​යට සාදන ක්‍රමය මුලින්ම පාන්පිටි සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කරලා වතුර දමා අතින් කළවම් කරන්න. වතුර ටිකක් වැඩි පුර දමා අතේ නොඇලෙන පදමට අනාගන්න. ඒ පිටි මෝලිය දෙගුණයක් සයිස් පිපෙනකම් උණුසුම් තැනක තබන්න. දැන් හොඳින් පිපුණු පිටි මෝලියෙන් පිටි ගුලි කඩා එය අතින් ඇද අඩි 2 ක් පමණ දිගට තියන විදියට සාදා ගන්න. ඒ පිටි තීරු ලෑල්ලක් මත දමා අතින් රෝල් කර රවුමේ හැඩයක් ගන්න. දැන් අතින් රවුම් කර ගත් පිටි බෝල ටික පිපීම සදහා යළිත් පැය භාගයක් වගේ තියන්න. දැන් රවුම් කර ගත් පිටි බෝල බේකින් තැටියකට දමා බටර් බනිස් ගෙඩියේ හැඩයට එන පරිදි රවුමට අතින් සකස් කරන්න. ඊට උඩින් වතුර හෝ කිරි ටිකක් තවරලා ඒ මත සීනි ඉහගන්​න. ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 15ක් පමණ කාලයක් සෙල්සියස් 180°ට බේක් කරගන්න. https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....🫣💞 Foodies LK 🇱🇰

Post image
❤️ 👍 😂 19
Image
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/25/2025, 1:29:35 PM

React කරන්නෝ 🌝💕✨

❤️ 👍 🫆 🌝 💗 💜 😌 🙂‍↔ 🙏 42
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/25/2025, 1:07:16 PM

🤍❤

Post image
❤️ 🤍 👍 2⃣ 🫶 2️⃣ ♥️ 🍰 🤮 314
Image
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/26/2025, 9:03:28 PM

ගුඩ් මෝනිම් ❤

❤️ 💗 29
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/29/2025, 3:04:53 AM

*Manggo ice cream 🤤🧡*

Post image
❤️ 👍 💛 🤤 😋 🧡 😊 😢 😫 66
Image
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/29/2025, 2:58:55 AM

කස්ටඩ් පුඩින් අවශ්‍ය ද්‍රව්‍ය: 💛 කස්ටඩ් පවුඩර් මේස හැඳි 4 💛 Fresh Milk හෝ එළකිරි 500ml ️💛 සීනි මේස හැඳි 4/5 💛 වැනිලා තේ හැඳි 2 සාදන ක්‍රමය: මුලින්ම පුඩින් එක දමන භාජනය සූදානම් කරගෙන ඉමු... මේ සඳහා ඔබ භාවිතා කරන්න වීදුරු හෝ ඇලුමිනියම් භාජනය ගෙන එහි තෙල් ස්වල්පයක් තවරා ගන්න. මෙමගින් අපට පුඩින් එක ලෙහෙසියෙන් unmold කරගැනීමට (ගලවා ගැනීමට) හැකියාව ලැබෙනවා. දැන් fresh milk වලින් භාගයක් ගෙන කස්ටඩ් පවුඩර් වලට දමා කස්ටඩ් එකේ කැට නැති වන තුරු හොඳින් දියකර ගන්න. මීළඟට භාජනයක් ලිපතබා ඉතුරු කිරි ටික හා සීනි එකතු කර ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන කිරි ටික උතුරනකං හොඳින් හැඳි ගාන්න. කිරි එක උතුර ගෙන එනකොට ලිපේ ගින්දර අඩු කරලා අපි කලින් හදාගත්ත කස්ටඩ් මිශ්‍රණය නැවත වරක් හොඳින් හැඳි ගාගෙන මේ කිරි එකට එකතු කරන්න. වැනිලා මේස හැදි 2ත් මේකටම දාගන්න. දැන් මේ කස්ටර්ඩ් මිශ්‍රණය ඝන වෙනකන් නොනවත්වා විනාඩි 3ක් 4ක් හොඳින් හැඳි ගාන්න. ලිපේ ගින්දර ඉතා අඩුවෙන් තියන්න මතක තියාගන්න. දැන් හැන්ද උඩට අරන් බැලුවොත් මිශ්‍රණය වැටෙන්නෙ නැතුව එහි රැඳිලා තියෙනවා ඔබට පෙනෙයි. ඒ වගේම මේ වෙනකොට මිශ්‍රණයෙන් බුබුළු දානවා බලා ගන්නත් පුළුවන්... දැන් අපේ කස්ටඩ් මිශ්‍රණය ලිපෙන් ඉවතට අරගෙන කලින් හදාගත්ත පුඩින් භාජනයට දාගන්න. දැන් මේ පුඩින් භාජනය වායු බුබුලු ඉවත් කර ගැනීම සදහා මේසය මත දෙතුන් පාරක් tap කරලා පැයක් පමණ එළියෙන් නිවෙන්න තියන්න. පස්සේ පැය දෙකක් ශීතකරනයේ යට කොටසේ දාල තියන්න. දැන් අපිට පුළුවන් මේක කෑමට ගන්න... https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....🫣💞 Foodies LK 🇱🇰

Post image
❤️ 👍 ❤‍🔥 💛 😮 27
Image
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/25/2025, 1:29:06 PM

පොල් කේක් රසට හදමු Coconut Cake අවශ්‍ය ද්‍රව්‍ය:- පොල් ගෙඩි 2 (පොල් සිහින්ව ගා ගන්න) පාන් පිටි ග්‍රෑම් 350 සීනි ග්‍රෑම් 750 බේකින් පවුඩර් තේ හැදි 1 කජු ග්‍රෑම් 100 වියලි මිදි ග්‍රෑම් 100 රට ඉදි ග්‍රෑම් 500 පැණි කෝප්ප 1 සාදන ක්‍රමය:- සීනි භාජනයකට දමා වතුර කෝප්ප 1 එකතු කර හොදින් මිශ්‍ර කරන්න.මද ගින්දරේ උනු කරන්න. සීනි හොදින් නටන විට පැණි කෝප්ප 1 එකතු කර හැදි ගාන්න. දැන් මෙයට සිහින්ව ගා ගත් පොල් ටික එකතු කර කලවම් කරන්න. පාන් පිටි වලට බේකින් පවුඩර් එකතු කර හලා ගන්න. ඉහත මිශ්‍රණයට පාන් පිටි එකතු කරන්න. දැන් කපා ගත් රට ඉදි ,කජු, වියලි මිදි මෙම මිශ්‍රණයට එකතු කරන්න. දැන් පත්තර පිටු කීපයක් දමා ගත් තැටියට උඩින් මාගරින් හෝ තෙල් ගාන ලද තෙල් කඩදාසිය ට්‍රේ එකට අතුරන්න. දැන් මෙම කේක් මිශ්‍රණය තැටියට දමන්න. කජු මද වලින් සරසන්න.180 ° ත් 200° අතර අවන් එකේ පැයක් පමණ බේක් කර ගන්න. කජු ,වියලි මිදි නැහැ කියලත් ප්‍රශ්නයක් නැහැ. Foodies LK

Post image
❤️ 👍 👄 😍 😩 80
Image
❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
5/25/2025, 1:05:40 PM

ෆජි වෝල්නට් බ්‍රව්නීස් ෆජි වෝල්නට් බ්‍රව්නීස් සාදන ප්‍රමාණය: බ්‍රව්නීස් කෑලි16ක් කාලය: විනාඩි 35ක් අවශ්‍ය ද්‍රව්‍ය ▣ ග්‍රෑම් 200ක් පාන් පිටි ▣ ග්‍රෑම් 40ක් පැණි රස නොකළ කොකෝවා කුඩු ▣ තේ හැඳි 1/2ක් බේකින් පවුඩර් ▣ තේ හැඳි 1/4ක් ලුණු ▣ ග්‍රෑම් 200ක් සීනි ▣ මිලි ලීටර් 120ක් එළවළු තෙල් ▣මිලි ලීටර් 120 ක් වතුර ▣ තේ හැඳි 1ක් වැනිලා එසන්ස් ▣ ග්‍රෑම් 100ක් කපාගත් වෝල්නට් ▣ ග්‍රෑම් 50ක් චොකලට් චිප්ස් 👉සාදන ක්‍රමය ⇛ මුලින්ම ඔයාගේ අවන් එක සෙල්සියස් අංශක 175ට (ෆැරන්හයිට් අංශක 350ට) රත් කරගන්න ඕනේ. මේක තමයි පළවෙනිම වැඩේ මතකනේ! ⇛ ඊළඟට භාජනයක් අරගෙන ඒකට පාන් පිටි, කොකෝවා කුඩු, බේකින් පවුඩර් සහ ලුණු එකතු කරලා හොඳට කලවමි කරගන්න. ඔය වියළි දේවල් ඔක්කොම හොඳින් මිශ්‍ර වෙන්න ඕනේ හොඳේ. ⇛ තවත් භාජනයක් අරගෙන ඒකට සීනි, තෙල්, වතුර සහ වැනිලා එකතු කරලා කලවම් කරන්න. මේකත් හොඳට මිශ්‍ර වෙලා එන්න ඕනේ. ⇛ දැන් අර කලින් මිශ්‍ර කරගත්ත වියළි දේවල් ටික මේ තෙත බේස් එකට දාලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ වෝල්නට් සහ චොකලට් චිප්ස් ටිකත් දාලා මෘදු විදියට කලවම් කරන්න. හරිම සරලයි නේද මේ වෙනකල්? ⇛ දැන් සෙන්ටිමීටර් 20ක හතරැස් බේකින් ට්‍රේ එකක් අරගෙන ඒක හොඳට ග්‍රීස් කරගන්න. බටර් හරි තෙල් හරි ගාලා ගන්න පුළුවන්. ඊට පස්සේ අර හදාගත්ත මිශ්‍රණය ඒකට දාන්න. ⇛ මේක දැන් විනාඩි 25ත් 30ත් අතර කාලයක් බේක් කරගන්න ඕනේ. ඒක හරියට බේක් වෙලාද කියලා බලන්න ටූත්පික් එකක් මැදට ගහලා බලන්න. ඒකේ ගොඩාක්ම තෙත ගතියක් නැතුව පොඩ්ඩක් තෙත ගතියක් එක්ක ආවොත් තමයි හරියටම බේක් වෙලා තියෙන්නේ. ⇛ අවන් එකෙන් එළියට ගත්තට පස්සේ ටිකක් නිවෙන්න තියන්න. ඊට පස්සේ ඔයාට කැමති හැඩේට කපාගන්න පුළුවන්. ප්‍රයෝජනවත් ටිප්ස්: ⇛ තවත් ෆජි ගතියක් ඕන නම් වතුර වෙනුවට කිරි දාන්න පුළුවන්. ඒකත් නියමයි! ⇛ චොකලට් රසය තවත් වැඩි කරගන්න ඕන නම් කෝපි මේස හැන්දක් එකතු කරන්න පුළුවන්. https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....🫣💞 Foodies LK 🇱🇰

Post image
❤️ 👍 😋 😮 🤎 35
Image
Link copied to clipboard!