❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
February 9, 2025 at 02:23 AM
චිකන් ස්ටෆ්ඩ් පොටෑටෝ අවශ්‍ය ද්‍රව්‍ය ☐ අල ගෙඩි 3ක් ☐ ෆ්‍රශ් මිල්ක් කප් 1/4 ☐ පාමසන් චීස් කප් 1/4 ☐ ලුණු ☐ ගම්මිරිස් ☐ තම්බා පොඩි කරගත් චිකන් කප් 1 ☐ චොප් කරගත් ළූණු ☐ මොසරැල්ල චීස් ☐ චොප් කරගත් පාස්ලි ටිකක් අල ගෙඩි බෙරි නොවෙන ගාණට තම්බා දෙපැත්තෙන් කුඩා පෙති දෙකක් ඉවත් කර හරස් අතට දෙකට කපාගන්න. (සිටුවා තබන්න පුළුවන් විදියට.) සෑම අල භාගයකම මැද හාරා ඉවත් කර වලක් සාදාගන්න. ඉවත් කරගත් අල කොටස් ටිකට කිරි, පාමසන් චීස්, ළූණු, ලුණු සහ ගම්මිරිස් එක් කර පොඩි කරගන්න. එයට චිකන් සහ පාස්ලි ටිකත් එක් කර මිශ්‍ර කරගන්න. සාදාගත් මිශ්‍රණය අල කප් වලට පුරවා, උඩින් මොසරැල්ලා චීස් ඉස, සෙල්සියස් 180ට විනාඩි 15ක් බේක් කරගන්න. https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....💖 Foodies LK
❤️ 😮 💗 💟 🙂 35

Comments