The News Plus
February 9, 2025 at 10:33 AM
ලෙබනනය භාරකාර කැබිනට් මණ්ඩලයක් යටතේ වසර දෙකක කාලයක් පාලනය වීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලයක් නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ බලය ක්‍රමිකව පහළ යමින් පවතින අවධියකයි අග්‍රාමාත්‍යවරයා නව රජයක් පිහිටුවීමට කටයුතු කළේ.
නව රජයක් පිහිටුවීම සඳහා වන නිවේදනය ලෙබනන ජනාධිපතිවරයා නිකුත් කර තිබුණා.
භාරකාර රජයේ ඉල්ලා අස්වීම තමා පිළිගන්නා බවත් අග්‍රාමාත්‍ය නවාෆ් සලාම්ගේ නායකත්වයෙන් යුතු අමාත්‍යවරුන් 24 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
2022 වසරේ සිට ලෙබනනය භාර කාර රජයක් යටතේ පාලනය වූ අතර එරට මේ වන විට දැඩි ආර්ථික කඩා වැටීමකට මුහුණ දී සිටිනවා.