
The News Plus
February 9, 2025 at 01:36 PM
බෝග නිෂ්පාදනයේ දී ඇතිවන වන අලි හානි අවම කිරීම සහා නියමු ව්‍යාපෘතියක් ලෙස මහවැලි ඊ කලාපයේ කුරුඳු වගාව ප්‍රචලිත කිරීම ආරම්භ කෙරුණා.
මහවැලි ඊ කලාපයේ හෙට්ටිපොල විල්ගමුව කොට්ඨාස තුළ කුරුඳු දු වගාව ප්‍රචලිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම කාලපයේ පැවැත්වෙන පුනරුද සතියට සමගාමීව විල්ගමුව සහ හෙට්ටිපොල ප්‍රදේශවල සිටින ගොවීන් සිය දෙනෙකු තෝරාගෙන එක් අයෙකු සඳහා කුරුඳු පැල 900ක් මේ යටතේ ලබාදීමට නියමිතයි.
කුරුඳු පැල ලක්ෂයක් නව ව්‍යාපෘතිය යටතේ වගා කිරීමට සැළසුම් කර තිබෙනවා.
මෙරට කුරුඳු සඳහා විදේශයන්හි ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මහවැලි ඊ කලාපයේ ගොවීන්ගේ ආර්ථිකය ද ශක්තිමත් කළ හැකි බවයි මහවැලි අධිකාරිය පවසන්නේ.
එමෙන්ම කුරුඳු වගාවට වන අලින්ගෙන් හානි සිදු නොවීම හේතුවෙන් ගැටලුවලින් තොරව වගාව සිදුකිරීමේ අවස්ථාව ගොවි ජනතාවට හිමිවනවා.