The News Plus
The News Plus
February 9, 2025 at 01:38 PM
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට (10) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා. මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ අනිත් සැම දිනකම S14 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිත අතර පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිය ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරෙනවා. පළමු පන්තියේ වෙන්කල ආසන (AFC)- රුපියල් 7,000ක්, දෙවන පංතියේ වෙන්කල ආසන (SCR) රුපියල් 6,000,තෙවන පංතියේ වෙන්කල ආසන (TCR) – රුපියල් 5,000ක්. පහත දැක්වෙන දර්ශන ස්ථානවලදී දුම්රිය මන්දගාමීව ගමන් කරනවා. 01. එල්ජින් දිය ඇල්ල 02. සමිට ලෙවල් දුම්රිය නතර කරන ස්ථාන 01. ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානය විනාඩි 06ක් 02. ආරුක්කු නවයේ පාලම විනාඩි 10ක්

Comments