❛❛ Foodies LK 🇱🇰 ❜❜
❛❛ Foodies LK 🇱🇰 ❜❜
February 11, 2025 at 04:49 PM
Chocolate Pancake අවශ්‍ය ද්‍රව්‍ය ★චොක්ලට් චිප්ස් කෝප්ප 1/4 ★බිත්තර 1 ★සීනි කෝප්ප 1/4 ★කිරි කෝප්ප 1 ★මෙල්ටඩ් බටර් මේසහැඳි 2 ★පාන්පිටි කෝප්ප 1 ★කොකෝවා පව්ඩර් කෝප්ප 1/4 ★බේකින් පව්ඩර් තේහැඳි 1 ★ලුණු ස්වල්පයක් ★බේකින් සෝඩා තේහැඳි 1/2 බොල් එකකට බිත්තරය හා සීනි දාමා හොඳට විස්ක් කරගන්න. ඊළඟට මේකට කිරි දාලා විස්ක් කරගන්න. වෙනම බෝල් එකකට පාන්පිටි, කොකෝවා පව්ඩර්, ලුණු බේකින් පව්ඩර් හා බේකින් සෝඩා දාලා හොඳට කලවම් කරගන්න. දැන් මේකට ටික ටික කිරි මිශ්‍රණය දාලා විස්ක් කරගන්න. මේකට චොක්ලට් චිප්ස් ටිකත් දාලා දියවෙනකල් විස්ක් කරගන්න. පෑන් එකට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න. https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d Share කරන්න React කරන්න.....💖 Foodies LK
❤️ 🍦 🤎 23

Comments