The News Plus
February 10, 2025 at 01:22 AM
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා අද (10) සිට 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදු කරන අතර එහිදී ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ද නියමිතයි.
එමෙන්ම එහිදී එරට ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.