The News Plus
The News Plus
February 10, 2025 at 07:20 AM
*🛑කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ ජීව උණ්ඩයක්* කටුණායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථය අසල තිබී මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් භූමි සහායක සේවිකාවක විසින් සොයාගත් මෙම උණ්ඩය වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපල පොලිසිය වෙත භාරදීට කටයුතු කළා. අද (10) අලුයම 03.15 ට පමණ මෙම උණ්ඩය සොයා ගෙන තිබෙනවා. මෙම උණ්ඩය සොයා ගත් ශ්‍රී ලංකන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ උණ්ඩය රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ගුවන් තොටුපල පොලිසිය පියවර ගත්තා. මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා

Comments