The News Plus
February 10, 2025 at 11:19 AM
*🛑අද සහ හෙට විදුලි කප්පාදුවක්*
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ වීදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා .
ඒ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ .
මේ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා .