
The News Plus
February 13, 2025 at 05:18 AM
කළුතර බෝධිය අසල කළුතර පාලම යට ප්‍රදේශයේදී පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ.
පුද්ගලයෙකු විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඊයේ (12) උදෑසන තමන් කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක් වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව තමා දුටු බවයි.
ඒ අනුව පොලීසිය විසින් කළ සෝදිසියේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් ස්ථානයේ ගමන් බෑගයක් තුල තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකුගේ හැදුනුම්පතක ඡායාරූපයක් ,බැංකු පාස් පොත් දෙකක් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර හමුවූ ලේඛන සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.